බෞද්ධ රටේ යුධ අපරාධ මදිවට බාල අපරාධත් ඉහළට – මහින්ද රත්නායක

කොටදෙනියාවේ පස් අවුරුදු දැරියක බරපතල ලෙස ලිංගික අපයෝජයට ලක්කර ඝාතනය  කිරීට එරෙහිව සමාජයෙන් බරපතල විරෝධතාවයක් මතුවී තිබේ. එම විරෝධය කොතෙක් දුරට බරපතල දැයි කිවහොත් නැවත එල්ලූම් ගස ක‍්‍රියාත්මක කිරීමට තමන් සුදානම් බව ද ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේ ය. මෙයට දැන් අවශ්‍යව ඇත්තේ පාර්ලිමේන්තුවේ අනුමැතිය පමණි. රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදි ප‍්‍රතිසංස්කරණ වලට අත උස්සන්නට සුදානම් නැතිවූවාට මරණ දණ්ඩනය ක‍්‍රියාත්මක කිරීමට පක්ෂව ඡුන්දය දෙන්නට 2/3කටත් වඩා මන්ත‍්‍රීවරු අපේ පාර්ලිමේන්තුවේ සිටිති. එහෙයින් කිසිම සැකයකින් තොරව ඉදිරියේ  දී නැවතත් මේරට මරණ දණ්ඩනය ක‍්‍රියාත්මක වන රටක් බවට පත් වීමට නියමිත ය.

මරණ දණ්ඩනය අවසාන තීන්දුව වන බැවින් එය සාකච්ඡුා කිරීම පසුවට තබා මේ රටේ රැුල්ලක් ලෙස සිදුවෙමින් පවතින බාල වයස්කාර දරු දැරියන් ලිංගික අපයෝජනයට ලක්වීම සමාජ ප‍්‍රශ්නයක් ලෙස ප‍්‍රථමයෙන්ම සැළකිල්ලට ගතයුතුව ඇත. පසුගිය කාලය පුරාවට ප‍්‍රාදේශිය දේශපාලනඥයින්ගෙන් පමණක් නොව පාර්ලිමේන්තුවට පත්වූ මන්ත‍්‍රිවරුන්ට එරෙහිව ද දැරියන් ¥ෂණය කිරීමට එරෙහිව චෝදනා තිබේ. නීතිපති දෙපාර්තමේන්තුවෙන් මේවාට නඩු නොපැවරුන අතර ඒ මන්ත‍්‍රිවරයාට රාජපක්ෂගෙන් අධීක්ෂණ මන්ත‍්‍රි ධූරයක් ද ලැබුණු    බව රටට රහසක් නොවේ.

මෙවැනි  බරපතල සිදුවීම් පිළිබඳව නොඇසූ කන්වලා සිටි ජනයා මේ සිද්ධියේදී හෝ නිහඩව නොසිටීම යහපත් ප‍්‍රවනතාවය කි. එහෙත් මරණ දඩුවමදීමෙන් මෙවැනි සිද්ධින් නතර වන්නේ නැත. එහෙයින් සමාජයක් ලෙස  මුහුණ දී ඇති මේ ඛේදවාචකයට මුල්වී ඇති සමාජ හේතු සාධක පිළිබඳව ප‍්‍රථමයෙන් විමසා බැලිය යුතු ය. අනතුරුව ඒවාට පිළියම් යෙදිය යුතුව ඇත.
සමාජ ආරක්ෂණයක් නොමැතිවීම ළමුන් මේ ආකාරයට අපයෝජනයට ලක්වීමට ප‍්‍රධාන හේතුවකි. කොටදෙනියාවේ  සිද්ධිය   දෙමාපියන්ගේ නොසැලකිල්ල හේතු වී ඇති බව බැලූ බැල්මට පැහැදිළි ය.  දරුවෙකුට තිබෙන එකම ආරක්ෂකම ස්ථානය වන්නේ තම නිවස ය. නිවස  තුළ සිටි දරුවා නොමැති බව දෙමාපියන් දන්නේ පසුදා උදේය. ගෙදරක දොර ජනේල ඇත්තේ රැුබෝවන විට වසන්නට මිස විවෘතකර තබන්නට නොවේ. රටේ අපරාධ රැුල්ලක් ඇති මොහොතක දිනපතා විද්‍යුත් මාධ්‍ය වලින් අපරාධ වාර්තාවන විට තම දරුවන්ගේ ආරක්ෂාව කෙරෙහි දෙමාපියන් මෙයට වඩා සැළකිලිමත් වියයුතු ය. ඇතැම් දෙමාපියන්ට කුඩා දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ වගේවගක් නැත. එහෙයින් වලක්වාගත හැකි මේ අපරාධ වලින් වැඩි හරියක් සිදුවන්නේ දෙමව්පියන්ගේ නොසැළකිලිමත්වීම හේතුවෙනි.
මේ රටේ ජාතික ආදායමට වැඩි පංගුව එක්කරන්නේ මැදපෙරදිගට නුපුහුණු කාන්තා ශ‍්‍රමය විකිණීමෙනි. විශේෂයෙන්ම ගෘහ සේවිකාවන් ලෙස මැදපෙර දිගට යන මෙම පිරිසට අයත්වන්නේ බොහෝවිට පහළ ආදායම් ලබන පවුල්වල කාන්තාවන් ය. ආර්ථික ප‍්‍රශ්න විස\ ගැනීමේ අරමුණ ඇතිව විදේශගතවන මේ කාන්තාවන් ගේ පවුල්වල දරුවන්ගේ රැුකවරණය මේ සමගම අනතුරට ලක්වන බව අමුතුවෙන් කිවයුතු නැත. වසර පහට අඩු දරුවන් ඇති කාන්තාවන්ට මැදපෙරදිග යෑම තහනම්කර ඇති නමුත් ඒ මගින් අපේක්ෂිත ප‍්‍රතිඵල නොලැබෙන බව පැහැදිළි ය.  මේ නිසා එැවැනි පවුල්වල දරුවන්ගේ රැුකවරණයට මේයට වඩා සැළකිල්ලක් දැක්විය යුතුව ඇත. එසේ නැතිනම් නොපුහුණු ශ‍්‍රමය මැදපෙරදිගට යැවීමේ සංවර්ධන උපායමාර්ග වෙනස් කළයුතුවේ.

අනික් අතට අපරාධ පරික්ෂණ වල දුර්වලතාවයන් මෙන්ම රටේ නීතිය ක‍්‍රියාත්මකවීමේ ප‍්‍රමාදයන් ද සැළකිල්ලට භාජනය වියයුතු කරුණකි. අපරාධ නඩු අවසන් වන විට වසර 5-10 ගතවන බව ප‍්‍රසිද්ධ කාරණයකි. මේ ප‍්‍රමාදයන් වලක්වා ගැනීමට අපහසු නැත. නීතියේ රැුහැනට හසුවීම සහ ක්ෂණිකව පරික්ෂණ අවසන්ව දඩුවම් ලැබීමට ඇති ඉඩකඩ වැඩිවන විට  අපරාධ අඩුවන බව පර්යේෂණ මගින් පෙන්වා දී ඇත. සමාජමය විසඳුම් තිබිය දී සමාජ ප‍්‍රශ්නයක් වන මෙම අපරාධ රැුල්ල මැඩ පැවැත්වීමට  බොහෝ දෙනා යෝජනා කරන මරණිය දණ්ඩනය සාර්ථක විස\ුමක් නොවන බව ඉඳුරා පැවසිය හැක.

ඇමෙරිකා එක්සත් ජනපදයේ ඇතැම් ප‍්‍රාන්ත වල දැනුදු මරණිය දණ්ඩනය ක‍්‍රියාත්මක වේ. එහෙත් පුදුමය වන්නේ මරණිය දණ්ඩනය ක‍්‍රියාත්මක නොවන ප‍්‍රාන්තවලට වඩා එම ප‍්‍රන්තවල අපරාධ සිදුවීම ය. මෙයට අමතරව මරණිය දණ්ඩනයට ලක්වූ අයගෙන් සමහර අය සැබවින්ම වරදකරුවන් නොවන බව පසුව කරන ලද සමික්ෂණයන්ගෙන් හෙළිදරව්වූ අවස්ථාද නැතිවා නොවේ. මේ නිසා ළමා අපචාරවලට දැඩි දඩුවම් දිය යුතු අතරම මරණිය දණ්ඩනය ශිස්ඨ සම්පන්න ලෝකයට ගැළපෙන දඩුවම් ක‍්‍රමයක් නොවන බවත් එය ම්ලේච්චත්වයේ සංකේතයක් බව පැවසීමට බියවිය යුතු නොවේ.
යුධ අපරාධ වාර්තාව

ශි‍්‍ර ලංකාව සම්බන්ධ යුධ අපරාධ වාර්තාව මේ වන විට නිකුත් වී තිබේ. යුදුධය අවසන් අවස්ථාවේ බරපතල යුධ අපරාධ සිදුවී ඇති බවට විශ්වාස කළ හැකි තොරතුරු තිබෙන බව පවසන එම වාර්තාව මේ පිළිබඳ පරික්ෂණයක් පැවැත් විය යුතු බව පෙන්වා දී තිබේ. යුධ අපරාධ පරීක්ෂාකර බැලීම පිණිස දේශිය යාන්ත‍්‍රණයක් පිහිටුවන බවට නව රජය කලින්ම ප‍්‍රකාශකර තිබුණි. මෙයට ප‍්‍රතිචාරය දැක්වූ ගුණදාස අමරසේකර, ඇල්ලේ ගුණවංශ ප‍්‍රමුඛ මූලධාර්මික ජාතිකවාදීන් කිනම් හෝ පරීක්ෂණයක් අනවශ්‍ය බව ප‍්‍රකාශ කළේ ය. කෙසේ නමුත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ  මතය වන්නේ යුධ අපරාධ විමර්ෂණය කිරීමට දෙමුහුන් අධිකරණයක් අවශ්‍ය බව ය.

ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ නව ආණ්ඩුව පිළිබඳව මානව හිමිකම් කෙමිසමට විශ්වාසයක් ඇත. නමුත් ශි‍්‍ර ලංකාවේ අධිකරණ පද්ධතියේ  කඩා වැටීම දෙස බලනවිට දේශිය අධිකරණයකින් සාධාරණයක් ඉටු නොවන බව මානව හිමිකම් කොමිසමේ නිගමනය වී තිබේ. දෙමුහුන් අධිකරණයක් යෝජනා වී තිබෙන්නේ මේ තතු යටතේ ය. කෙසේ නමුත් මේ අදහස පිළිබඳව මේ රට තුළ මතයන් දෙකක් ඇති බව පෙනෙන්නට තිබේ. ජාතිවාදීන්ගේ ඝෝෂකයා වන විමල් වීරවංශ මේ වන විටත් තම ඝෝෂව ආරම්භකර ඇති අතර ඉදිරි දිනවලදී රට පුරා මෙයට එරෙහිව සම්මන්ත‍්‍රණ මාලාවක් පවත්වන බව දැනටමත් ප‍්‍රකාශකර තිබේ. පසු ගියදා පැවති අයි. ටී . එන්. නාලිකාවේ පැවති ගිරය වැඩසටහනේ දි අපේ රටේ අධිකරණයෙන් සාධාරණ තින්දුවක් නොළැබෙන බව ආචාර්ය දඹර අමිල හිමි ප‍්‍රසිද්ධියේ පැවසුවේ ය.

අමාත්‍ය රාජිත සේනාරත්නට අනුව මෙරට අධිකරණ පද්ධතිය යහපත් බව රෙදි ඇඳගන නම් කියන්නට බැරි බව කැබිනට් තීරණ දැණුම් දීමේ මාධ්‍ය සාකච්ඡුාවේ දී  විවෘතවම කියා සිටියේ ය. අවන්ට්ගාඞ් සිද්ධිය සහ රාජපක්ෂ රෙජීමයට එරෙහි පරීක්ෂණ පිළිබඳව නීතිපති දෙපාර්තමේන්තුවේ ප‍්‍රතිපත්තිය දෙස බලන විට සිංහළයාටවත් මෙරට අධිකරණ පද්ධතියේ සාධාරණයක් ඉටු නොවන බව  වැඩිදෙනාගේ පිළිගැනීමය. මෙවන් තතු යටතේ මෙරට අධිකරණයෙන් දෙමළ ජනතාවට සාධාරණයක් ඉටුවන බවට විශ්වාසයක් ඇතිකළ නොහැක.
රාජපක්ෂලා ඇතුළු නඩය මේ රටේ අධිකරණ පද්ධතියට කර ඇති විනාශය දෙස බලන විට අප රටේ අධිකරණ පද්ධතිය කෙරෙහි විශ්වාසය තබන ලෙස ඉල්ලා සිටිමට කිසිවෙකුට පුළුවන් කමක් නැත.

යුධ අපරාධ පිළිබඳ පරික්ෂණ සම්බන්ධයෙන් ශ‍්‍රි ලංකා රජයේ ප‍්‍රතිචාරය මේවනවිට ලබා දී ඇත. ඒ අනුව කුමණ ආකාරයට  ජාත්‍යන්තර උපකාර ගන්නේ ද යන්න ඉදිරියේ දී තීන්දු කෙරෙනු ඇත. කෙසේ නමුත් මෙරට අධිකරණ පද්ධතිය වැටී ඇති මේ ශෝචනීය තත්ත්වයෙන් ගොඩගැනීම ශ‍්‍රි ලංකාකීකයින් හැටියට අපිට වගකීමක් ඇත. එම නිසා මෙරට අධිකරණ  පුණරුත්ථාපනය කිරීමේ වගකීම ජනපතිට හා අගමැති ප‍්‍රමුඛ පාර්ලිමේන්තුවට පැවරී ඇතිබව අවධාරණය කර සිටිමු. කොමිසන් සභා පත්කිරීමේන් අනතුරුව අප‍්‍රමාදව සමස්ථ අධිකරණ පද්ධතියම ප‍්‍රතිසංවිධානය කළ යුතු අතර තරාතිරම නොබලා නීතිය ක‍්‍රියාත්මක වන බවට අපිට විශ්වාසයක් තැබිය හැක්කේ එයින් අනතුරුව පමණි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *