ජනාධිපතිවරයා අපේ රටේ මූලික නිතිය උල්ලංගනය කරමින් සිටිනව – අනුර කුමාර දිසානායක

අපේ රටේ කවුරුත් මූණ දෙන මූලික නීතිය තමයි ව්‍යවස්ථාව. අපේ රටේ මූලික නීතියට යටත්වෙන පුරවැසියෙක් ඉන්නෙ මෙතැන. කොහොමද රටක මූලික නීතිය ආරක්ෂා කරන්න කියල බල කරන්නෙ. මේ නිසා මම අද අවස්ථා ගණනාවකදි පෙන්වා දෙමින් තිබෙන්නේ අන්කවරක්වත් නෙමෙයි, ජනාධිපති වරයා විසින් අපේ රටේ මූලික නීතිය උල්ලංගනය කරමින් තිබෙනව. ඒ විතරක් නෙමෙයි එතුමා විසින් කොමිසන් සභාපත් කළා. බරපතල මුල්‍ය අපරාධ පිළිබඳව කොමිසන් සභාවක් පත්කළා. පහුගිය කාලේ චෝදනා තිස් දෙකක වාර්තාවක් මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. කොමිසන් සභාවක් පත්කිරීම සඳහා ඒ මුළු ක්‍රියාපටිපාටියටම වෙන් කළේ මේ පාර්ලිමේන්තුවෙ වෙන්කර තියෙන මුදල්.  ඒ කොමිසන් සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළාට පසුව, ඒ කොමිසන් සභාවේ ඉතා පැහැදිලි ලෙස චූදිතයන් නම් කර තිබෙනව. හැබැයි එම චූදිතයන් දැව සංස්ථාවේ සභාපතිකමට පත්කරනව. ඒ කොමිසන් සභාවෙ චූදිතයන් අරගෙන ජපානෙ සංචාරෙ යනව. තමන්ගෙම කොමිසන් සභාවෙ චූදිතයන් වෙන කෙනා තමන්ගෙ පෞද්ගලික ලේකම් කරගන්නව. තමන්ගෙම කොමිෂන් සභාවෙ චූදිතයන් වෙන කෙනා තමන්ගෙ අග්‍රාමාත්‍යවරයා බවට පත්කර ගන්නව. තමන්ගෙම කොමිෂන් සභාවෙ චූදිතයන් බවට පත්වෙලා තිබෙන කෙනාට තමන්ගෙ අතින්ම නිවාස ඇමතිකම දෙනව. දින පණස් දෙකේ.

මොකක් ද මේ වෙලා තියෙන්නෙ? මොකක් ද මේ වෙලා තියෙන්නෙ! මේ කොමිෂන් සභාවලින් ඇති ඵලේ කුමක් ද? මහජනයගෙ සල්ලි වියදම් කරල කොමිෂන් සභාවක් හදල ජනාධිපති කොමිෂන් සභාවෙ චූදිතයන්ට ඒ ජනාධිපතිවරයාම තනතුරු ප්‍රධානය කරනවා නම්, අපි කොමිෂන් සඳහා වැය බරක් දරන්න ඕනද මේ පාර්ලිමේන්තුවට? මෙම මහජනයගෙ මුදල් කොමිෂන්සභා වෙනුවෙන් වැය කරන්න ඕනැද? ඒකයි මම අහන ප්‍රශ්ණය සභාපති තුමනි.

ඒ විතරක් නෙමෙයි තව කොමිෂන් සභාවක් තිබුණ මහබැංකු බැඳුම්කදරය පිළිබඳ කොමිෂන් සභාවක්. මහ බැංකු බැඳුම්කරය පිළිබඳ කොමිෂන් සභාවෙදි පසුගිය දවස්වල අපිට මතකයි විශාල ආන්දෝලනයකට තුඩු දුන්නා මන්ත්‍රිවරුන් 118 දෙනෙකුගෙ ලැයිස්තුවක් තියනව කියල. විශේෂයෙන්ම දයාසිරි ජයසේකර මන්ත්‍රිවරයා විසින් ඔහුට පර්පර්චුවෙල් ට්‍රෙසරිස් සමාගමෙන් මුදල් ගත්තායැයි චෝදනා එල්ල වූ විට ඔහු ප්‍රසිද්ධියෙ මාධ්‍ය ආයතනවලට කියා සිටියා මම විතරක් නෙමෙයි 118 ක ලැයිස්තුවක් තිබෙන බව. ඔහු දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් වරයෙක්. ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයෙක්. ඒ නිසා ඔවුන් අතරෙ කිට්ටු සබදතාවයක් තියෙනව. දේශපාලනික සබදතාවයක් තියෙනව. දේශපාලන කිට්ටුකමක් තියෙනව. දැන් අපි දැනගන්න ඕන බැඳුම්කර පිළිබඳ කොමිෂන් සභාවෙ ඉතුරු ඇමුණුම් කෝ?

පාර්ලිමේන්තුවෙදි අපි අවස්ථා ගණනාවකදි අපි ඉල්ලා සිටිනව. බැඳුම්කර ගණුදෙනුව වර්තමාන ආණ්ඩුවට එල්ල වී තිබෙන බරපතලම වංචා දූෂණ ගණුදෙනුව. ඒ ගණුවෙනුවේ දී සමහර වාර්තා සහ සාධක මත ඉතා පැහැදිලිවම අග්‍රාමාත්‍යවරයාගේ මැදිහත්වීම සහ මෙහෙයවීම සහ අනුදැනුම මත සිදු වූ ගණුදෙනුවක්.  කිසිවෙකුට ඒක ආරක්ෂා කරන්න බැහැ.

හැබැයි මොකක් ද සිදුවී තිබෙන්නෙ? ඒ ගනුදෙනුව පිළිබඳ සම්පූර්ණ වාර්තාව කෝ, පාර්ලිමේන්තුවට අවශ්‍ය වෙන? ජනාධිපති කොමිෂන් සභාව රැස්වුණා බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ රැස්වීම් ශාලාවෙ. මීඩියා හැමදාමත් වාර්ථා කළා. පත්තරවල හැමදාමත් ශිර්ෂපාඨ ගියා. අද මේ පාර්ලිමේන්තුව ඉල්ලා සිටිනවා බැඳුම්කර පිළිබඳ සම්පූර්ණ වාර්තාව මේ මුලුමනින්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කියලා. හැබැයි තාමත් ජනාධිපතිවරයා එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරල නෑ.

ඒ විතරක් නෙමෙයි, මේ රටේ ජනාධිපතිවරයා පසුගිය දා ඉතා ප්‍රසිද්ධ ප්‍රකාශයක් කෙරුවා 2007 සිට 2015 කාල පරිච්ඡේදය ඇතුළත අපේ රටේ මහබැංකුව බැඳුම්කර නිකුත්කිරීම හරහා සිදු වී තිබෙන පාඩුව බිලියන 1000 ඉක්මවනව කිව්වා. ජනාධිපතිවටයා කිව්වා ට්‍රිලියනය ඉක්මවනව කියල. බිලියන 1000ක්. කල්පනා කර බලන්න කෝටි ලක්ෂය ඉක්මවනව. ජනාධිපතිවරයට පුලුවන්ද බැඳුම්කර ගණුදෙනුව හරහා කෝටි ලක්ෂයක් වංචා සිදුවෙනව කියා ප්‍රකාශයක් කොට සින්ක් එක ගාවට ගිහින් අතහෝදගෙන පැත්කට වෙන්න පුලුවන් ද? ජනාධිපතිවරයට අයිතියක් තියනව වගකිමක් තියෙනව ඒක එළිදරව් කරන්න. හැබැයි දැනට එළිදරව් කළ වාර්තාව ඉදිරිපත් වී තිබෙන්නේ බිලියන 11යි බිලියන 989ක් කෝ? ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේ සජීවි යන රූපවාහිනී වැඩසටහනක් හමුවේ බහබැංකු බැඳුම්කරය රාජ්‍යෙකාට තිබෙන පාඩුව බිලියන 1000යි කිව්වම වාර්තාවෙන්නෙ ඒක බිලියන 11යි. මේ රටේ ජනතාවට සාධාරණ අයිතියක් නැද්ද මේ බිලියන 989 කවුද? කවදද? සිද්ධ වුණේ කියල දැනගන්න.

ජනාධිපතිවරයා වචනයක් හැටියට ඒක කියනව. ඒක සුළඟේ පාවෙලා යනවා අපිත් අහනවා. අපට පැත්තකට වෙලා ඉන්න අයිතියක් නෑ. රටේ ජනාධිපතිවරයෙක් රටේ මහා ආයතනයක ගණුදෙනුවක් පිළිබඳව නිකම් කිරිපිටි ප්‍රශ්නයක් නෙමෙයි. මයිලෝ ප්‍රශ්නයක් නෙවෙයි. නිශ්චිතවම ගත්තොත් මහා බැංකු ගණුදෙනුව පිළිබඳ වාර්තාව. මහා බැංකු ගණුදෙනු පිළිබඳ වාර්තාවෙන් පසුව. මහා බැංකු ගණුදෙනු පිළිබඳ මිලියන 1000ක පාඩුවක් සිදුවෙලා තියෙනව නම්, එය එළිදරව් කිරීමත් ජනාධිපතිවරයගෙ වගකීමක්.

ගරු සභාපතිතුමනි, ඒ නිසා අද තිබෙන්නේ මා පෙන්වා දෙන කරුණු ‍ඔක්කොම අභියාචනාකරණ සභාපති ධුරයේ වැඩ බලන සභාපති ධුරය පත්කිරීම පිළිබඳ ප්‍රශ්නය, ප්‍රසම්පාදන කමිටුව පිළිබඳ ප්‍රශ්නය, අමාත්‍යවරු පත්කිරීම පිළිබඳ ප්‍රශ්නය, සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යවරයෙක් හොරෙන් දිවුරුම් දීම පිළිබඳ ප්‍රශ්නය ඇතුළු තවත් ප්‍රශ්න තියෙනව.

ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක එසේ ප්‍රකාශකළේ පසුගිය දා පාර්ලිමේන්තුවේ අයවැය විවාදයේ දී ය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *