අර්බූධයෙන් ගොඩ ඒමට වාම හා විකල්ප බලවේග එකතුවිය යුතුයි – ආචාර්ය මයිකල් ප්‍රනාන්දු

ඉදිරි මැතිවරණ අරමුණු කරගෙන විවිධ පක්ෂ එකමුතුව සංධාන බිහිවීමේ ප්‍රවනතාවක් මේ දිනවල පෙන්නුම් කරනවා. ඒ පිළිබඳව දිනපතා පුවත් පල වෙනවා. මේ සන්ධාන වලින් රටට පලදායි කාර්යයක් ඉටු වෙයි ද?

ඔබ කිව්වත් වගේ මේ සම්ප්‍රදායික පක්ෂ එකතු වී සන්ධාන ගත වෙන්න හදන්නේ රටට හෝ ජනතාවට ආදරයට නෙමෙයි. විසිරී ඇති ඡන්ද එක ගොඩකට දමා ගෙන ජයග්‍රහණය කිරීමටයි. හැබැයි මේ සංධාන අතරින් වෙනස් වූ රට ගැන හිතන එක් සන්ධානයක් ද බිහිවෙමින් තියනවා. ඒ රටේ ස්වාධීන මත දරණ පුද්ගලයන්, විවිධ සමාජ ක්‍රියාකාරී කණ්ඩායම්, බුද්ධිමතුන්, සම්ප්‍රධායික වම ගැන කලකිරී එයින් ඉවත් වූ කණ්ඩායම්, අලුත් වාම මතධාරි කණ්ඩායම් එකතුවයි මේ සන්ධානය පිහිටුවා ගැනීමට සැලසුම් කරන්නේ. එහි දී ජනතා විමුක්ති පෙරමුණ විශාල කාර්යභාරයක් ඉටු කරනවා.

ජනතා විමුක්ති පෙරමුණ වටා ජනතාව එක් නොවෙන්න ඔවුන්ගේ අතීත ක්‍රියාකරකම් බලපානව නේද?

ඔව්. ඒකට කළ යුතුව තියෙන්නෙ, ඔවුන් විසින් ජනතාව ඉදිරියේ පාපෝච්චාරණය් කළ යුතුයි, ඔවුන්ගේ අතීත ක්‍රියාකරකම් ගැන. වැරදි සිදු වී ඇත්නම් එම වැරදි පිළිගන්නා අතරම ඉදිරියේ දී වැරදි නොවෙන බවටත් පොරොන්දු විය යුතුයි.

මීට දෙවසරකට පමණ පෙර කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රිඩාංගනයේ පැවති සමුළුවක දී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක විසින් කරන ලක කතාවක දී ජ.වි.පෙ. අතින් වැරදි සිදු වෙන්න ඇති බවක් කියා සිටියා මිසක් සිදු වූ වැරදි ගැන පිළිගැනීමක් සිදු වුනේ නෑ නේද?

ඔව්. එහෙම පූර්ණ වැරදි පිළිගැනීමක් සිදු වුන් නැහැ. එහෙම කිරීමේ අමාරුවක් තියෙනව. ඔවුන් ගත් ක්‍රියාමාර්ග වැරදි කියල කිව්වත් ඔවුන්ගෙන් පිරිසක් කඩාගෙන යනව. ඉස්සර වැරදි නිවැරැදි කර ගන්නව කියල කිව්වොත් අලුතෙන් පිරිසක් එකතු වුණත් එය ප්‍රමාණාත්මකව එතරම් විශාල පිරිසක් නොවෙන්න පුළුවන්. ඒ අතින් ජනතා විමුක්ති පෙරමුණ අර්බූදයක ඉන්නෙ.

පැරණි වම දැන් නැත්තට නෑ වගේ නේද?

පරණ වම දැන් වමේ කාර්යය ඉෂ්ඨ කරන්නෙ නැහැ. ඔවුන්ගෙන් වාමාංශික පක්ෂයක යම් කාර්යයක් ඉටු වෙයි කියල බලාපොරොත්තු වෙනත් බෑ. පසුගිය කාලේ ඒක තරමක් දුරට හරි ඉටු කෙරුවෙ ජනතා විමුක්ති පෙරමුණ. ඒවගේ ඔවුන් පටන් ගත් ක්‍රියාමාර්ග සාර්ථක වුණා. ප්‍රජාතන්ත්‍රවාදය රැකුනෙ ඔවුන් ගෙනගිය ක්‍රියාමාර්ගයෙ ප්‍රතිඵලයක් හැටියටයි. යළිත් වාම හා ප්‍රජාතන්ත්‍රවාදි කොටස් සියල්ල එකතුවෙනව හැරෙන්න වෙන විකල්පයක් නෑ කියන එකයි මගෙනම් අදහස.

ජනතා විමුක්ති පෙරමුණ ජවිපෙ පරෙටුගාමින් වශයෙන් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදිලා තියෙනව. ජවිපෙ 71 සංසදය නමින් තවත් සංවිධානයක් බිහිවෙලා තියෙනව. ඒ අනුව බලන‍විට, වෙන්වීමක් මිසක් එකතුවන බවක් පෙනෙන්න නෑනේද?

’71 සංසදය’ ජනතා විමුක්ති පෙරමුණ සමඟ එකට යන බවක් පේන්න තියෙනව. ජනතා විමුක්ති පෙරමුණ 20 වැනි සංසෝධනය ගෙනත් තියනව. අලුත් ව්‍යවසථාවක් හදාගන්න බැරි වුණත්, විධායක ජනාධිපති ක්‍රමය ඉවත් කරල එහි තිබෙන නිෂේදනීය තත්ත්වයන්ගෙන් රට මුදවා ගැනීමේ අවශ්‍ය තාවය තියෙනව.

රෝහණ විජේවීරගෙ පුතා උවිඳු විජේවීර රුසියාවේ අධ්‍යාපනය හදාරමින් සිටින අතරතුර ලංකාවට එනවා. ඔහු ගැන ජනතාවගේ මතකය අලුත් වෙන්නෙ ඔහු ‘ගින්නෙන් උපන් සීතල’ චිත්‍රපටයේ විශේෂ දර්ශනයක් අවසානයේ ඔහු කරන අදහස් දැක්වීමත් එක්ක. ඊට පසු ඔහු මුද්‍රිත හා විද්‍යුත් හා සමාජ ජාලා හරහා ජනතාව අතරට එනවා. ඔහුගේ අදහස් අනුව පෙනීයන්නෙ ඔහු ජනතා විමුක්ති පෙරමුණට වඩා පෙරටුගාමී සමාජවාදී පක්ෂයට වඩා නැඹුරුවක් තියන බවයි.

ඔහු පෙරටුගාමී පක්ෂය පිළිගන්නවද කියන එක මම හරියටම දන්නෙ නැහැ. නමුත් ජනතා විමුක්ති පෙරමුණ එක්කලා එකඟතාවක් එයාගෙ තියෙන බවක් පෙන්නෙ නැහැ. ඔහුගේ හැසිරීමෙන් ජනතා විමුක්ති පෙරමුණට යහපතක් වෙන බවක් පේන්නෙ නැහැ. මමත් තවත් අයත් හිතන විදිහට ඔහුගෙ කතාවලින් වැඩිපුර වාසි අත්වෙන්නෙ මහින්ද රාජපක්ෂට බවයි හැඟෙන්නෙ.

උවිඳු විජේවීර සමාජයට බලපෑමක් ඇති කරන මතවාදයක් ගෙනෙන්න තරම් සමාජය පිළිගත් චරිතයක් ද?

විජේවීර ගැනත් දැන් දැන් ඉතා තීක්ෂණ බුද්ධියකින් බලන ජනතාවක් ඉන්නව. විජේවීරගෙ පුතා වීම ම පමණක් ඔහුට සුදුසු කමක් වෙන්නෙ නැහැ, යම් මතයක් සමාජගත කරන්න.

රට දිනෙන් දිනම යම් අර්බූදකාරි තත්ත්වයකට යනව වගේ පේන්ව නේද?

රටේ වර්තමානයේ ඇත්වී තිබෙන තත්ත්වය, අන්තර්ජාතික වශයෙන් තියෙන තත්ත්වය තේරුම් ගන්නේ නැතිව මේ ගැන විග්‍රහයක් කරන්න බැහැ. අන්තර්ජාතික වශයෙන් සාර්ථක වූ ස්කැන්ඩිවේනියානු රටවල් තියෙනවා. නෝර්වේ, ස්විඩන්, පින්ලන්ඩ් වැනි රටවල්. සමාජ ප්‍රජාතන්ත්‍රවාදි ක්‍රමයක් අනුගමනය කරමින් එක්තරා විදිහකට සාර්ථකත්වයක් අත්කර ගෙන තියෙන බව පේන්න තියෙනව. මේ හැම එකක් සලකා බලලා ලංකාවට ගැලපෙන ආර්ථික ක්‍රමයක් සකසා ගැනීමේ අවශ්‍යතාවය තියෙනව.

මනෝජ් රූපසිංහ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *