තලෙයිමන්නාරම – දනුස්කොඩි පාලම ගැන එකගවුයේ නැහැ – අගමැති පාර්ලිමේන්තුවේදී කියයි

තලෙයිමනාරාම හා දනුස්කොඩි අතර මුහුදු මාර්ගයක් ඉදිකිරීමේ වාසි ගැන ඉන්දියා මාර්ග ප්‍රවාහන හා මහාමාර්ග ඇමැති නිටින් ගත්කාරී මහතා තමාට කරුණු දැක්වුවද ඒ ගැන එකගත්වයක් ඇති නොවූ බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය . තම ඉන්දියා සංචාරය ගැන පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක් කරමින් අගමැතිතුමා මේ බව පැවසීය .

කෙසේ වෙතත් ප්‍රෙස් ට්‍රස්ට් ඔෆ් ඉන්දියා ඇතුළු ඉන්දියාවේ පුවත් සේවා පසුගියදා වාර්තා කළේ මෙම මුහුදු මාවත සම්බන්ධයෙන් තීරණ ගැනීමට දෙරටේ රාජ්‍ය තාන්ත්‍රික නිලදාරීන් අතර හමුවක් ලබන මස පැවැත්වීමට එකගත්වයක් ඇති බවයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *