ඇන්. ඇම්. පිළිරුව පවුලේ බූදලයක් බව තිස්ස කියයි.

රුවන්වැල්ලේ ඉදිකර ඇති ඇන්. ඇම්. පෙර්රාගේ පිළිරුවට පුෂ්ප උපහාරයක් පැවැත්වීම පිණිස ගිය ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්නට පිළිරුව පිහිටි භූමියට ඇතුල්විය නොහැකිව ගේට්ටුවේ මල්කළඹ ගසා ආපසු කොළඹට පැමිණිමට සිදුවූ බව යුක්තියට වාර්තාවේ.
මෙරට කීර්තිමත් දේශපාලනඥයෙකු වූ  ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා තුන් කෝරළයේ ජනතාවට  කළ සේවයට උපහාරයක් ලෙස ඉදිකර ඇති මෙම පිළිරුව  පිහිටි ඉඩම අයත් වන්නේ රුවන්වැල්ල ප‍්‍රාදේශීය සභාවට ය. 20 වෙනි දින උක්ත කටයුත්ත සඳහා තමා පැමිණෙන බැවින් ගේට්ටුව විවෘතව තබන ලෙස ආචාර්ය  වික‍්‍රමරත්න ප‍්‍රාදේශිය ලේකම්වරියට දැණුම් දී තිබේ. එම පිළිරුව තමන්ගේ මාමාගේ වන හෙයින් එම ගේට්ටුවේ යතුර දීමට නොහැකි බව ඒ වන විටත් ප‍්‍රාදේශිය ලේකම්වරියට හිටපු අමාත්‍ය තිිස්ස විතාරණ මහතා දැනුම් දී තිබූ බව වාර්තාවේ.
පොදූ බව මහ ඉහළින් කථා කරන මෙරට  වාමාංශිකයින් ගේ ක‍්‍රියාවන් කොතරම් පෞද්ගලික ද යන්න තිස්ස විතාරණගේ මේ හැසිරීමෙන් මොනවට පැහැදිළි වන බව රැුස්ව සිටි පිරිස පැවසූ බවක් ද කියැවේ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *