පළමු වරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වත්කම් බැරකම් ප්‍රසිද්ධ කරයි

ශ්‍රී ලංකා ඉතිහාසයේ  ප්‍රථම වාතාවට දේශපාලන පක්ෂ කිහිපයක පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් පස් දෙනෙකු විසින් සිය වත්කම් හා බැරකම් ප්‍රකාශ මහජනයා සඳහා ප්‍රසිද්ධ කර තිබේ.

ඒ කොළඹ Transparency International Sri Lanka  ආයතනයේ මැදිහත් වීමෙන් බවයි වාර්තා වන්නේ.

තාරක බාලසූරිය, වාසුදේව නානයක්කාර, එම්.ඒ සුමන්තිරම්, විදුර වික්‍රමනායක, එරාන් වික්‍රමරත්න යන මන්ත්‍රීවරුන් මෙලස සිය වත්කම් හා බැරකම් මහජනයා සඳහා ප්‍රසිද්ධ කර තිබේ.

තාරක බාලසූරිය, වාසුදේව නානයක්කාර, එම්.ඒ සුමන්තිරම්, විදුර වික්‍රමනායක යන මන්ත්‍රීවරුන්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ පාර්ලිමේන්තු ලේකම්වරයාගේ අත්සනින් සහ රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්නගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් යුක්තව ප්‍රකාශ කර තිබේ.

එම වත්කම් බැරකම් ප්‍රකාශ පහත ලින්ක් එකෙන්

MPs – Asset Declarations

Leave a Reply

Your email address will not be published. Required fields are marked *