මධූෂ්ගේ ප්‍රධාන ගෝලයා කැවුමාගේ නිවසෙන් මිලියන 1800කට අධික හෙරෝයින් අත්අඩංගුවට

ඩුබායි හි දී අත්අඩංගුවට ගැණුනු පාතාලයේ ගෝඩ් ෆාදර් ලෙසින් හඳුන්වනු බලන මාකඳුරේ මධූෂ්ගේ ප්‍රධානතම ගෝලයා ලෙස සැලකෙන දොඩම්දූව වඩුගේ කැළුම් ඉන්දික සම්පත් නොහොත් කැවුමා නැමැත්තාගේ නිවසක තිබී හෙරෝයින් කිලෝ ග්‍රෑම් 167 ක් අධික හෙරෝයින් ප්‍රමාණයක් ඊයේ (11) හසුවී තිබේ. එහි වටිනාකම රුපියල් මිලියන 1800කට අධික බව පැවසේ.

කැවුමා අත්අඩංගුවට පත්වූයේ පන්පිටියේ මැණික් ව්‍යාපාරිකයකුගේ නිවසක තිබී මංකොල්ලකන ලද කෝටි 500ක් වටිනා නිල් දියමන්තිය ගැන පරීක්ෂණ පවත්වද්දී කිරිබත්ගොඩ නගරය ආසන්නයේ දී ය..

මීට ප්‍රථම මොහු වාසය කළ පානදුර කෙසෙල් වත්ත ප්‍රදේශයේ  නිවසක තිබී කොල්ලකන ලද නිල් දියමන්තිය හා ජංගම දුරකථන100 කට අධික ප්‍රමාණයක්, ජීව අත් බෝම්බයක්, පතරොම් විශාල සංඛ්‍යාවක් සහ හමුදා නිල ඇදුම් රාශියක්, රුපියල් කෝටියකට වඩා මුදල් ප්‍රමාණයක් අත්අඩංගුවට ගන්නා ලදී.

මොහු පිළිබඳව වැඩිදුර විමර්ෂණ කිරීමේ දී මොහු වාසය කළ තවත් නිවසක් මොරටුව රාවතාවත්ත ද සොයිසා පාර අංක 126/3 යන ස්ථානයෙන් සොයාගෙන ඇති අතර ඊයේ එම නිවස පරීක්ෂා කිරීමේ දී  රුපියල් මිලියන 1600කට අධික වටිනාකමකින් යුත් හෙරෝයින් කිලෝ ග්‍රෑම් 150 කට අධික ප්‍රමාණයක්, ජීව උණ්ඩ 5000ක්, ටී.56 ගිනි අවි දෙකක් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් විසින් සොයාගෙන තිබේ.  හෙරෝයින් පාර්සල්167ක් සහ කුඩා පැකට්2000ක ප්‍රමාණයක් වශයෙන් නිවසේ කබඩයක හා පෙට්ටිවල අසුරා තිබී ඇත. මෙහි දී තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට පත් වී ඇත.

පැලීයගොඩ අපරාධ කොට්ඨාශ ඒකකය මගින් අත්අඩංගුවට ගෙන සිටි කැලුම් ඉන්දික හෙවත් කැවුමා ඊයේ මහර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණු අතර ඔහු ලබන 22 දක්වා බන්ධනාගාර ගතකිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝගකර තිබේ.

මනෝජ්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *