රුපියල බැස්සත් බඩු මිල ඉහළ යන්නේ නැතිලු

රුපියලේ හුවමාරු අගය නිදහසේ තීරණය වීමට මහ බැංකුව ඉඩ හැරීමෙන් පසුව ඩොලරයට සාපේක්ෂව රුපියලේ හුවමාරු අගය සියයට හතරකින් පමණ අඩු වී ඇතත් ඊට සාපේක්ෂව බඩුමිල වැඩිවීමක් හෝ උද්ධමනයේ ඉහළ යාමක් සිදු නොවනු ඇතැයි ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ප්‍රකාශ කොට  ඇතැයි වාර්තා වෙයි . ” ලංකා බිස්නස් ඕන ලයින්” වෙබ් අඩවිය වාර්තා කොට ඇති ආකාරයට එයට හේතු වන්නේ ජාත්‍යන්තර වෙළද පොලේ බඩු  මිල පහළ යාම හා දේශීය නිෂ්පාදනවල ඉහළයාමක් සිදුවීමයි .

මේ අතර වෙළෙද පොළ ආරංචි මාර්ග කියන්නේ රුපියලේ අගය ඩොලරයට රුපියල් 141ක් ආසන්නයේ ස්ථාවර වන ලකුණු පෙන්නුම් කරන බවයි . මෙරට පෞද්ගලික අංශයේ ණය ගැනීම් වලද ඉහළයාමක් පසුගිය දිනවල වාර්තා වී ඇත . එය පෞද්ගලික අංශයේ ආර්ථික කටයුතු වල වර්ධනයේ ප්‍රතිපලයක් බව විශ්වාස කෙරෙයි .

මෙරට විදේශ සංචිත තත්ත්වය යහපත් වීමත් උද්දමනය සියයට තුනකට අසන්න මට්ටමේ පැවතීමත් ඉදිරි කාලයේ දැකගත හැකිවනු ඇතැයි ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කියයි .

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *