මහින්දානන්දගේ පුතා බීමතින් ඩිපෙන්ඩරයට යටකර පලාගිය බොරැල්ල රථවාහන OIC ජීවිතක්ෂයට

මහින්දානන්ද මන්ත්‍රීවරයාගේ පුතා බීමතින් ඩිපෙන්ඩර් රථයට යටකර පලාගිය බොරැල්ල රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා  බරපතල තත්ත්වයෙන් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිට  මීට සුළු මොහොතකට පෙර මියගොස් ඇත.

යතුරුපැදියකින් කොල්ලුපිටිය පොලිස් ස්ථානය වෙත ගමන් කරමින් සිටි බොරැල්ල රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා පෙබරවාරි මස 24 අලුයම 4.35ට පමණ බම්බලපිටිය ප්‍රදේශයේදී ඩිෆෙන්ඩර් රථයක ගැටීමෙන් අනතුරට ලක්ව තිබුණි.

අනතුරෙන් ස්ථානාධිපතිවරයා බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණ අතර, ඔහු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ඔහු මීට සුළු මොහොතකට පෙර මියගොස් ඇත.

කෙසේ වෙතත් මෙලෙස දැඩි සත්කාර ඒකකයේ බොරැල්ල රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා  බරපතල තත්ත්වයෙන් ප්‍රථිකාර ලබද්දී අධිකරණය මහින්දානන්ද මන්ත්‍රීවරයාගේ පුත්‍රයා සහ සෙසු පිරිස ඇප මත නිදහස් කරන ලදි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *