අපි දෙගොල්ල එකතුවුණේ නැත්නම් ජනාධිපතිවරණය දිනන්න බෑ – ශ්‍රී.ලං.නි.ප. මහ ලේකම් දයාසිරි ජයසේකර

ගම ඇතුළෙ ශ්‍රී ලංකා කාරයොත් පොදු ජන එක්සත් පෙරමුණේ සහෝදරවරුත් දෙගොල්ල අද ඉතාම එකමුතුවෙන් ඉන්නවා. ඔය ගොන්නු දෙනෙක් තුන්දෙනෙක් හැර ගම්වල. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර එසේ පැවසුවේ හම්බන්තොට දී පැවති ජනහමුවකදීය.

ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මහින්ද මහත්තයා කියපු විදිහට ‘මේ පක්ෂය නිසා තමයි මම අද මෙතන ඉන්නේ ඒ නිසා පක්ෂයට දෝහිවෙන්න ලෑස්තිවෙන්න එපා., පාර්ලිමේන්තු මන්ත්‍රිවරුගෙ ඉඳලා පලාත් සභා මන්ත්‍රිවරුන්ගෙ ඉඳල මහින්ද මහත්තයා රැක්කනම් රැක්කෙ වෙන කවුරුවත් නෙමෙයි අන්තිමට මහින්ද අමරවීර මහත්තයයි කියන එක මම තමුන්නාන්සේලාට කියන්න කැමතියි. නැත්නම් අද විපක්ෂ නායකකම හම්බ වෙන්නෙ නෑ. එහෙනම් මන්ත්‍රිකමත් නැහැ.

මහින්ද මහත්තයට අපි ආදරෙයි. ඒ වුණාට අපි ඉන්නෙ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ. දෙකට බැස්සත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක අපි ඉන්නෙ. දැන් පොදු ජන පෙරමුණට තනියම දිනන්න පුළුවන් ද? බෑ.

දැන් ජනාධිපතිවරණය එනව. අපි කියනව අපේ පක්ෂයේ නායකයා තමයි ඊළඟ ජනාධිපති අපේක්ෂකය වෙන්න ඕනැ කියල. බය නැතුව අපි කියනව. හැබැයි රජෝ අපි දෙගොල්ල එකතුවුණේ නැත්නම් ජනාධිපතිවරණයක් දිනන්න බෑ. එක තේරුම් ගන්නෙ නැතුව කවුරුහරි ඔලමොට්ටලයෙක් කියනව නම් අපිට පුළුවන් කියල, කරුණාකරල ගිහිල්ල දිනාගන්න කියන්න. අපි ඉන්නම් පැත්තකට වෙලා.

මනෝජ්

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *