පොලීසියේ ලියාපදිංචි අපරාධකරුවන් ලක්ෂ හයක් රටපුරා නිදැල්ලේ !

විවිධ අපරාධ සිදුකිරීම නිසා පොලීසියේ ලියාපදිංචි කොට ඇති අපරාධකරුවන් ලක්ෂ හයක් රටපුරා නිදැල්ලේ සිටින බව පොලිස් මාධ්‍ය  ප්‍රකාශක ජේෂ්ට පොලිස් අදධිකාරී ප්‍රශාන්ත ජයකොඩි මහතා ප්‍රකාශ කරයි . පසුගිය කාලයේ සිදුවූ අපරාධ බොහොමයකට වගකිව යුත්තේ එබදු පුද්ගලයන් බව තහවුරු වී ඇති බවද ඒ මහතා කියයි.සේයා දැරිය ඝාතනයටත් ,පනාගොඩ දරුවා ඝාතනයටත්, ඊටපෙර සිදුවූ අපරාධ ගණනාවකටත් වගකිව යුත්තේ එබදු  අපරාධකරුවන් බවට හදුනාගෙන ඇතැයි කියති.

දිවයිනේ  සැම ප්‍රදේශයකම තාවකාලිකව නවාතැන් ගෙන සිටින අය පොලිසියේ ලියාපදිංචි කිරීමට පොලිස් දෙපාර්තමේන්තුව නිකුත්කොට ඇති නියෝගය ගැන අදහස් දක්වමින් ජයකොඩි මහතා මෙම තොරතුරු හෙළිකොට ඇත .

මෙයින් පෙනී යන්නේ කෝටි දෙකක් වන ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සියයට තුනකට සමාන පිරිසක් පොලිසියේ ලියාපදිංචිය ලත් අපරාධකරුවන් බවයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *