පිටුවහල් කරනු ලැබූ නදීමාල් නිදහස් බන්ධාගාර නියාමක රිමාන්ඩ්

මෙරට පතාල නායකයකු වූ මාකඳුරේ මධූෂ් ඇතුළු 31 දෙනෙකු ඩුබාහි දී ජුමේරා මරීනා ප්‍රදේශයේ තරු හයේ හෝටලයක සාදයක් පවත්වමින් සිටිය දී එරට පොලිස් අත්අඩංගුවට පත්විය. ඒ පසුගිය පෙබරවාරි 05 වෙනිදින දී ය. ඒ කොකේන් නමැති විෂ මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීම භාවිත කිරීම ඇතුළු එරට නීති කඩකිරීමේ චෝදනා යටතේයි.

අත්අඩංගුවටපත් පිරිස අතර ජනප්‍රිය ගායක අමල් පෙරේරා, ඔහුගේ පුත් ගායක නදීමාල් පෙරේරා හා රංගන ශිල්පියකු වන රයන් වැන්රෝයි ද සිටියහ. දින පණහක් අත්අඩංගුවේ සිටීමෙන් අනතුරුව නදීමාල් පෙරේරා සහ බන්ධනාගාර නියාමක ලලිත් කුමාර ඩුබායි රාජ්‍යයෙන් ඊයේ (27) මෙරටට පිටුවහල් කරනු ලැබීය.

පිටුවහල් කිරීමෙන් පසු අමල්පෙරේරාගේ පුත් නදීමාල් පෙරේරා සහ බන්ධනාගාර නියාමකවරයා අද උදේ ඩුබායි රාජ්‍ය අයත් ෆලයි එයාර් යානයකින් ශ්‍රී ලංකාවට පැමිණි අතර ඔවුන් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී ආගමන විගමන නිලධාරින් බාරයට ගෙන අපරාධ පරීක්ෂ දෙපාර්තමේන්තුවට බාරදෙන ලදී. අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔවුන් දෙදෙනාගෙන් ප්‍රකාශ ලබාගන්නා ලදී.

අපරාධපරීක්ෂ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදෙමින් නදීමාල් පෙරේරා ප්‍රකාශ කර ඇත්තේ, තමන් මෙරටින් ඩුබායි රාජ්‍යට යෑමට පෙර තමා යන්නේ මාකඳුරේ මධූෂ්ගේ සාදයකට බව දැනගෙන සිටි බවයි.  ඒ පිළිබඳව තම පියා තමන් දැනුවත් කළ බව ද ඔහු සඳහන් කර ඇත. ඩුබායි සිට ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා ගුවන් ප්‍රෙව්ශ පත්‍රය ලබා දුන්නේ ඩුබාහි සිටින මාකඳුරේ මධූෂ්ගේ අනියම් බිරිඳ විසින් බවද ඔහු ප්‍රකාශ කර ඇත.

නදීමාල් පෙරේරා සමග පිටුවහල් කෙරුණු ලලිත් කුමාර කළුතර එතනමඩල ප්‍රදේශයේ දී බන්ධනාගාර බස් රථයකට වෙඩි ප්‍රහාර එල්ල කර සමයන් ඇතුළු හත් දෙනෙකු ඝාතනය කිරීමට සම්බන්ධ බවට ලද තොරතුරකට අනුව  ප්‍රශ්නකරමින් සිටී.

පැය අටක පමණ කාලයක් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව නදීමාල් (27) පස්වරු තුනට පමණ නිදහස් කෙරුවද බන්ධනාගාර නියාමක ලලිත් කුමාර අද දිනයේ නිදහස් නොකරන ලදී.

නිදහස් වූ නදීමාල් පෙරේරාගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කළ නමුත් ඔහු පිළිතුරු නොදී ගුවන් තොටුපළෙන් පිටත් විය. අමල් පෙරේරා සහ නන්දිමාල් පෙරේරා ඇතුළු පිරිස වෙනුවෙන් ඩුබායි රට බලා පිටත්ව ගිය උදුල් ප්‍රේමරත්න කටුනායක ගුවන් තොටුපලට පැමිණ සිටි අතර ඔහුට ද නදීමාල් පෙරේරා කිසිම ප්‍රතිචාරයක් නොදක්වා පිටත්ව ගියේය.

මනෝජ්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *