මෝඩයාගේ දවසේ දී කුඩු කිලෝ 750ක් අලු වෙයි

අල්ලන කුඩු වලට මොකද වෙන්නෙ? පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය හෝ වලාන දූෂණ මර්ධණ ඒකකය හෝ විශේෂ කාර්යබලකාය හෝ වෙනත් ආරක්ෂ අංශ කණ්ඩායම් විසින් හෝ මත්ද්‍රව්‍ය වැටලීම් කර අත්අඩංගුවට ගත් බවට පුවත් පළ වන වාරයක් ජනතාවගේ සිත් තුළ නැඟුන පැනයකි.

ඒ පැනයට පිළිතුරක් ලැබෙමින් ලබන අප්‍රේල් 1 වනදා කුඩු කිලෝ 750කට අධික ප්‍රමාණයක් විනාශ කරන බවට මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධක බලකායේ අධ්‍යක්ෂක සමන්ත කිතලවආරච්චි මහතා පවසයි.

පුත්ලම ප්‍රෙද්ශයේ ජනශූන්‍ය ප්‍රදේශයක පිහිටි සිමෙන්ති කර්මාන්ත ශාලාවක සෙල්සියස් අංශක 1000කට වැඩි උෂ්ණත්වයක් යටතේ මෙම මත්ද්‍රව්‍ය පුළුස්සා විනාශ කිරීමට නියමිතය. අන්තර් ජාතික ප්‍රමිතීන්ට අනුව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ අධීක්ෂණයෙන් මෙම මත්ද්‍රව්‍ය විනාශ කිරීම සිදු වෙනු ඇත.

මෝඩයාගේ දිනය ලෙස හඳුන්වනු ලබන අප්‍රේල් 1 වනදා මෙම විනාශකාරී මත්ද්‍රව්‍ය විනාශකිරීම මෙම මෝඩ ඇබ්බැහියට ගොදුරුවූවන්ට කරන සරදමක් වැනිය.

මනෝජ්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *