සිංගප්පුරුවට උත්තර දෙන්න ගිහින් ජනාධිපති මාධ්‍ය අංශය කකුල කටේ දාගෙන !

අර්ජුන් මහේන්ද්‍රන් මහතා ශ්‍රී ලංකාවට භාරදෙන ලෙස කළ ඉල්ලීමට ප්‍රතිචාර නැති බවට ජනාධිපතිතුමා කළ ප්‍රකාශයකට සිංගප්පුරු රජයේ පිළිතුර පතික්ෂේප කරන්නට නිවේදනයක් නිකුත් කරමින්  ජනාධිපති මාධ්‍ය අංශය කකුල කටේ දාගෙන ඇත . අවශ්‍ය සියලු ලිපි භාර දී ඇති බව එහි මුලින් කියා තිබුනද අවසානයේ කියන්නේ සිංගප්පුරුව තවත් තොරතුරු ඉල්ලා ඇති බව හා එම තොරතුරු ලබාදීමට නීතිපතිවරයා විධිමත් ලෙස කරුණු සකස් කරමින් සිටින බවයි . එම නිවේදනයේ මෙසේ සදහන් ය .

“අර්ජුන් මහේන්ද්‍රන් මහතාට අදාළ චෝදනා සම්බන්ධයෙන් තවදුරටත් කරුණු පැහැදිලි කරන ලෙස සිංගප්පූරු නීතිපතිවරයා විසින් ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා වෙත දන්වා ඇති අතර මෑතකදී ලැබුණු එම ලිපියට අදාළ කරුණු සිංගප්පූරුව වෙත යැවීම සඳහා මෙරට නීතිපතිවරයා මේ වනවිට විධිමත් ලෙස කරුණු සකස් කරමින් පවතී.”

මේ අනුව පෙනී යන්නේ තම ඉල්ලීමට සිංගප්පුරු රජයෙන් කිසිදු ප්‍රතිචාරයක් නැති බවට ජනාධිපතිවරයා කි කතාව සත්‍යයෙන් තොර බවයි . ජනාධිපතිවරයාගේ මෙබදු කතා අපට හුරු පුරුදු නමුත් විදෙස් රාජ්‍යයක් හා රාජ්‍ය නායකයකු ගැන මෙබදු ප්‍රකාශ කිරීම පරපතළ කාරණයකි .

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *