|

රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා මේ රටේ හැරවුම් ලක්ෂයයි ; යහපාලන ආණ්ඩුව නැවත ගොඩනැගිය හැකියි – එත්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත් විජයමුණි සොයිසා

සජිත් ප්‍රේමදාස මැතිතුමා අපේ අනාගත සිහිනයක් කිව්වොත් නිවැරදියි. අවංකව අද මම ආවේ මේක බලන්න. බොරුද ඇත්තද කියලා. මගෙ ඇඟට ලේ ඉනුවෙ අතිගරු ආචාර්ය මොහොමඩ් අල්රූමි ඕමාන් රටේ වායු හා ඉන්දන අමාත්‍යතුමා දැක්කට පස්සෙ. එක්සත් සන්ධාන පාර්ලිමෙන්තු මන්ත්‍රි විජිත් විජයමුණි සොයිසා එසේ ප්‍රකාශ කළේ හම්බනතොට මිරිජ්ජවිල ඛනිජ තෙල් පිරිපහදු මධ්‍යස්ථානයකට හා සිමෙන්ති නිෂ්පාදන කර්මාන්ත ශාලාවකට මුල්ගල තැබීමේ උත්සවයක දී ය. මෙම උත්සවයට විදේශ ආයෝජකයන් ද අග්‍රාමාත්‍යතුමා, සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු මැති අමතිවරුන් විශාල පිරිසක් සහභාගිවිය.

අපි හිතුවෙ අලියා ලොකු දෑවැන්ත සතෙක් වුණාට ඇහැ පුංචි නිසා අලියට අලියගෙ තරම තේරෙන්නෙ නෑ කියල. අපේ අගමැතිතුමාගෙ තරම දැනගත්තෙ දින පණස් දෙකේදී. අපේ අගමැතිතුමාගෙ හම හයියයි අලියගෙ වගෙ. එතුමත් ඇරියෙ නෑ. එක්සත් ජාතික පක්ෂයට අපි ගරු කළයුතුයි කියල මම කියනව.

රාජපක්ෂ සමාගම ආර්ථික කළමණාකරනය අසමත් කියල ලෝකෙටම පෙන්නුව. ආයෙනම් උන්දැලට රැවටෙන්නෙ නෑ. අග්‍රාමාත්‍යතුමා, ඔබතුමා තමයි මේ ආර්ථිකයේ හැරවුම් ලක්ෂය.

ඒ කාලයේ හරක්ට ලාඩම් ගහන ව්‍යාපෘතියක් ආවනම් ලංකාවට, පළමුවෙන්ම හම්බන්තොට හරක්ට තමයි ලාඩම් ගහන්නෙ. ඊට පස්සෙ රටේ අනෙක් අයට.

මේ රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔළුවෙන් අපි වැඩගන්න ඕනැ. එතකොට තමයි රටට ජයග්‍රහණය තියෙන්නෙ. මම අපේ ජනාධිපතිතුමාගෙනුත් ඉල්ලීමක් කරනව කකුල් දෙක අල්ලලා වැඳලා හරි, මේ යහපාලන ආණ්ඩුවෙන් බලාපොරොත්තු වුණා සංහිඳියාව. ප්‍රජාතන්ත්‍රවාදය බලාපොරොත්තු වුණා. ඒ සියල්ලම බොඳ වූ සිහිනයක් බවට පත්වීගෙන යනව. නමුත් අපි හිතනව, අපිට නැවත එය ගොඩනැගිය හැකියි කියල.

අපිත් තාම කල්පනා කරල බලනව. මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ, මේ දවස්වල කුට්ටම අනනවා. තාම කැපුවෙ නෑ. කැපුවම අපි හරි කොළේ ඉල්ලනව.

මනෝජ්

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *