ජිනිවා මානව හිමිකම් කවුන්සලය ගෙන ආ යෝජනාවට අපි එකඟයි – දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ. සුමන්තිරන්

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් 8 වෙනිදා ඉදිරිපත් කරන ලද වාර්තාව තම පක්ෂය පිළිගන්නා බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි  එම්. ඒ. සුමන්තිරන් මහතා ප්‍රකාශ කරයි.

මේ යෝජනාවට ජනාධිපතිවරයා එරෙහි වන්නේ නම් තම සන්ධානයට ක්‍රියාමාර්ගයක් ගැනීමට සිදුවන බවට ඊයේ (9) යාපනයේ පැවති මාධ්‍ය හමුකදී ඔහු අනතුරු ඇඟවීමක් කළේය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වාර්තාවක් ඊයේ (8) වනදා ඉදිරිපත් කර ඇති අතර එමගින් ශ්‍රී ලංකාවට යෝජනා රැසක් ඉදිරිපත් කර ඇති බවත්, එම වාර්තාවේ ඇති නිර්දේශ මුල්කර ගනිමින් දෙමළ ජාතික සන්ධානය අද යාපනයේ දී මාධ්‍ය හමුවක් පවත්වමින් සිය පක්ෂයේ ස්ථාවරය ප්‍රකාශකර සිටියේය.

ජිනිවා මානව හිමිකම් සැසියට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වූ යෝජනාවේ ලංකාව එකඟ වූ වැදගත්ම කරුණු ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් රටට ලොකු පසුතැවීමක් ඇතිවෙලා තියෙනව. තිහ එක සම්බන්ධයෙන් ලංකාව එකඟ වූ කරුණු ක්‍රියාත්මක නොවීම නිසා 2018 මාර්තු මාසයේ සුළු ජාතීන්ට එරෙහිව කළහ කාරී සිදුවීම් සිදු වුණා. ඒ විතරක් නෙමෙයි ප්‍රජාතන්ත්‍රවාදයට රටේ නීතියට පරිබාහිරව ඔක්තෝම්බර් නොවැම්බර් මාසයේ දී ලංකාවේ අති වූ සිද්ධියත් ඇති වුණේ ඒනිසයි.

ඒ කරුණු ඊයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය විසින් ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන් වෙනව. ඒ වගේම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ කාර්යාලයක් ලංකාව තුළ පිහිටුවීමට ආරාධනා කළ යුතුයි සහ ඔවුන්ගේ සහයෝගය අඛණ්ඩව ලබාගත යුතුයි කියලත් යෝජනා කරල තියෙනව.

ජාත්‍යන්තර අපරාධ අධිකරණ නීතියට එකගවන රෝම ලන්දේසි නීතියට ලංකාව එකඟ විය යුතුයි යන්නත් මෙම වාර්තාවේ සඳහන් වෙනවා. මේ වගේ කරුණු ඇතුළත්ව තියෙන නිසා දෙමළ ජාතික සන්ධානය විදිහට අපි මේ වාර්තාව සම්පූර්ණයෙන් පිළිගන්නවා.

අග්‍රාමාත්‍ය කාර්යාලයයි විදේශ කටයුතු අමාත්‍යංශයයි ගෙන ඒමට සූදානම් වන නව යෝජනාවට සම අනුග්‍රහය දක්වනවා කියල ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරල තියෙනව. මහින්ද රාජපක්ෂගෙ පාර්ශ්වය සමඟ එකතුවෙලා ඉන්න ජනාධිපතිත් දෙමළ ජනතාව වෙනුවෙන් ඉන්නව කියන සමහර අයත් තමයි මේ යෝජනාව සම්මත වීම වලක්වාලීමට කටයුතු කරන්නෙ.

ජනාධිපතිතුමා ඒ වගේ ක්‍රියාමාර්ගයක් ගත්තොත් අපි වෙනත් ක්‍රියාමාර්ගයක් අනුගමනය කරනව.

මනෝජ්

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *