|

සියනෑ පොත් වසන්තය 22,23,24 කිරිඳිවැල දී

පාඨකයන්හට වට්ටම් සහිතව පොත් මිල දී ගැනීමට අවස්ථාවක් සලසා දී එමගින් පොත් පත් කියවන සමාජයක් බිහිකිරීමටත්, ලේඛක ලේඛිකාවන්ගේ පොත් අලෙවි කර ගැනීමට අවස්ථාවක් සලසාදීමත් අරමුණු කරගෙන පවත්වනු ලබන සියනෑ පොත් වසන්තය මෙම මස (2019 මාර්තු) 22,23,24 යන දිනයන්හි පෙරවරු 09.00 සිට පස්වරු 05.00 දක්වා දොම්පේ ප්‍රාදේශීය සභාවට අයත් කිරිඳිවැල මහජන පුස්තකාල පරිශ්‍රයේ දී පැවැත්වේ.

දොම්පේ ප්‍රාදේශීය සභාවේ සභාපති මිලාන් ජයතිලක මහතාගේ සංකල්පනයකට අනුව සියනෑ පොත් ප්‍රදර්ශනය සංවිධානය කරනු ලබන්නේ දොම්පේ ප්‍රාදේශීය සභාවට අයත් කිරිඳිවැල මහජන පුස්තකාලය හා දීප්ත පාඨක සමාජය විසිනි.

ඇම්.ඩී.ගුණසේන සහ සමාගම, සදීපා ප්‍රකාශකයෝ, සූරිය ප්‍රකාශකයෝ, පොත් මිතුරෝ ඇතුළු පොත් ප්‍රකාශකයන් රැසක් සහභාගිවන මෙම පොත් ප්‍රදර්ශනයේ දී පාඨකයන් හට 5% සිට 40% දක්වා වට්ටම් සහිතව පොත් මිල දී ගැනීමට හැකියාව ඇත.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *