“මේ අවුරුද්දෙ ජනාධිපති ඡන්දෙ තියනවාමයි” – හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ඇල්පිටියේ දී කියයි

මහින්ද රාජපක්ෂ මහතා අද (28) දකුණු පළාත් සභා මන්ත්‍රි චම්ලි විදානච්චි මහතාගේ මෑණියන්ගේ දේහයට ඇල්පිටිය නාරංඕවිට පිහිටි නිවසේ දී අවසන් ගෞරව දක්වන ලදී. එහි දී මාධ්‍යවේදීන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ වෙත ප්‍රශ්න කීපයක් යොමු කරන ලද අතර පහත පළ වෙන්නේ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න හා විපක්ෂ නායකයා දුන් පිළිතුරුයි.

බැඳුම්කර වංචාව ගැන දැන් කිසිදු හැල හොල්මනක් නෑ නේද?

මේක බිරී අලින්ට වෙණ වයනවා වගේ වැඩක්. තමුන්ගෙ දූෂණ ගැන කතා කරන්නෙ නෑ අනුන්ගෙ දූෂණ ගැන තමයි කතා කරන්නෙ. නඩු දාන්නෙ නෑ ඒ කට්ටියට. බොහොම පැහැදිලිව ජනාධිපතිවරයා කියල තියෙනවනි, හොරු ඉන්න ආණ්ඩුවකින් බලාපොරොත්තු වෙන්න පුළුවන් මොකක්ද කියලා. ජනාධිපති කියන්නෙ, එයාලත් එක්ක එකට ආණ්ඩු කරපු ජනාධිපති වරයා.

මේ රටේ ආණ්ඩු පක්ෂයේ ඇමතිවරුන් පස්දෙනෙක් ඉන්නවාලු කොකේන් පාවිච්චි කරන කුඩු ගහන.

නෑ. ඉස්සරවෙලා කිව්වෙ විසි හතර දෙනෙක් ඉන්නව කියල. දැන් ඒක පහට අඩු වෙලා.

ඒ සම්බන්ධයෙන් මොකක්ද ගත යුතු පියවර?

වැඩේ තියෙන්නෙ, කොකේන් ගහන අය එළිකරන්න එපායැ. අපි දන්නෙ නැහැ කවුද ගහන්නෙ කියල. මම හිතන්නෙ නැහැ. හැම එක්කෙනාම කොකේන් ගහනව කියල.

ජනාධිපතිතුමා සමග අද සකච්ඡාවක් තියෙනවද?

එහෙම එකක් මට නම් දන්වල නෑ. පත්තරවලින් තමයි අපිත් දකින්නෙ.

මේ අවුරුද්දෙ ඡන්දයක් තියයි ද?

මේ අවුරුද්දෙ ජනාධිපති ඡන්දෙ තියනවා මයි. මම හිතන්නෙ. අනිත් ඡන්ද ගැන නම් සැකයි. පැරදෙයි කියල බයයි ආණ්ඩුව.

 

 

 

මනෝජ්

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *