විල්පත්තුව සුද්ද කළේ බැසිල්ගේ කමිටුවකින් -ඇමති රිෂාඩ් පාර්ලිමේන්තුවේදී කියයි.

ජාතික සම්පතක්‌ වන විල්ලු පත්තුව රක්‍ෂිතය සුද්දකර දුන්නේ බැසිල් රාජපක්‍ෂ මහතා ඇමතිවරයකුව සිටියදී පත් කළ කමිටුවක නිර්දේශය මත ප්‍රාදේශීය ලේකම්වරයා විසින් බව කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමති රිෂාඩ් බදියුදීන් මහතා ඊයේ (22 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර ඇත .

තමා විල්පත්තු  වන රක්ෂිතය විනාශ කළ බව සනාථ කළහොත් ඕනෑම දඬුවමකට යටත් වීමට  සුදානම් යැයි  ඔහු වැඩි දුරටත් සදහන් කර ඇත. තමා හෝ තමා නියෝජනය කරන  මුස්ලිම් සමාජය කිසිදු වරදක්  නොකළ බව කී ඇමැතිවරයා  මුස්ලිම් ජනතාව නැවත පදිංචි වුයේ ඔවුනට ලබා දුන් ඉඩම් වල මිස රක්ෂිතයේ නොවන බවද  කීවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *