|

හඳුන්නෙත්ති, මෛත‍්‍රී ඉදිරිපස තබාගෙන කළ බැඳුම්කර කතාව?

ශ‍්‍රී ලංකා විගණන සංගමයේ 61වැනි සංවත්සරය පසුගිය විසිහත්වැනිදා විගණන දෙපාර්තමේන්තුවේදී පැවැත්විණි. ඒ අවස්ථාවට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන, කතානායක කරූ ජයසූරිය, කෝප් කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති, ගිණුම් කාරක සභාවේ සභාපති ලසන්ත අලගියවන්න ඇතුළු විශේෂ අමුත්තන් පිරිසක් එම අවස්ථාවට සහභාගි විය. ජනාධිපතිවරයා සභාව ආමන්ත‍්‍රණය කිරීමට පෙර අවස්ථාව ලැබුණේ කෝප් කමිටු සභාපතිවරයාටය. එදින එම වෙලාව ලංකාවේ සිදුවුණ සුවිශේෂී බැදුම්කර ගනුදෙනුවට වසර හතරක් සම්පූර්ණ වූ අවස්ථාව වීම කෝප් සභාපතිවරයාට සිය දේශනයට නිමිත්තක් විය. සුනිල් හඳුන්නෙත්ති කෝප් සභාපතිවරයා සිය දේශනය ආරම්භ කළේ එදින පෙරවරු 11.10යටය. ”මට කතාව ලැබුණ වෙලාවත් විශේෂ වෙලාවක්. මීට වසර හතරක කලින් මේ වගේ වෙලාවක තමයි කුප‍්‍රකට මහ බැංකු බැඳුම්කර වංචාව සිදුවුණේ. වසර හතරක් ගත වෙලත් තවම ¥ෂිතයින්ට දඩුවම් දීලා නැහැ. සිදුවුණ පාඩුව අයකරගන්න කටයුතු කරලා නැහැ. අපි කෝප් කමිටුවේ මේ ගැන විමර්ශනය කරලා වාර්තාවක් ඉදිරිපත් කළා. ජනාධිපතිතුමත් කොමිසමක් දාලා වාර්තාවක් ඉදිරිපත් කළා. නමුත් වාර්තා එළිදක්වනවා විතරයි ඉදිරි ක‍්‍රියාමාර්ගයක් නැහැ. කමිටුවලට නීති ක‍්‍රියාමාර්ග ගන්න බැහැ. විධායකය තමයි ඒ දේවල් ක‍්‍රියාත්මක කරන්න මැදිහත් වෙන්න ඕනෑ. රජයේ සේවකයින්ට පඩිය විතරයි ලැබෙන්නේ. ඒ අය විශාල කැපවීමක් කරලා ආරක්ෂා කරලා දෙන ජනතාවගේ මුදල් දේශපාලකයෝ එකතුවෙලා හොරකම් කරනවා. ඇතැම් දේශපාලකයෝ හොරුන්ගෙන් අල්ලස් අරගෙන සැප විඳිනවා. මේ වගේ රාජ්‍ය සේවකයින් පිරිසක් ආමන්ත‍්‍රණය කිරීමට ලැබීම ගැන ආඩම්බරයි. නමුත් මේ වගේ දේශපාලකයින් ගැන හිතනකොට ඉතාම කණගාටුයි.” සිය කතාවේදී සුනිල් හඳුන්නෙත්ති කියා සිටියේය. මෙම කතාවෙන් අනතුරුව ජනාධිපතිවරයා හඳුන්නෙත්තිගේ කතාවට පිළිතුරක් ලබාදුනි. ”හොරු අල්ලන්න ආණ්ඩුවක් තියෙන්න එපැයි. දැන් හොරු අල්ලන ආණ්ඩුවක් නැහැ.” ජනාධිපතිවරයා කියා සිටියේය.

මේ අතර මහ බැංකු බැඳුම්කර වංචාවට වසර හතරක් සම්පූර්ණ වී තිබියදී ¥ෂිතයින් අත්අඩංගුවට නොගැනීමට විරෝධය පළකරමින් ¥ෂණ විරෝධී හ`ඩ සංවිධානය උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණේද පසුගිය 27වැනිදාය. ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටට පැමිණි ¥ෂණ විරෝධී හ`ඩ සංවිධානය ඇතුළු සිවිල් සංවිධාන ක‍්‍රියාකාරීහු ¥ෂිතයින් අත්අඩුංගුවට නොගැනීම පිළිබඳව ජනාධිපතිවරයාට සිය විරෝධය පළ කළෝය. මේ අවස්ථාවට ¥ෂණ විරෝධී හ`ඩ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ, කෝප් කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්තිද සහභාගි විය.

කෝප් කමිටුවට ආපු රහසිගත පුද්ගලයා…

නව නිපැයුම්කරුවන්ගේ කොමිසම පසුගිය කෝප් සභා වාරයට කැඳවා තිබුණේ එම කොමිසමේ සිදුවන අක‍්‍රමිකතා පිළිබඳව විමර්ශනය කිරීමටය. එම කොමිසමට එරෙහිව එල්ල වී තිබුණ චෝදනා වූයේ නව නිපැයුම්කරුවන්ට ලබා දිය යුතු ආධාර මුදල් ලබානොදී වෙනත් විවිධ ව්‍යාපෘති නමින් වියදම් කිරීමය. මෙවර කෝප් සභාපතිවරයා ඇතුළු නිලධාරීහු උපක‍්‍රමයක් යොදා කොමිසමේ නිලධාරීන්ගෙන් ප‍්‍රශ්න කිරීමට සැලසුම් කළෝය. ඒ, අසාධාරණයට ලක්වූ නව නිපැයුම්කරුවෙකු රහසිගතව ගෙන්වා තබාගෙන ඔහු ඉදිරිපිටදී කොමිසමේ නිලධාරීන්ගෙන් ප‍්‍රශ්න කිරීමය. මෙහිදී හෙළි වූයේ නව නිපැයුම්කරුවන්ට ලබාදිය යුතු මුදල් වෙනත් උත්සව සඳහා වෙන්කිරීම්, සත්‍ය නව නිපැයුම්කරුවන් වෙනුවට හිතවත් පුද්ගලයින්ට මුදල් ලබාදෙන අයුරින් ඔවුන් විදෙස් සංචාරවල රැුගෙන යමින් කොමිසමේ නිලධාරීන් මුදල් අයථා පරිහරණයේ යෙදෙන බවය. මේ සම්බන්ධයෙන් ඉදිරියේදීත් විමර්ශනය කිරීමට කෝප් කමිටුව තීරණය කර තිබේ.

මෛත‍්‍රී පොරොන්දු වූ මිලියන 1000ත් නැහැ. රනිල් පොරොන්දු වූ මිලියන 1500ත් නැහැ…

මේ වනවිට වී ගොවියන් විසින් වී අස්වැන්න නෙළමින් සිටින අතර වී මිල සහතික මිලට වඩා විශාල අඩු අගයක් දක්වා පහත වැටී තිබේ. මේ සම්බන්ධයෙන් සමස්ත ලංකා ගොවිජන සම්මේලනය රට පුරා උද්ඝෝෂණ ක‍්‍රියාමාර්ගයක් දියත් කිරීමට තීරණය කර තිබේ. ඒ සම්බන්ධයෙන් වූ විශේෂ සාකච්ඡුාවක් පසුගියදා කොළඹදී පැවැත්විණි. ”කාලයක් ගොවියෝ නියඟය නිසා බැට කෑවා. තව කාලයක් සේනා දළඹුවා නිසා බැට කෑවා. දැන් අමාරුවෙන් ගෙට ගත්ත වී ටික විකුණගන්න බැරිවෙලා.” ගොවි සංගමයේ ලේකම් ටී.බී. සරත් කියා සිටියේය. ”රනිලූයි මෛත‍්‍රීයි තරගෙට කැබිනට් පේපර් දානවා. නමුත් ක‍්‍රියාත්මක වෙන්නේ නැහැ. පහුගිය අවුරුද්දේ ජූලි මාසේ තමයි රනිල් කැබිනට් පේපර් එක දාන්නේ වී මෝල් හිමියන්ට සහන දෙන්න කියලා. ඒක අගෝස්තු මාසේ සම්මත කරගෙන රුපියල් මිලියන 1500ක් වෙන්කළා වී මෝල් හිමියන්ට සහන පොලියට ණය දෙන්න කියලා. නමුත් ක‍්‍රියාත්මක වුණේ නැහැ. පස්සේ මීට මාසෙකට පමණ කලින් මෛත‍්‍රීත් අ`ඩබෙර ගහලා මීඩියාවලට කියලා වී මෝල් හිමියන්ට සහන දෙන්න කියලා රුපියල් මිලියන 1000ක් භාණ්ඩාගාරයෙන් වෙන් කරන්න කියලා උපදෙස් දුන්නා. නමුත් එකක් වත් ක‍්‍රියාත්මක නැහැ. ඒ මුදල්වලට මොකද වෙන්නේ. දැන් ගොවියෝ රුපියල් 28, 29 ගාණෙ වී විකුණනවා. හැම පැත්තෙන්ම ගොවියෝ බැට කනවා. ආණ්ඩුව පම්පෝරි ගහනවා.” නාමල් කරුණාරත්න තත්වය පැහැදිලි කළේය. ”කුඩා වී මෝල් හිමියෝ අසරණ වෙලා වී ගන්න මුදල් නැතුව. සමහර වී මෝල් වැහිලා යනවා. මහා පරිමාණ වී මෝල් හිමියෝ දැන් සද්දයක් නැතුව ඉන්නවා. වී ගන්න මැදිහත් වෙන්නේ නැහැ. ඒ අය දන්නවා තව කාලයක් ඇද්දාම ගොවියෝ අසරණ වෙනවා කියලා. එතකොට තුට්ටු දෙකට වී ටික ගන්න පුළුවන්. මේකට විරුද්ධව උද්ඝෝෂණ ක‍්‍රියාමාර්ගයක් සංවිධානය කරමු. සෑම ගොවි දිස්ත‍්‍රික්කයකම ගොවියෝ දැනුවත් කරලා උද්ඝෝෂණ සංවිධානය කරමු.” ලාල්කාන්ත යෝජනා කළේය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *