දම්මික පෙරේරාගේ පණ්ඩිත වාක්‍යයට අගමැති රනිල්ගෙන් කිස් කන පිළිතුරක් !

ශ්‍රී ලංකාවේ ආර්ථික  සංවර්ධනය පිළිබඳ වැදගත් සකච්චාවක් පසුගිය සතියේ කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැත්විණි  . “ෆයර්සයිඩ් චැට් 2019” ලෙස නම්කර තිබු එය සංවිධානය කොට තිබුණේ ඩේලි එෆ් ටී පුවත්පත සහ ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය එක්වය . විදෙස් තානාපති නිලධාරීන් , ව්‍යපරිකයින් ඇතුළු  විශාල පිරිසක් එයට එක්ව සිටියහ .

මෙම සමුළුවේදී අදහස් දැක්වූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කිවේ පසුගිය කාලයේ විශාල දුෂ්කරතා මැද වුවද රාජ්‍ය මුදල් හා මුල්‍ය කළමනාකරණය විධිමත් කොට ශක්තිමත් කොට ඇති බව හා ආර්ථිකයේ වේගවත් සංවර්ධනයකට අවශ්‍ය පදනම දමා අවසන් බවත් ය.

සාකච්චා අවස්ථාවේදී දීර්ග ලෙස කතාකළ ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පසුගිය කාලයේ ආර්ථික සංවර්ධනය ප්‍රමාණවත් නැති බව කියමින් සංවර්ධනය වේගවත් කිරීමට බදු අඩු කිරීම ඇතුළු බොහෝ දේ යෝජනා කළේය .

එයට පිළිතුරු දුන් අගමැති රනිල් සිය කතාව අවසන් කළේ මෙලෙසිනි . “ ධම්මික පෙරේරා මහතා ඔබට බොහෝ වැදගත් දේ කිවා . ඔහු නොකීවේ එකම එක වැදගත් කාරණයයි .මේවට මුදල් හොයන හැටි ඔහු කිවේ නෑ “

අගමැති රනිල් එසේ කියන විට සභාවේ නැගුනේ සිනා හඩක් සමග අත්පොලසන් නාදයකි  .

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *