ඇතුලේ විරෝධතා නිසා ගෝඨාගේ නාමයෝජනාව හකුලාගනී – අපේක්ෂකයා තවම සොයන බව මහින්ද කියයි

ජනමාධ්‍යවල කුමක් සදහන් වුවද ඉදිරි ජනාධිපතිවරණය සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමේ කිසිඳු තීරණයක් ගෙන නැතැයි  විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඒ මහතා මේ බව සඳහන් කර ඇත්තේ ඊයේ (26) පෙරවරුවේ පැවති පුවත්පත් කතෘවරුන් හා ජනමාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ පැවති සාකච්ඡාවකදීය.

එසේම බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකත්වය ගැනීම කල්තියාම ප්‍රතික්ෂේප කර ඇති බවත් සහෝදර සමාගමේ ප්‍රධානියා චමල් රාජපක්ෂ බවත් මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කර තිබේ.

පසුගිය දා පැවති පවුලේ සාදයකදී මේ සම්බන්ධව ද කතාවූ බවත් එහිදී ගෝඨාභය රාජපක්ෂ අපේක්ෂකයා කිරීමේ තීරණයක් නොගත් බවත් බැසිල් රාජපක්ෂ එම යෝජනාව ප්‍රතික්ෂේප කළ බවත් මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කර සිටියේ තවමත් දිනන්න පුලුවන් අපේක්ෂකයා සොයමින් පවතින බවය.

මෙලෙස ගොටාභයගේ නම යෝජනාව ඉවත් කරගෙන ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුලින් මතුවූ විරෝධතා නිසා බව තතුදත් ආරංචි මාර්ග කියයි . සුළු ජන කොටස්වල හා ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන පිරිස්වල සහය නොමැතිව ජනාධිපතිවරණය ජයගත නොහැකි බව එම පක්ෂයේ බහුතර මතය වී තිබේ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *