ජපානයේ ඔසාකා සිනමා උලෙළේ හොඳම නිළිය නිල්මිණි සිගේරා
ජපානයේ පවත්වන්නට යෙදුනු ඔසාකා ආසියානු ජාත්‍යන්තර සිනමා උළෙලේ හොදම නිළිය ලෙස නිල්මිණි සිගේරා සම්මානයෙන් පිදුම් ලැබුවාය.
මෙම උළෙලට ශ්‍රී ලංවෙන් ඉදිරිපත් කළ අශෝක හදගම අධ්‍යක්ෂණය කළ ‘අසන්ධිමිත්තා, චිත්‍රපටයේ ප්‍රධාන නිළි චරිතයට පණදුන් නිල්මිණි සිගේරා මෙම සම්මානය ලබා ගැනීමට පසුගිය 17 වනදා සමත්විය.
කාලයක් රූපවාහිනි නිවේදිකාවක ලෙස කටයුතු කළ නිල්මිණි සිගේරා සිනමා පටයක රංගනයෙන් දායක වූ පළමු චිත්‍රපටයෙන්ම ජාත්‍යන්තර සම්මානයක් දිනාගැනීමට ලැබීම විශේෂත්වයකි. මිනිමැරුම්ක් වටා ගොඩනැගෙන මෙම වෘතාන්තයේ නිල්මිණි රංගනයෙන් දායක වන්නේ රාත්තල් 300ක් බර කාන්තාවකගේ චරිතයකටය.