ජනාධිපතිගේ ජිනීවා නියෝජිතයෝ ආණ්ඩුවේ කණ්ඩායමට – වෙනම පිරිසක් නෑ

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියෝජිත පිරිසක් ජිනීවා යැවීමේ අදහස අත්හැර ඇති බව මහින්ද සමරසිංහ මන්ත්‍රීවරයා  පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය . සරත් අමුණුගම මන්ත්‍රීවරයා සහ  උතුරු පළාත් ආණ්ඩුකාර රාගවන් මහතා ජනාධිපතිගේ නියෝජිතයින් ලෙස රජයේ කණ්ඩායමට ඇතුලත් වනු ඇත . පස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමේ නායකයා වන්නේ විදේශ ඇමති තිලක් මාරපන මහතාය .

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් බ්‍රතාන්‍යය සහ කැනඩාව සකස් කොට ඇති යෝජනාවට ශ්‍රී ලංකාවද  සහය දෙනු ඇත . ශ්‍රී ලංකාවේ වර්ධනයන් අගය කරන බව එම යෝජනාවේ එකොලොස් පොලක සදහන් වන බව ලක්ෂ්මන් කිරිඇල්ල ඇමතිවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ එම කොටස් උපුටා දක්වමිනි . යෝජනාව වෙනස් කිරීමට උත්සාහ නොදරන ලෙස ඒ මහතා සියලු පාර්ශවවලින්  ඉල්ලා සිටියේය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *