ස්වර්ණවාහිණී ගැටළුව නිමවේ. මහේන් ඉවතට , සේවකයෝ වැඩට

පුද්ගලික රූපවාහිනී නාලිකාවක් වන ස්වර්ණවාහිනී ආයතනයේ වත්මන් ප්‍රධාන විධායක මහේන් පෙරේරා හා සේවකයින් අතර ඇතිවූ ගැටලුකාරී තත්වය නිසා ඊයේ සිට එහි සේවකයින් විරෝධතාව දක්වමින් වැඩ කටයුතුවල නොයෙදීම නිසා එහි කටයුතු අවුල් සහගත තත්වයකට පත්කර තිබුණි.  අද (20) සවස වන විට වාර්තා වන්නේ සේවකයින්ගේ ඉල්ලීම් ඉටුකරදී හිමිකරුවන් විසින් ප්‍රශ්නය විසඳා දීමට පොරොන්දු වී ඇති බවයි. ඒ අනුව ප්‍රධාන විධායක ලෙස කටයුතු කළ මහේන් පෙරේරා මහතා සේවයෙන් ඉවත් කර
ඇත. වෘත්තිය සමිතියක් ආරම්භ කිරීමට මුල් වීම හේතුවෙන් සේවයෙන් ඉවත් කළ ස්වර්ණවාහිනී ආයතනයේ සේවකයන් 15දෙනා නැවත සේවයට බඳවා ගැනීමටත් එකඟ වී තිබේ.

ආයතනයේ වෘත්තීය සමිති නියොජිතයන් හා ආයතනයේ සභාපති ඇලෙක්ස් ලෝවෙල් මහතා අතර පැවැති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ලබාදී ඇත. සේවකයින් වැටුප් වැඩි කිරීම ඇතුලුව

ඉල්ලා තිබූ අනෙක් ඉල්ලීම් ගැන අවසන් තීරණය සිකුරාදා දිනයේදි ලබාදෙන බවද දන්වා ඇත.

කෙසේ වෙතත් මෙම ඉල්ලීම් අනුව සෑහීමකට පත්වී සේවකයින් යළි සේවය අරඹා තිබෙන අතර එදිනට ස්ථිර විසඳුමක් නොලැබෙන්නේ නම් අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් අරම්භ කරන බවද දන්වා ඇත.

ස්වර්ණවාහිනියේ සේවකයන් විසින් 17වැනිදා දහවල් විවේකයේදී  එම රථගාලේ රැස්විමක් පවත්වා වෘත්තිය සමිතියක් ආරම්භ කළ අතර එම වෘත්තීය සමිතිය ආරම්භ කිරීමට මුල් වී කටයුතු කළ සේවකයන්15 දෙනෙකුගේ සේවය පසුදාම තහනම් කිරීමට එහි ප්‍රධාන විධායක නිලධාරීවරයා කටයුතු කර තිබුණි.
ඔහු පවසා තිබුනේ පුද්ගලික ආයතනයේ නීතිරීති අනුව වෘත්තිය සමිති පිහිටුවිය නොහැකි බවයි.

සේවය අත්හිට වූ සේවකයන්ට සහය දීමට ඉදිරිපත් වූ ස්වර්ණවාහිනී නාලිකාවේ පමණක් නොව එම මාධ්‍ය ජාලයේ 270 පමණ වූ විශාල සේවක පිරිසක් වර්ජන ක්‍රියාමාර්ගයකට ගියේ ඉන් පසුවයි.
ඔවුන්ගේ ඉල්ලීම් අතර අස්කළ සේවකයින් යළි සේවයට ගැනීම පමණක් නොව ඔවුන් වෘත්තිය සමිතිය පිහිටුවීමට මුල්වූ ප්‍රධාන විධායක ඉවත් කිරීම, වැටුප් වැඩි කිරීම ඇතුළු ඉල්ලීම්ද තිබුණි.

බිනර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *