ජලාශයකට විදුලියෙන් ජලය පුරවා විදුලිය නිපදවන්න සැලසුමක් !

කෑගල්ල දිස්ත්‍රික්කයේ මහ ඔය ප්‍රදේශයේ ජලාශයක් ඉදිකොට විදුලි බලයෙන් එයට ජලය පුරවමින් නැවත එම ජලයෙන් විදුලිය නිපදවීමට ලංකා විදුලි බල මණ්ඩලය සැලසුම් කොට ඇත . මහජන අදහස් විමසා තීන්දු දීම සදහා මහජන උපයෝගිතා කොමිසමට ලබාදී ඇති ලංකා විදුලිබල මණ්ඩලයේ දිගු කාලීන විදුලි ජනන සැලසුමෙහි මෙම යෝජනාවද ඇතුලත්ය . ඒ අනුව මෙගාවොට් 600ක බලාගාරයක් ඉදිකිරීමට නියමිතය.

මෙම බලාගාරයේ විදුලිය නිපදුවීමට කැළණි ගගෙන් ජලාශයට ජලය පොම්ප කරන්නේ විදුලි බලයෙනි. ඉන්පසු එම ජලයෙන් විදුලිය නිපදවීම සිදුකරනු ඇත. එවිට නිපදවිය හැක්කේ පොම්ප කිරීමට වැයවූ විදුලියට වඩා මදක්  අඩුවෙනි . එසේ වුවද ලංවීමට අනුව මෙය ඉතා වාසිදායක සැලසුමකි .

මෙම ක්‍රමය ඉතා වාසිදායක වන්නේ ජලාශයට ජලය පිරවීම දහවල් කාලයේ සිදුකිරීමත් එයින් විදුලිය නිපදවන්නේ උපරිම ඉල්ලුමක් ඇති සවස හයේ සිට රාත්‍රී දහය දක්වා කාලයේදී වීමත් නිසාය . දහවල් කාලයේ යොදාගන්න විදුලිය නිපදවන්නේ ගල් අඟුරු බලාගාර මගිනි .එය විදම් අඩු ය . රාත්‍රියේ ඉතිරි වන්නේ ඛනිජ තෙල් භාවිතයෙන් නිපදවන විදුලියය . අදික වියදමෙන් කරන එම විදුලිය නිපදවීම එමගින් විශාල ලෙස අඩු වෙයි . මෙයින් ලාභ  ලබන්නේ ඒ ආකාරයෙනි .

මෙම ක්‍රමය ඔස්ට්‍රේලියාව වැනි රටවලද සාර්ථක ලෙස ක්‍රියාත්මක වන බව කියති .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *