කෝටි 500 දියමන්තිය හමුවේ , රත්ත්‍රන්බඩු , කෝටියකට වැඩි මුදල් , අවි ආයුධ අත්අඩංගුවේ

පන්නිපිටියේ නිවසකින් මංකොල්ල කන ලද කෝටි 500ක් වටිනා දියමන්තිය පානදුර කෙසෙල්වත්ත ප්‍රෙද්ශයෙන් සොයාගැනීමට ඊයේ (5) පෑලියගොඩ කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය සමත් වී තිබේ. කලින් වාර්ථාවූවේ මෙම දියමන්තිය ලංකාවෙන් ගෙනගොස් මධුෂ් අතර පත්කර ඇති බවයි. එම නිවසේ මේ දියමන්තිය සමග ස්වර්ණාබරණ කීපයක් ද ජංගම දුරකථන 26ක් ද සොයාගෙන තිබේ.

ඉන්පසුව මොරටුව කටුබැද්ද පී.බී. අල්විස් පෙරේරා මාවතේ පිහිටි නිවසක්ද පොලීසිය විසින් පරීක්ෂාවට ලක්කළ අතර එහි තිබී ටී 56 උණ්ඩ රාශියක්, මාංචු කට්ටල, හමුදා නිල ඇදුමට සමාන ඇදුම් වලට සමාන ඇදුම් ද අත්බෝම්බයක් ද සොයාගෙන ඇත.

එසේ සොයාගන්න ලද්දේ කිරිබත්ගොඩ ප්‍රදේශයේ දී මේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් කැලුම් ඉන්දික සම්පත් නොහොත් කැවුමා නමැති සැකකරුවෙකු විසින් කරන ලද අනාවරණයක් මතයි.

අත්අඩංගුවට ගත් කැලුම් සම්පත් නමැති එම සැකකරු මාකදුරේ මධෂ්ගේ පියාගේ අවමංගල්‍ය සදහා ගුවනින් මල් ඉසීම, විඩියෝගත කිරීම ඇතුලු සංවිධාන කටයුතු සිදුකළ මධූෂ්ගේ සමීතමයකු බව පොලීසිය පවසයි.

සැකකරුගේ පිටිගල පිහිටි නිවසේ වලදමා තිබිය දී කෝටි එකහමාරක මුදලක් සොයාගැනීමට හැකියාව ලැබී තිබේ. 2005 වසරේ දී නඩු කිහිපයකට වැරදිකරු වූ මොහු වසර 10ක සිර දඩුවමක් ලැබ 2015 දී බන්ධනාගාරයෙන් නිදහස්වන මොහු මාකදුරේ මධූෂ් ගේ අපරාධ මෙහෙයවීම හා ඒ සදහා උදව් කිරීම කර තිබේ. ඔහු රුපියල් ලක්ෂ 37ක මුදලකට මිලදී ගත් වෙඩි නොවදින සුරයක් ද ඔහු පැළද සිට ඇති බවට හෙළිවී තිබේ.

මනෝජ්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *