වර්තමාන දේශපාලනය තියෙන්නෙ අවිනිශ්චිත තත්ත්වයක – ආචාර්ය මයිකල් ප්‍රනාන්දු
තවමත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම එක තැන පල්වෙන මාර්තෘකාවක් වෙලා තියෙනව නේද?
තවමත් විධායක ජනාධිපති ක්‍රමය සම්පූර්ණයෙන් අහෝසි කරන්න බැරිවෙලා තියෙනව. යම් යම් ක්‍රියාමාර්ග ඔස්සේ විධායකයේ බලතල කප්පාදු වී තිබෙනවා. සම්පුර්ණයෙන් අහෝසිවීම කෙසේවෙතත් 20 වන සංසෝධනය තුළින්වත් එහි නිෂේධනීය තත්ත්වය රට මුදවාගැනීමේ අවශ්‍ය තාව අද තිබෙනව.
විසිවෙනි සංශෝධනයේ ඇති සහ ආගම් සහ ජාතීන් අතර ප්‍රශ්න වලදී ජනතාව දක්වන්නේ ඉතා වර්ගවාදී ප්‍රතිචාර නේද?
කොච්චර ආගම් හා දර්ශන තිබුණත් ලංකාවේ මිනිසුන් ඉන්නේ ඉතාම පටු කාල්පනික තත්ත්වයක. බොහෝ දෙනෙක් මිත්‍යාවිශ්වාස වල එල්බගෙන ඉන්නවා. මේ නැති කිරීමට ඉන්න සංඝයා වහන්සේලාම මිත්‍ය අදහස් පතුරවන වාහකයන් බවට පත්වෙලා තියෙනව. ඒකෙන්ම ඔවුන් රටට වගේම තමන්ගේ ශාස්තෘන්ගේ දර්ශනයට ලොකු පාඩුවක් කරගෙන තියෙනව.
අද ඡන්දදායකයන් ඡන්දය පාවිච්චි කරන්නේ, දේශපාලන ප්‍රතිපත්තිවලට වඩා තමන්ගේ පක්ෂයට හා පක්ෂයේ නායකත්වයට තියන අන්ධ භක්තියෙන් නේද? පක්ෂයක ප්‍රතිපත්ති හා රටට ඉදිරිපත් කරන සැලසුම් ගැන සලකා බලා බලයට පත් කළ යුතු පක්ෂ කුමක්ද කියල තීරණයක් ගෙන ඡන්දය පාවිච්චි හැඟීමක් ජනතාව තුළ නෑ නේද?
ඔව්. ඒකට දේශපාලන පක්ෂත් වගකියන්න ඕනැ. වමේ පක්ෂවලට නම් තියෙන්නෙ ඔවුන්ගේ පක්ෂ අතීතයේ දී කළ කී දෑ ගැන කතාකිරීම පමණයි. අතීත කාමය මිසක් වර්ථමානයේ දී ඔවුන්ට කළ හැකි කාර්යක් නෑ. කරන කාර්යයකුත් නෑ. ඒ වගේම එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මැතිතුමාගේ ශ්‍රී.ලං.නි.ප.ය ගත්තත්, එක්සත් ජාතික පක්ෂය ගත්තත් ඔවුන් කළ පැරණි දායකත්ව අද දකින්නට නැති කම දුර්වලතාවයක් විදිහට පේන්න තියෙනව. ඒකට හේතුව පුදගලයින් අවස්ථාවාදීවීම කියලයි මම නම් හිතන්නෙ. ඔවුන් කල්පනා කරන්නේ කොහොමහරි බලයට ඇවිත් බලය පාවිච්චි කර යැපෙන්න සහ ඥාති හිතමිත්‍රාදීන්ට සංග්‍රහ කිරීමයි. අපි පුරුදු වෙලා තියෙන මැතිවරණ හා ප්‍රජාතන්ත්‍රවාදි ක්‍රමයේම යම්කිසි දෝෂයක් තියෙනව කියල පේනවා.
ඒ කියන්නෙ රටට හිතවාදි දැක්මක් ඇතිව දේශපාලනය කරන පක්ෂ නැතිකම ද?
වර්ථමානයේ කොතරම් උගත් වුවත්, දැක්මත් තිබුණත්, ප්‍රතිපත්ති තිබුණත්, සුදුසු වුණත් බලය ලබාගන්න අමාරුයි.
දින පණස්දෙකේ අර්බූදයෙන් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනීසිටිමින්, ජනතා ආකර්ශනය දිනාගනිමින් එක්සත් ජාතික පක්ෂ සෑහෙන ඉදිරි පියවරක් ගොඩනගා ගත්තා. ඒ අවස්ථාවේ ඕනෑම මැතිවරණයකින් එජාප ය දිනන තත්ත්වයක් නිර්මාණය කරගෙන තිබුණා.
ඕනෑම මැතිවරණයකින් දිනන තත්ත්වයක් තිබුණා කියල කියන්න අමාරුයි. එක්සත් ජාතික පක්ෂය වැටිලා තියෙන තැනින් නැගිටලා ඉදිරි පිම්මක් පැන්නා කියලා කියන්න පුළුවන්.
එහෙත් ඒ තත්ත්වය මාස තුනක් ඇවෑමෙන් ක්‍රමයෙන් හීනවේගෙන යනව නේද?
ඔව්. එකපැත්තකින් එහෙම වෙනව. මෛත්‍රිපාල සිරිසේන මහින්ද රාජපක්ෂ සමග එකතුවීමෙන් කෙරුවෙ මෝඩකමක්. ජනාධිපතිතුමාට ඒ වෙනකොට ජනප්‍රියත්වයක් ගොඩනැගිලා තිබුණා. ඒක දින 52 අර්බූදයත් එක්ක නැතිවෙලා ගියා. එක්සත් ජාතික පක්ෂයේ ජනප්‍රියත් නැතිවෙලා ගියා. මහින්ද රාජපක්ෂ ගොඩනගාගෙන තිබුණු ජනප්‍රියත්වයත් නැතිවෙලා ගියා. එම් ඔක්කොම ජනතාවට එපා වීම තමයි දින 52 අර්බූදයේ ප්‍රතිඵල.
මේ සියලු නායකත්ව කඩාවැටීම තුළ ජනතාවට ඉදිරි නායකත්වයක් මග පෙන්වීමක් නැතිව ජනතාව අතරමං වෙලා ඉන්න බවකුයි පෙනෙන්න තියෙන්නෙ.
ඔව්. මේ තත්ත්වය යටතේ මැතිවරණයක් පැවැත්වුවහොත් කිසිම පක්ෂයකට රජයක් පිහිටුවීමට බලයක් ලැබෙන්නෙ නෑ. යම්කිසි සන්ධානයකට තමයි බලයක් ලබාගන්න හැකි වෙන්නෙ.
උතුරු නැගෙනහිර ඡන්ද තීරණාත්මකයි නේද? ඒ ඡන්ද වලට අයිතිවාසිකම් කියන්නෙ කවුද?
විශේෂයෙන්ම මෙතනදි වැදගත් වෙන දෙයක් තමයි උතුරු නැගෙනහිර ජනතාවගේ ප්‍රශ්න. පොදු අපේක්ෂකයෙක් වශයෙන් මෛත්‍රිපාල සිරිසේනගේ 2015 ජනවාරි 8 වෙනිදා බලයට පැමිණීම තුළ ඔවුන්ගේ ලොකු අපේක්ෂාවක් බලාපොරොත්තුවක් ප්‍රබෝධයක් තිබුණා. නමුත් දැන් ඒක හීනවෙමින් තිබෙන තත්ත්වයකයි තියෙන්නෙ. ඉඩම් ආපසු පැවරීම් වැනි දේවල් සාර්ථකව සිද්ධ වෙලා නෑ. අවුල්සහගත තත්ත්වයකයි තියෙන්නෙ. බලාපොරොත්තු දීමෙන් පමණක් උතුරු නැගෙනහිර ඡන්ද ලබාගැනීමට තවත් බෑ. ඔවුන් වෙනුවෙන් සාධනීය වැඩකොටසක් ඉටුකළ යුතුයි.
ද්‍රවිඩ ජනතාව නියෝජනය කරන පක්ෂ අතරත් සාමුහික අරමුණක් නෑ නේද?
ඔව්. ඒ පක්ෂ අතරත් නොයෙක් ප්‍රශ්න තියෙනව. සමහර පක්ෂ තවමත් ජාතිවාදීව කටයුතු කරනව. ටී.එන්.ඒ. එක හොඳ ස්ථාවරයක ඉන්න බව පේනවා.
‘අපේ හමුදා අතින් වැරදි සිදුවෙලා තියෙනව’ කියල ප්‍රථම වතාවට රාජ්‍ය පාලකයෙක් විසින් ප්‍රකාශයක් කෙරුවා. රනිල් වික්‍රමසිංහ මහතා විසිනුයි එම ප්‍රකාශය කළේ. ඒ පිළිබඳව සුමන්තිරන් ඇතුළු ද්‍රවිඩ දේශපාලඥයන් විසින් ප්‍රසාදයෙන් කතා කෙරුවා.
ඒකට පිළිතුරු වශයෙන් මහින්ද රාජපක්ෂ ප්‍රකාශයක් කරල තිබුණා, ‘යුධ අපරාධ කියල දෙයක් සිද්ධ වුණේ නෑ. යුධ හමුදාවට සම්බන්ධ අය පුද්ගලිකව වැරදි කෙරුවා වෙන්න පුළුවන්’ කියල. ඒ අයට දඬුවම් කෙරුවට කමක් නෑ කියල. මම නම් හිතන්නෙ එයට වඩා ජාතිවාදි විදිහට හැසිරීමකුත් හමුදාව පැත්තෙන් යුද්දෙ දි සිද්ධ වුණා කියලයි මම නම් හිතන්නෙ. සුදු කොඩි ප්‍රශ්නෙදි සුදු කොඩි අරගෙන ආපු අයට මොකද වුණේ කියන එක. ඒ වගේ නොපැහැදිලි කරණා තියනව. ඒ අර්බූදයේ ප්‍රතිපලයක් තමයි එවකට හිටපු හමුදාපති සරත් ෆොන්සේකා එම රජයට විරුද්ධව ජනාධිපතිවරණයකට ඉදිරිපත් වීම.
එතකොට හමුදාවක් වශයෙන් ත්‍රස්තවාදය පරාජය කරන සටනක් කරල ඒකෙන් රජයේ හමුදා ජයග්‍රහණය ලැබුවා. එක එතනින් අවසන් කර යුද්ධයක් ඇති වීමට හේතුව එයින් ඇති වූ හානි මොනවාද? යළි යුද්ධයක් ඇති නොවීමට නම් කළ යුත්තේ මොනවාද කියල හොයන්නෙ බලන්නෙ නැතුව යුද්ධයට ජතිවාදි ස්වරූපයක් ආරූඪ කරල යුධ වීරයන් නිර්මාණය කරල ඇයින් යැපෙන්න හැදුව නේද?
ඒකෙන් තවමත් මිදෙන්න බැරි වෙලා තියෙනව. ජාතිවාදයයි, ආගම්වාදයයි තවමත් කරපින්නාගෙන ඉන්නවා. පන්සල්වල ඉන්න සමහර හාමුදුරුවරු ආගම තුළන් මෛත්‍රිය, කරුණාව පතුරනව වෙනුවට වපුරන්නෙ ජාතිවාදය වෛරය. ආනගාරික ධර්මපාල තුමා වරක් ප්‍රකාශකළා පන්සල්වල ඉන්න හාමුදුරුවරු පඩික්කම් පුරව පුරව ඉන්නව හැරුණුකොට සමාජ ප්‍රශ්න දෙස අවධියෙන් බලන්නෑ කියල. අන්තිමට මිය යනකොට එතුමා ලංකාවේ පවතින සමාජ හා දේශපාලන තත්ත්වය ගැන හොඳටම කළකිරිලයි හිටියෙ. එතුමා යළි ලංකාවේ නොඉපදේවා කියලා මිය යන්න පෙර ප්‍රකාශකරලත් තියනව.
මේ වසර මැතිවරණ කියල කිව්වත් තවම මාස තුනක් ඉක්ම යාමට ආසන්න වෙලත් මැතිවරණයක් පැවැත්වෙන බවට දින නියමයක් නැහැ. එක්සත් ජාතික පක්ෂය ජනාධිපති මැතිවරණයක් අපේක්ෂා කරන විට. විපක්ෂය කැමති පළාත්සභා මැතිවරණයකට බවයි පෙනන්නේ.
එතනත් ප්‍රශ්නයක් තියනව. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කැඩුණු පොහොට්ටුව හිතනව පළාත් සභා මැතිවරණයක් තිබුණහොත් ඒ ගොල්ලන්ට වැඩිපුර වාසියි කියල. නමුත් එක්සත් ජාතික පක්ෂය එහෙම හිතන්නෙ නැහැ. ඔවුන් කැමති ජනාධිපති වරණයකට. මෛත්‍රිපාල සිරිසේන හිතන්නෙත් ජනාධිපතිවරණයක් අවොත් යළිත් බලයට එන්න පුලුවන් කියල. සමහරු කියනව ඉස්සරවෙලා තියෙන්නෙ ජනාධිපතිවණය කියල. කෝකද ඉස්සරවෙලා තියන්නෙ කියන එක දැන් ප්‍රශ්නයක්. මේ හැමදෙයකම අවිනිශ්චිත තත්ත්වයක් තමයි වර්තමාන දේශපාලනයේ පවතින්නෙ. බලයේ ඉන්න අය අතරත් බලය ලබාගන්නට උත්සාහ දරණ අය තරත් මේ අවිනිශ්චිතතාව තියනව.
ඉස්සරවෙලාම පවත්වන්නෙ කුමන මැතිවරණය ද කියල අවිනිශ්චිතතාවක් තියනව වගේම ජනාධිපතිවරණයක දි තමන් ඉදිරිපත් කරන අපේක්ෂකයා කවුද කියල කිසිම පක්ෂයක් ස්ථිර තීන්දුවකට ඇවිල්ලා නෑ.
මනෝජ් රූපසිංහ