බැදුම්කර කොමිසමට දුන් බව කියමින් වාසුදේව හැන්සාඩ් වාර්තාවට ඇතුලත් කරන්නට හැදු වාර්තාව පචයක්

බැදුම්කර ගනුදෙනු ගැන පරික්ෂ කළ ජනාධිපති කොමිසමට හිටපු මහා බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඉදිරිපත් කළ වාර්තාවක් බව කියමින් වාසුදේව නානායක්කාර මහතා හැන්සාඩ් වාර්තාවට ඇතුලත් කරන්නට හැදු වාර්තාව බැදුම්කර කොමිසමට ඉදිරිපත් කර නැති බව කොමිසනේ වාර්තාවෙන් හෙළිවෙයි . තමන්ට ඉදිරිපත් වූ සාක්ෂි හා වාර්තා සියල්ල ගැන කොමිසන් වාර්තාවේ සදහන්ය . අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඉදිරිපත් කළ වාර්තාවක් ගැන එහි කිසිදු සදහනක් නැත .

වාර්තාවේ 92 පිටුවේ සදහන් වන්නේ කොමිසම ඉදිරියේ සාක්ෂි දීමට ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම ඉල්ල්ලිමක් කර ඇති බවට අසත්‍ය ප්‍රකාශයක් 2017 .03 .07 දා බන්දුල ගුණවර්ධන මහතා රුපවාහිනී නාලිකාවකට කළ බවයි . එම අසත්‍ය ප්‍රකාශය ගැන විමසීමට කොමිසම ගුනවර්දන මහතා ගෙන්වා ප්‍රශ්න කළ බවත් තමන් කළේ අසත්‍ය ප්‍රකාශයක් බව  බන්දුල ගුණවර්ධන මහතා පිළිගත් බවත් වාර්තාවේ සදහන්ය .

බන්දුල ගුණවර්ධන මහතා සාක්ෂි දෙමින් බැදුම්කර ගනුදෙනුවේ පාඩුව ගැන කි විට එය තම මතය පමණක් බව කොමිසමේ ප්‍රශ්න කිරීම් හමුවේ පිළිගෙන  ඇත . තම මත තහවුරු කෙරෙන වාර්තාවක් කොමිසමට ලබාදීමට බන්දුල ගුණවර්ධන මහතා පොරොන්දු වුවද එවැන්නක් ලැබ නොදුන් බව කොමිසන් වාර්තාවේ 93 පිටුවේ සදහන් කොට ඇත .

බැදුම්කර ගනුදෙනු ගැන පරික්ෂ කළ ජනාධිපති කොමිසමට කිසිදු වැදගත් සාක්ෂියක් ලබාදීමට ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික විද්‍යා කප්පිත්තන් කිසිවකු ඉදිරිපත් වුයේ නැත . ඔවුන් දිගටම කරන්නේ පුවත්පත් සාකච්චාවල සහ පාර්ලිමේන්තුවේ විවිධ චෝදනා එල්ල කිරීමය .ජනාධිපති කොමිසමට හිටපු මහා බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඉදිරිපත් කළ වාර්තාවක් බව කියමින් වාසුදේව නානායක්කාර මහතා හැන්සාඩ් වාර්තාවට ඇතුලත් කරන්නට හැදු වාර්තාව එබදු අලුත්ම ප්‍රෝඩාව යි . අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ විරෝධය නිසා එම උත්සාහය වැළකුණි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *