තලෛමන්නාරම – දනුස්කොඩි අතර පාලමක් සමග මුහුද යට උමං මාවතක්

ඉන්දියාවේ දනුස්කොඩි සහ ශ්‍රී ලංකාවේ තලෛමන්නාරම අතර ඉදිකිරීමට යෝජිත පාලම් හා උමං මාවත පිළිබද දෙරට අතර නිළ සාකච්චා ලබන මස ආරම්භ වන බව ප්‍රෙස් ට්‍රස්ට් ඔෆ් ඉන්දියා පුවත් සේවය වාර්තා කොට ඇත . අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දියා සංචාරයේදී ඉන්දීය මාර්ග ප්‍රවාහන හා මහාමාර්ග ඇමැති නිටින් ගද්කාරී මහතා හමුවූ අවස්ථාවේදී මෙම එකගතාවයට පැමිණ ඇත .

දෙරට අතර ඉදිවන මෙම මාර්ගයේ කොටසක් පාලමක් ලෙසද තවත් කොටසක් මුහුද යට උමං මාවතක් ලෙසද ඉදිකිරීමට යෝජනා වී ඇත . ඒ සදහා වියදම් වේ යැයි ගණන් බලා ඇති මුදල ඩොලර් බිලියන 5.19කි . මේ සදහා ආධාර ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව කැමැත්ත ප්‍රකාශ කොට ඇතැයි වාර්තා වෙයි .

මෙම මාර්ගය කිලෝ මිටර් 22ක දිගකින් යුතුය . ලෝකයේ වෙනත් රටවලද මෙබදු මාර්ග ඉදිකොට ඇති අතර චීනය හා මකාඕ දිවයින අතර ඉදිකොට ඇති පාලමේ දිග කිලෝ මීටර් 50 ක් බව කියති .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *