ජිනීවා, ආණ්ඩුව, විපක්ෂය සහ ජනතාව – අනුර සූරිය බණ්ඩාර

ජිනීවා ප්‍රශ්නය වසර  දෙකකට යට ගොස් තිබේ. ඒ මානව හිමිකම් කොමිසම් විසින් තවත් වසර දෙකකට සිය යෝජනා ඉටුකිරීම සඳහා ආණ්ඩුවට කල් දෙනු ලැබ ඇති බැවිනි. එකී තීරණය හේතුවෙන් ආණ්ඩුවටත් විපක්ෂයටත් ගොඩ ගිය බවක් සිතිය හැකිය. විපක්ෂය ගොඩ ගියේ ඔවුනට තමන්ගේ පුරුදු බයිලාව  තවදුරටත් වාදනය කිරීමට වසර දෙකක කාලයක් ලැබී ඇති බැවිනි. ඒ මක්නිසාද ආණ්ඩු විරෝධීන් දෙදහස් පහළොවේ සිට වාදනය කරන තැටිය වන්නේ ආණ්ඩුව ජිනීවා මානව හිමිකම් සමුළුව හමුවේ රටේ ස්වෛරීත්වයත්  හමුදාවත් (ඔවුන්ගේ වචනවලින් රණවිරුවන්) පාවාදෙන බවයි.

ජාත්‍යන්තර අධිකරණයට මෙරට හමුදාව ගෙන යනු  ඇතිය, රණවිරුවන් පාවා දෙනු ඇතිය, යන පුරුදු ප්‍රචාර පතුරවමින් ජනතාව නොමඟ යවන්නට, කලබල කරවන්නට සහ ඒ ඔස්සේ තමන්ගේ ඡන්ද ගොඩ තර කර ගන්නට ඒ අනුව ඒකාබද්ධ  විපක්ෂයට තවත් වසර දෙකක කාලයක් ලැබී තිබේ.

මහින්ද සමරසිංහ මන්ත්‍රීවරයා පසු පසුගිය දිනෙක පාර්ලිමේන්තුවේ දී කරුණු අනුව  මානව හිමිකම් උල්ලංඝනය වීම සම්බන්ධව පියවර ගැනීමට  ලංකා ආණ්ඩුව දිගින් දිගටම පියවර නොගැනීම. හේතුවෙන් 2015 ආණ්ඩු පෙරළිය ආසන්න වන විට ලංකාව ජාත්‍යන්තර ආර්ථික සම්බාධක පැනවීමට ආසන්න තත්වයකට පත්වූ බවයි. ආර්ථික සම්බාධක පැනවීමෙන් ඔබ්බට ගොස් ජාත්‍යන්තර  විමර්ශණයකට ලංකාව ලක් වන තත්ත්වයකට ඒ වන විට කරුණු සැලසී තිබුණු බව රහසක් නොවේ.

ඒකාබද්ධ විපක්ෂය මේ වන විට  කුමක් කියමින් සිටියා වුවද.  මහින්ද සමරසිංහ  මන්ත්‍රීවරයා පවසන  තත්ත්වයට එකල ශ්‍රී ලංකාව පත්වීමට හේතු වූයේ එවක ජනාධිපති මහින්ද  රාජපක්ෂ මහතා ප්‍රමුඛ ආණ්ඩුවේ උද්දච්ච හැසිරීම් බව අමුතුවෙන් කිවයුතු නැත. මහින්ද රාජපක්ෂ කාලයේදී මානව හිමිකම් උල්ලංඝනය වීම් පිළිබඳ නිසි අවධානයක් යොමු නොකිරීම ඒ සඳහා බලපෑවේය. එපමණක් නොවේ මහින්ද  රාජපක්ෂ ආණ්ඩුව මානව හිමිකම කඩවීම පිළිබඳ වාර්තා සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගත්තා සේම මානව හිමිකම් උල්ලංඝනය කළ බවට චෝදනා ලැබූවත්  ආරක්ෂා කරන පිළිවෙතක  පිහිටා කටයුතු කරන ලදී. සියල්ලෙහිම  අවසන් ප්‍රතිඵලය වූයේ ජාත්‍යන්තර වශයෙන් කොන් වූ  නගරංකාර රාජ්‍යයක් බවට ශ්‍රී ලංකාව  පත්වීමයි.

උතුරු  නැගෙනහිර යුද්ධය අවසන් වූ කාලයේ මෙරට පැමිණි මෙරටට පැමිණි  එක්සත් ජාතීන්ගේගේ  මහලේකම් බෑන් කී මූන් සමග ඇති කරගත් මෙරට මානව හිමිකම්  සම්බන්ධ එකගතා ඉටු නොකළා පමණක් නොව  මහින්ද රාජපක්ෂ ආණ්ඩුව එවක මානව හිමිකම් කම කවුන්සිලයේ දී මෙරට  සම්බන්ධව සම්මත වූ යෝජනා ඉටුකිරීමට කටයුතු කළේද නැත. ඒ වෙනුවට ඔවුන් කරන ලද්දේ  දරුස්මාන් වාර්තාවට එරෙහිව පෙළපාලි යාම වැනි රටේ ජනතාව මුලාවේ. හෙලන බොරු සන්දර්ශන හරහා මෝඩ චූන් ඉදිරිපත් කිරීම්ය.

2015 ජනවාරි දේශපාලන වෙනස සහ ඉන් පසුව ආණ්ඩුව විසින් ගන්නා ලද යම් යම් ක්‍රියාමාර්ග හේතුවෙන් එතෙක් මෙරට හමුවේ  පැවති අභියෝගය යම් පමණකට සැහැල්ලු කර ගැනීමට හැකියාව ලැබුණි

එකී වෙනසට  බලපාන ලැබූයේ හොද හුදු  ආණ්ඩු වෙනස පමණක් නොවේ. ආණ්ඩු වෙනස පමණක් නොවේ ආණ්ඩුව පාර්ශ්වයෙන් පොරොන්දු ඉටුකරන බවට සහ මානව හිමිකම් ආරක්ෂා කිරීම සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ශ්‍රී ලංකාව ගනු ලබන්නේය යන බලාපොරොත්තුව සහ විශ්වාසය මතය.

මානව හිමිකම් කොමසාරිස්වරිය ද පිළිගන්නා ආකාරයට මේ වන විට මෙරට මානව හිමිකම් සම්බන්ධව ප්‍රගතියක් පෙන්නුම් කිරීමට වත්මන් ආණ්ඩුවට හැකිවී තිබේ.

උතුරේ හමුදාව සතු කරගෙන තිබුණු සිවිල් ජනතාවගේ ඉඩම් නිදහස් කිරීම මානව හිමිකම් කොමිසම ඇතුළු ස්වාධීන කොමිෂන් සභා පත් කිරීම අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය පිහිටුවීම ආදිය පිළිගත හැක්කේ මානව හිමිකම් සාධනය වෙනුවෙන් වත්මන් ආණ්ඩුව විසින් ගන්නා ලද ඉදිරිගාමී පියවර වශයෙනි.

එකේ ක්‍රියාමාර්ග හරහා ජාත්‍යන්තරයේ විශ්වාසය  ලබාගැනීම හරහා ජී එස් පී ප්ලස් බදුසහනය නැවත  මෙරටට ලැබීම  ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව, ජයිකා වැනි  ආයතන වල සහයෝගය මෙරට ආර්ථික වර්ධනය සඳහා ලබාගත හැකි වීම ආදිය වාසිදායක තත්වයන් ද උදාවී තිබේ. මේ සියලු තත්ත්වයන් යටතේ මේ මාර්තුවේ දී ද ආණ්ඩුවට මානව හිමිකම් ප්‍රශ්නය යන්තමින් හෝ ගොඩ යාමට හැකි වූ බව යෝජනා ඉටුකිරීම සඳහා මානව හිමිකම් කොමිසමෙන්  ආණ්ඩුවට තවත් අවුරුදු දෙකක් ලැබීම මගින්  පැහැදිලි වී තිබේ. ඒ අනුව ගත්කල ආණ්ඩුවත් ගොඩය විපක්ෂයත් ගොඩය.

දැන් විමසිය යුත්තේ මෙවර මානව හිමිකම් කොමිසමේ සැසිය අවසන් වන විට  මෙරට ජනතාව පත් වී සිටින තත්ත්වය කුමක්ද යන්නය. සුදු වෑන් සංස්කෘතිය අවසන් වී ඇතැයිද, මානව හිමිකම් කොමිසම ලෝකයේ ඉහළම තැනකට පත්වී තිබේය.  ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කර තිබේය. අධිකරණය ස්වාධීනව  කටයුතු කරමින් සිටි ආදී වශයෙන් තිබුණු ආණ්ඩුවට වඩාමේ ආණ්ඩුව හොඳ යැයි කියන්නට කොතෙකුත් කරුණු ගෙන හැර දක්වන්නට ද අවශ්‍ය කෙනෙකුට හැකියාව තිබේ.

නමුත් මධ්‍යස්ථව බලන කල පෙනීයන්නේ ආණ්ඩුව කටයුතු කරමින් සිටින්නේ දැඩි කැපවීමකින් මෙරට මානව හිමිකම් ආරක්ෂා කරනවාට වඩා අන්තර්ජාතික මානව හිමිකම් කොමිසමෙන්  මෙරට ජනතාවගේ කනෙන් රිංගීමට ද යන සැකය ඇති වීම් වැළැක්විය නො නොහැකිය. අතුරුදන්වූවන්ගේ කාර්යාලය පිහිටුවා ඇති නමුත් අතුරුදහන් වූවන්ගේ ප්‍රශ්නය  මුළුමනින් විසඳීම නැත.

අතුරුදහන්වුවන්ගේ  ඥාතීන් පිරිසක් වස්රකටත් අධික කාලයක් තිස්සේ උතුරු  ප්‍රදේශයේ උපවාස උද්ඝෝෂණ කරමින් සිටිති. ඔවුන්ගේ මතය වන්නේ අතුරුදහන් කාර්යාලය  පිළිබඳ විශ්වාසයක් නොමැති බවයි. තවත් අතකින් තජුදින් , එක්නැලිගොඩ ලසන්ත වික්‍රමතුංග අතුරුදහන් දරුවන් එකොළොස් දෙනා ආදී ගැටලු විසඳුමකින් තොරව ඇදී ඇදී යමින් තිබේ.

ඒ අතර ආණ්ඩුව මෙවර අයවැයෙන් අතුරුදහන්වූවන්ගේ පවුල් සඳහා දීමනාවක් ලබා දෙන්නට යෝජනා කර තිබේ. එවැනි දීමනාවක්  ලබාදීම නරකය  කියා  කිව නොහැකි නමුත්,   ඒ සඳහා ආණ්ඩුවට වස්ර තුනක් ගත්වීම තේරුම්ගත නොහැකිය. අනෙක එම  යෝජනාව ගෙන එනු ලබන්නේ ද මානව හිමිකම් සැසිය අත ළඟ තිබියදී ය. එය මානව හිමිකම් සැසියේදී ජාමේ බේරාගන්නට කියූ කතාවක් ද යන්න තීරණය කරන්නට තවම කල් වැඩි නමුත්  ජනතාව අපේක්ෂා කරන්නේ කවරෙකුට හෝ බිඳ හෙළිය නොහැකි ශක්තික්තිමත් මානව හිමිකම් යාන්ත්‍රණයක් හා පසුගිය කාලයේ සිදුවූ බව කියන මානව හිමිකම් උල්ලංඝනය කිරීම පිළිබඳ සාධාරණ විනිශ්චයක් මිස එදාවේල විසඳුමක් නොවේ. ඒ අනුව ගත් කළ ජිනීවා  සමුළුවේදී ආණ්ඩුවත් විපක්ෂයත් කොයි ආකාරයෙන් හෝ ගොඩ ගොස් ඇති නමුත්  ජනතාව ගොඩ ගිය බවක් පෙනෙන්නට නැත.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *