කෝටි 500 දියමන්තිය කියා කොල්ලකෑවේ නොවටිනා පාෂාණයක් !

මාකඳුරේ මදුෂ් පිරිස් ඔහුගේ ප්‍රධානතම ගෝලයා වන කැළුම් නොහොත් කැවුමා ඇතුලු පිරිසක් යොදවා පන්නිපිටියේදී කොල්ල කන ලද බව පැවසු කෝටි 500ක් වටිනා බව කියන දියමන්තිය එතරම් වටිනාකමක් ඇති දියමන්තියක් නොවන බව ඒ ගැන පරීක්ෂා කරීමට මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට ඉදිරිපත් කළ පසු එය පරීක්ෂා කළ විශේෂඥ කමිටුව වාර්තා කර තිබේ.

මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති රෙජිනෝල්ඩ් කුරේ ප්‍රකාශ කළේ, මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කළ කමිටුව එය දියමන්තියක් නොව වෙනත් පාෂාණ විශේෂයක් වන බවට වාර්තාවක් ලබාදී ඇති බවයි. එය පරීක්ෂා කලේ දියමන්ති සම්බන්ධයෙන් සෝදිසි කිරීම ප්‍රගුණ කර ඇති දක්ෂතම නිලධාරීන්  තිදෙනෙකු බවත් ඔවුන්ගේ නිගමනය පිළිගැනීමට සිදුවන බවයි. ඒ අනුව එය නිකංම ගලක් වනු ඇතැයි පැවසේ.

 

නමුත් දියමන්තියේ හිමිකරු එය පිළිගැනීමට කැමතිවී නැත. ඔහු පවසා ඇත්තේ තමා පසුගිය කාලයේ මේ ගැන විවිධ තැන් කිහිපයකින් පරීක්ෂා කර ඇති බවත් දියමන්තියක් නොවන බවට කිසිවෙකු නොකී බවත්ය.
කෝටි 500ක් පමණ වටිනා බව කියූ මෙම දියමන්තිය විදෙස් රටක සේවය කරමින් සිටියදී හෝටලයක පස් ගොඩක් මත තිබී හමුවීමෙන් පසු ලංකාවට ගෙන ආ බව එහි හිමිකරු ප්‍රකාශ කර තිබුණි. කොල්ලය සිදුවූ නිසා දියමන්තිය නඩු භාණ්ඩයක් ලෙස පෑලියගොඩ පොලීසියේ ආරක්ෂිත සේප්පුවක තැන්පත් කර ඇත. එය තවම රජය සන්තකයේ පවතී.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *