ඉතියෝපියානු ගුවන් යානයක් කඩාවැටී 157 දෙනෙක් මරුට

පුද්ගලයන් 157 දෙනෙකු රැගත් ඉතියෝපියානු ජාතික ගුවන් සේවයට අයත් යානයක් කඩා වැටීමෙන් එහි ගමන් ගත් සියලු දෙනා ජීවිතක්ෂයට පත් වී තිබේ. අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.

අප්‍රිකාවේ විශාලතම ගුවන් සේවය වන ඉතියෝපියාවේ ජාතික ගුවන් සේවයට අයත් බෝයින් 737 ගුවන් යානයේ ගමනාන්තය වී තිබුණේ කෙන්යාවේ නයිරෝබි අගනුවරයි.

යානය ඉතියෝපියානු වේලාවෙන් ඊයේ (10) පෙරවරු 08.39ට අඩිස්අබාබා අගනුවර ජාත්‍යන්තර බෝල් ගුවන්තොටුපලේ සිට කෙන්යාවේ අගනුවර වන නයිරෝබි නුවර දක්වා ගමන් ආරම්භකර ඇත. එරට ජාතික ගුවන් සේවය කල නිවේදනයකට අනුව යානය ගුවන්ගත වී මිනිත්තු 06කට පසුව කඩා වැටුණු බව පැවසේ.

එම අවස්ථාවේ කාර්ය මණ්ඩලයේ 08 දෙනෙකු සහ මගීන් 149 දෙනෙකු එහි ගමන් කර තිබේ. ගුවන් යානයේ ගමන්ගත් මතීන්ගේ ඥාතීන් කෙන්යාවේ නයිරෝබි ගුවන් තොටුපල වෙත පැමිණ සිය ඥාතීන් පිළිබඳ විමසීම් කරමින් සිටින බව වාර්තාවේ. අනතුරටපත් යානයේ රටවල් 30ක පමණ මගීන් සිට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

මනෝජ්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *