|

පොදු ජනතාව ගැන බැලූ අයවැයක් – ආණ්ඩුව ; මැතිවරණය ඉලක්ක කරගත් අයවැයක් – විපක්ෂය

ජනතාවට ශක්තිය – දුප්පතුන්ට රැකවරණය තේමාව යටතේමෙවර අයවැය මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින්ඉදිරිපත් කරන ලද අතර ‘එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා, ව්‍යපෘතිය යටතේ එහි ප්‍රතිලාභ ජනතාවට ලබා දීමට රජය අපේක්ෂා කෙරේ.

2015 වසරේ අපට බාර ගන්නට සිදු වූයේ පුපුරා යාමට ආසන්න වූ කාල බෝම්බයක් වැනි ආර්ථිකයක්. මේ වසරේ අයවැය අපි හදුන්වන්නේ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා, ජනාතාවට ශක්තිය – දුප්පතුන්ට රැකවරණය යන තේමාව යටතේයි. මේ තුළින් පොහොසත් සමාජයක් බිහිකරන්න පුලුවන් වෙයි කියල අපි විශ්වාස කරනව.

ගම්පෙරළිය වැඩසටහන 2018 ජුනි මස දී ආරම්භ කළ අතර දවස් 52 කුමන්ත්‍රණයේ පළවන ගොදුර බවට පත්වූයේ මෙම වැඩසටහනයි. අපි කණගාටුවෙනවා, ඒ මුදල් ඇමතිතුමා මේ ගම්පෙරළිය නවත්වන්නයි ඉස්සරවෙලාම කැබිනට් පත්‍රිකාවක් ගෙනාවෙ. යළිත් නීතියානුකූල ආණ්ඩුව පත්වුණු විගස යළිත් ඉස්සර වෙලාම ගෙනාමේ මේක යළි ආරම්භ කරන කැබිනට් ප්‍රත්‍රිකාව.

නව ව්‍යවසාකයන් අධ්‍යෛර්යමත් කරන බැංකු නිලධාරින් ඉන්නව. මාතර පොහොට්ටුවෙ සභාපතිතුමාත් මේ ණය අරගෙන තියනව. එහෙත් මෙතනදි අධෛර්යමත් වෙන විදිහට කතා කළා. ඒ නිසා අපි විශේෂ කෝල් සර්විස් එකක් (හොට් ලයින්) වෙනම විවෘත කරල තියෙනව 1925ට ඇමතුමක් දෙන්න. ඒ හැම තොරතුරම මටත් එනවා අදාල බැංකුවටත් යනව.

අද ලංකාවේ ලක්ෂ දහයකට වැඩි ජනතාවක් ඉන්නව අද තමන්ගෙ ගෙවල්වල සාමාන්‍ය වැසිකිලි පහසුකම් වත් නැතිව. උදාහරණයක් හැටියට ගත්තොත් අපේ විපක්ෂනායකතුමාගෙ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලක්ෂයකට අධික පිරිසකට වැසිකිලි පහසුකම් නෑ. මෙන්න මේකද සංවර්ධනය. අපි දැනටම පටන්ගත්තා. තමුන්නාන්සේලාගෙ ආණ්ඩුවක් අවුරුදු දහයක් තිබිලත් මොනරාගල විතරක් ටොයිලට් නැති ගෙවල් 25000ක් තියනව. ලැජ්ජයි මේකද සංවර්ධනය. අපිත් මහාමාර්ග හදනව. අපිත් අධිවේග මාර්ග හදනව. අපි මහනුවරට හදනව, අපි යාපනේටත් හදනව අපේ කාලේ ඉවරවෙන්න ඉස්සරවෙලා හැබැයි තමුන්නාන්සේලාගේ ආණ්ඩුවෙයි අපේ ආණ්ඩුවෙයි අතර වෙනස, අපි ඉහළ සංවර්ධනය කරනගමන් පල්ලෙහා මට්ටම ආරක්ෂා කරනව. මේ වසර අවසන් වෙන්න ඉස්සර මේ රටේ වැසිකිලි නැති ගෙදරක් නැති වෙන්න මම රුපියල් බිලියන හතරක් වෙන්කරනව.මිලියන 4000ක්.

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා එසේ ප්‍රකාශකළේ ඊයේ (5) වනදා පාර්ලිමේන්තුවේ දී වත්මන් ආණ්ඩුවේ පස්වන අයවැය වාර්ථාව ඉදිරිපත් කරමිනි.

අය වැයට අනුව ගම්පෙරළිය වැඩසටහන ශක්තිමත් කිරීම සදහා මේ වසරේ රුපියල් මිලියන 48000ක් වෙන් කර ඇති අතර ජාතික තරුණ සේවා වභාවේ සහතිකපත් ලාභීන්ට එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය ලබාදීමේ දී ප්‍රමුඛත්වය ලබාදීමට කටයුතු යොදා ඇත. එසේම කුඩා හා මධ්‍යපරිමාණ ව්‍යවසායකයන්ට ඇප සුරැකුම් ලබාදීම සදහා අරමුදලක් පිහිටුවීමට රුපියල් මිලියන 500ක් වෙන් කිරීමට තීරණය කර තියෙනව.

කුඩා ට්‍රක්රථ මත පනවා ඇති නිෂ්පාදන බදු ද අඩුකිරීමට මේ අයවැයෙන් පියවර ගනු ලබනව.

එක් මැතිවරණ කොට්ඨාශයක් සදහා ප්‍රතිපාදන රුපියල් මිලියන 200 සිට රුපියල් 300 දක්වා වැඩි කර ඇතැයි ද මුදල් අමාත්‍යවරයා අනාවරණය කළේය.

රබර් අලුතින් හා නැවත වගාකිරීමට රුපියල් මිලියන 800ක් මෙවර අයවැයෙන් වෙන් කෙරේ.

සියලුම පාසල් දරුවන්ගේ පෝෂණය ඉහළ නැංවීමට නොමිලේ කිරි වීදුරුවක් සියලුම ග්‍රාමිය පාසල් වල ළමුන් වෙත දීමට යෝජිත අතර වැසිකිලි පහසුකම් සංවර්ධනය වෙනුවෙන් රුපියල් මිලියන 4000ක් වෙන්කිරීමට පියවර ගැනේ.

අවුරුදු 20ක් තුළ රුපියල් 1000කින් පමණක් වැඩි වූ රණවිරු දිමනාව රුපියල් 5000කින් වැඩි කෙරේ.

මේ අනුව මෙම අයවැය සාමාන්‍ය ජනතාවට සහනදායි අයවැයක් බව පොදුමතය වී ඇති අතර විපක්ෂය විසින් එය හදුන්වනු ලබන්නේ මැතිවරණය ඉලක්ක කර ගනිමින් ගෙනෙන ලද අයවැයක් බවයි.

මනෝජ් රූපසිංහ

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *