|

මම ආයේ රාජපක්ෂ සමාගමට වැඩ කරන්නෙ නෑ – පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා

පොහොට්ටුවෙ ජනාධිපති අපේක්ෂකයා තෝරන්නේ රාජපක්ෂ පවුල. ඔහෙලට කොරයි ද? ඒක නිසා ඔය වහල්භාවයෙන් මිදෙන්න තමුන්නාන්සේලා. මම කෙළින්ම කියනවා, මම රාජපක්ෂ සමාගමට වැඩ කරන්නේ නෑ. විජිත් වියමුණි සොයිසා එසේ ප්‍රකාශ කළේ මොනරාගල දිස්ත්‍රික්කයේ බිලල ප්‍රදේශයේ පැවති පාක්ෂික හමුවක දී ය.

මට ඉහළින් ශ්‍රී ලංකා කාරයෝ නෑ අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ. මහින්ද රාජපක්ෂ මහත්තයා 1970 පාර්ලිමේන්තුවට ආවේ. මෛත්‍රිපාල සිරිසේන මහත්තයලා අපි 1989 පාර්ලිමේන්තුවට අවේ. කවුරුහරි ඇහුවොත් කියන්න මගෙ පක්ෂය පුරුෂ පක්ෂය. සැකයක් තියනව නම්, සළකුණ බලන්න පුළුවන්.

අද බලන්න මේ ලොකේ ජනාධිපති අපේක්ෂකයො තෝරන්නේ, රිබප්ලිකන් පක්ෂේ ඡන්ද වලින්, වෙන රටවල්වල පක්ෂයේ මධ්‍යම කාරක සභාව, උත්තරීතර මණ්ඩලය, සෙනෙට් එක. එහෙම තමයි ජනාධිපති අපේක්ෂකයෙක් තෝරන්නේ. හැබැයි පොහොට්ටුවෙ ජනාධිපති අපේක්ෂකයා තෝරන්නේ රාජපක්ෂ පවුල. ඔහෙලට කොරයි ද? ඒක නිසා ඔය වහල්භාවයෙන් මිදෙන්න තමුන්නාන්සේලා. මම කෙළින්ම කියනවා, මම ආයේ රාජපක්ෂ සමාගමට වැඩ කරන්නේ නෑ.

අවසාන වැඩකිරීම තමයි මහින්ද රාජපක්ෂ මහත්තයා නැවත අගමැති කිරීම. අම්මටහුඩු ඊට පහුවෙනිදා පොහොට්ටුවට ගිහිල්ලා අපිට කෙලවල දැම්මා පාර්ලිමේන්තුව විසුරුවලා. හරිනි වැඩේ. බඩු බනිස්. තවත් මෙඋන්දැලා පස්සෙ යන්නද කියන්නෙ.තමුන්නාසේලාට ඕන නම් යන්න. ඕන කෙනෙක් යන්න. මට කමක් නෑ. ශෂින්ද්‍ර පස්සෙ හරි ගෝඨා පස්සෙ හරි යන කට්ටිය ඉන්නව නම් දැන්මම ගියත් කමක් නෑ. මම වැඩ කරන්නෙ නෑ උන්නැහෙලත් එක්ක. මම ඒක තීරණය කරල ඉවරයි.

තාම ජනාධිපතිතුමා මගෙ නායකයා. එතුමත් ගේමක් ගහගෙන යනව බලමු. දැන් ඉතින් කුට්ටම අනනවනි. කුට්ටම අනනකොට කොළේ ඉල්ලන්නෙ නැහැනෙ. කුට්ටම කැපුවම කොළේ ඉල්ලන්නෙ. කුට්ටම කපනකල් ඉම්මු. හරි කොළේ ඉල්ලන්නම්.

මනෝජ්

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *