ජනවාරි 8 වෙනිදා සම්මුතිය බරපතල අණතුරක – වමේ කේන්ද්‍රයේ චමිල පෙරේරා

වමේ කේන්ද්‍රය යනුවෙන් හඳුන්වන්නේ කුමන විදිහේ සංවිධානයක්ද? එය බිහිවෙන්නේ කුමක් අරමුණු කරගෙනද? කිනම් වකවානුවකද?

වමේ කේන්ද්‍රය ආරම්භ වෙන්නෙ පහුගිය ජනාධිපති මැතිවරණයට කලින්. වමේ කේන්ද්‍රය බිහිවෙන්න ප‍්‍රධාන කාරණය වෙන්නේ, ඒකට පරිසරය හැදෙන්නෙ ලංකා සමසමාජ පක්‍ෂයත්, කොමිනියුස්ට් පක්‍ෂයත් පහුගිය ජනාධිපතිවරණයේදී, හිටපු ජනාධිපතිවරයාව තුන්වෙනි වරටත් දිනවීමට ගන්නා ලද තීන්දු තීරණ මත. ආසන්නම හේතුව එය වුනත් පසුගිය වසර ගණනාවක් තුළ ලංකා සමසමාජ පක්‍ෂත්, කොමිනියුස්ට් පක්‍ෂයත් යන පක්‍ෂ දෙක ඇතුළෙ යම් කළකිරීමක් ගොඩනැගෙමින් තිබුණා. විශේෂයෙන්ම 18 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංසෝධනයට සමසමාජ පක්‍ෂ, කොමිනියුස්ට් පක්‍ෂ නායකයන් සහයෝගය දීම සම්බන්ධයෙන් ප‍්‍රබල විවේචනයක් මේ පක්‍ෂ දෙක ඇතුළෙම තිබුණා.

මහින්ද රාජපක්‍ෂ පාළනය මගින් ගෙන ගිය නව ලිබරල් ප‍්‍රතිපත්තිය. අපි දිගටම විවේචනය කරමින් තිබුණා කොළඹ නගරයේ ගෝඨාභය රාජපක්‍ෂ ජනතාවගේ ඉඩම් අල්ලා ගනිමින් කරන ඉඩම් කොල්ලය හා නාස්තිය, උතුරු නැගෙනහිර ජනතාවගේ ඉඩම් කොල්ලකෑම, විශ්විද්‍යාල පුද්ගලිකකරණය සඳහා ගෙනයන වැඩ පිළිවෙල වැනි කරුණු රැුසක් ගැන විශාල විවේචනයක් පක්‍ෂය තුළ තිබුණා. පක්‍ෂය තුළ අභ්‍යන්තර සාකච්ඡුාවක් තිබුණා අපි යම් ආකාරයකට වම විදිහට මැදිහත් විය හැකි පක්‍ෂයක් නොවුනත්, වමේ අයට එකතුවෙන් පුළුවන් කේන්ද්‍රයක් නිර්මාණය කිරීම. එය වමේ ව්‍යාපාර මුල්කරගනිමින්, වමේ ප‍්‍රතිපත්ති පිළිගන්නා, යම් බලපෑමක් ඇතිකළ හැකි ව්‍යාපාරයක්.
මහින්ද රාජපක්‍ෂගෙ දුර්ධාන්ත පාලනයට විරෝධය දැක්වීම නිසා මේ පක්‍ෂ දෙකේ දේශපාලන මණ්ඩල සභිකයන්ට, මධ්‍යම කාරක සභාවට බලපෑම් එල්ල වෙනවා පක්‍ෂය තුළ. ඒ අනුව අපි වමේ ප‍්‍රතිපත්ති විරෝධි පක්‍ෂවල තවදුරටත් රැුඳෙන්නෙ නැතුව එළිබට බැහැලා වමේ කේන්ද්‍රය පටන් ගන්නවා.

වමේ කේන්ද්‍රය නිර්මාණය වූයේ සමසමාජ පක්‍ෂයේත්, කොමිනියුස්ට් පක්‍ෂයෙත් සාමාජිකයන්ගෙන් පමණක්මද? වෙනත් වාමාංශික හෝ දක්‍ෂාණාංශික පක්‍ෂවල කණ්ඩායම් හෝ පුද්ගලයන් මෙය නිර්මාණය කිරීමේදී සම්බන්ධ වූවාද?

මෙහි ආරම්භයේ දී අපි කැඳවුම්කාර මණ්ඩලයක් විදිහට තමයි කටයුතු කළේ. මේකට වමේ පක්‍ෂවල නිලධාරීන් ගත්ත තීරණවලට විරුද්ධ කීපදෙනෙක් එකතු වුණා. සමසමාජ පක්‍ෂයේ ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න, ලාල් විජේනායක, විමල් රොද්‍රිගු, වෘතීය සමිති ව්‍යාපාරයේ අබේරත්න සහෝදරයා, රෂ්ඞීන් සහෝදරයා මහාචාර්ය විජය කුමාර් මේ වගේ අය. කොමිනියුස්ට් පක්‍ෂයේ රාජා උස්වැටකෙයියාව. ආචාර්ය මයිකල් ප‍්‍රනාන්දු ඇතුළු පිරිසක්. මේ අයට අමතරව අපි සාකච්ඡුා කළා විශ්වවිද්‍යාල ආචාර්යවරුන් කීපදෙනෙක් සම්බන්ධ කරගන්න. හැම අවස්ථාවකදිම වමත් එක්ක කටයුතු කරපු ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි, ආචාර්ය කුමුදු කුසුම් කුමාර වැනි පිරිස් කැමැත්ත පලකළා වමේ කේන්ද්‍රයට එකතුවීමට අපි කරපු යෝජනාව සම්බන්ධයෙන්. ඒ වගේම ධර්මසේන පතිරාජ ඇතුළු වමත් සම`ග සම්බන්ධකම් තිබුණ කලාකරුවන් තමයි ආරම්භක කැඳවුම්කාර මණ්ඩලය විදිහට කටයුතු කෙරුවෙ.

වමේ කේන්ද්‍රයේ අරමුණ හා ක‍්‍රියාකරකම් හිටපු ජනාධිපති රාජපක්‍ෂ පරාජය කරලා මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපති කරවන කම් විතරද? එතනින් එහාටත් ක‍්‍රියාමාර්ග ගන්නවද?

වමේ කේන්ද්‍රයේ ප‍්‍රළමු සාකච්ඡුාවෙදි ප‍්‍රධාන එක`ගතාවයකට ආවා, ඒ ප‍්‍රධානම එක`ගතාවය තමයි රටේ ගොඩනැගෙමින් තියෙන මේ අත්තනෝමතික, දූෂිත පාලනය පරාජය කිරීම සඳහා (මහින්ද රාජපක්‍ෂ පරාජය කිරීම සඳහා* පොදු අපේක්‍ෂකයෙක් ඉදිරිපත් කිරීමේ අරමුණට අපි සහයෝගය දිය යුතුයි යන කරුණ. අපේ එතනින් එහා ගිය අරමුණ තමයි නිදහස, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, සමාජ සාධාරණාත්වය සඳහා වම දසක ගණනාවක් පෙනී සිටි අයුරින්ම ඉදිරියටත් පෙනීසිටීම.

ඔබලා බලාපොරොත්තු වූ පරිදිම යහපාලන අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතා බලයට පත් වී තියෙනවා. එය තවදුරටත් ඉදිරියට ගෙනයෑම සඳහා එක්සත් ජාතික පක්‍ෂය මුල් කරගත් එක්සත් ජාතික පෙරමුණු රජයක් බලයට පත්වී තියෙනවා. මේ වන විට නව රජය බලයට පත්වී මාසයකුත් දින කිහිපයක් පමණයි ගතවෙලා තියෙන්නේ. මේ වන විට ඔවුන් ගන්නා තීන්දු තීරණ පිළිබඳව ඔබලාගේ තක්සේරුව කුමක්ද?

අපි එක්කාරණයක් පිළිබඳව තෘප්තිමත් වෙනවා. නිදහස, ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරුවීම පිළිබඳව. පුරවැසියන්ට මේවෙනකොට ලැබී තිබෙන නිදහස පිළිබඳ සැහීමකට පත්වෙන්න පුළුවන්.

වමේ කේනද්‍රයත් ජනවාරි 8 වෙනිදා පොදු අපේක්‍ෂකයා බලයට පත්කරන්න ඇතිකර ගත්ත සංවිධානයේ කොටස් කරුවෙක්. ඒ සම්මුතියේ තියෙන ප‍්‍රධාන එක`ගතාවයනට යටත්ව තමයි අගෝස්තු 18 වෙනිදා බලයට පත්කරන ආණ්ඩුව හෙවත් පාළන තන්ත‍්‍රයන් ඇතිවිය යුත්තේ කියන කරුණ. අපි දැඩි අවදානයකින් ඉන්නවා වර්තමාන ආණඩුව මොන විදිහකටද කටයුතු කරනනෙ කියන එක පිළිබඳව.
අපිට තියෙන ප‍්‍රධාන ගැටළුව තමයි පහුගිය මහින්ද රාජපක්‍ෂ දූෂිත පාළනය ඇතුළෙ හිටපු, ඔහුට සමීපව කටයුතු කරපු, කොටස් කාරයන් වෙච්ච අයත් මේ ආණ්ඩුවට ඇතුල් වී තිබීම. හැබැයි කවුරු ඇතුල් වුණත්, අපි කියන්නේ ජනවාරි 8 වෙනිදට පෙර ඇති කරගත් එක`ගතාවයන්ට යටත්ව තමයි කටයුතු කළ යුතු වන්නේ. ජනවාරි 8 එක`ගතාවය තමයි ජනතාවගේ සම්මුතිය. ආණ්ඩුවක් පිහිටු වීම වෙනුවෙන්, ඒකට අවශ්‍ය පසුබිම හදාගන්න ඒ සම්මුතිය බිඳින්න දෙන්න බැහැ. ඒ පිළිබඳව අපි දැඩි අවධානයකින් ඉන්නවා.

දැනට පේන්න තියෙන්නේ ඇමතිකම්, නියෝජ්‍ය ඇමතිකම්, රාජ්‍ය ඇමතිකම්, තානාපතිකම් බෙදා ගැනීමක් පමණයි. රටේ ඉදිරි ගමන ගැන කථිකාවතක් ඇති බවක් පේනන නැහැ. ඇමති මණ්ඩලයත් පොරොන්දු වූවාට වඩා වැඩියි. ඒ පිළිබඳ ඇත්තේ කුමන අදහසක්ද?

ඉතාම පැහැදිලිවම අපේ දැඩි කනස්සල්ල හා විරෝධය අපි දක්වනවා. ඇමති මණ්ඩලයක් මේ ආකාරයෙන් වැඩි කිරීම සම්බන්ධයෙන්. ඊළ`ග කාරණය අපි ඍජුවම එල්ල කරනවා මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට, අපි අහනනේ, කුමන පදනමකින්ද මහින්ද රාජපක්‍ෂත් සම`ග කටයුතු කරපු අය යහ පාළන ආණුඩුවෙ කොටස් කාරයන් බවට පත්කර ගත්තේ කියලා? ඒ ගැන තවම පිළිතුරක් දීලා නෑ. පැහැදිලි කිරීමක් කරල නෑ.

ඔවුන් මොන එක`ගතාවයකින්ද මේකට ඇතුල් වුණේ. ජනවාරි 8 ප‍්‍රතිසංස්කරණ ඉදිරියට ගෙනියන්ද? ජනවාරි 8 ප‍්‍රතිස්ංස්කරණ ඉදිරියට ගෙනියනවා කියන්නේ සම්මුතියකින් ආණ්ඩුවක් ඉදිරියට ගෙනියනවා කියන එක පමණක්ම නෙමෙයි. යුක්තිය ඉටුකිරීම, සාධාරණත්වය පිළිබඳ බරපතල කරුණු තියෙනවා. මේ කාරණා දෙක බැහැර කරලා ආණ්ඩුවක් පමණක් ඇති කිරීම සම්මුතිකාමි ආණ්ඩුවක බලාපොරොත්තුව නෙමයි. සම්මුතියක් ඇති විය යුත්තේ ජනවාරි 8 ප‍්‍රතිසංස්කරණ ශක්තිමත් කිරීමට. අපිට තියෙන ප‍්‍රශ්නය ජනාධිපතිවරයා පැහැදිලි කරන්න  ඕනෙ. නාමිකවම ගත්තතොත් නිමල් සිරිපාල වැනි අය, මුතුහෙට්ටිගම වැවි අය, නිමල් ලන්සා වැනි අය ආණ්ඩුවකට ඇතුළත් කර ගැනීමෙන් කරත්තේ කුමක්ද කියන එක. අපි මේ වනවිටත් ජනධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරලා තියෙනවා වහාම කියන්න ඇයි මේ වගේ අය ආණ්ඩුවට සම්බන්ධ කරගත්තෙ කියල?

එක්සත් ජාතික පෙරමුණට ලැබුණ ජයග‍්‍රහණය හමුවේ ආණ්ඩුවක් හදන්න හැකියාවක් ඔවුන්ට තිබුණා. ඇයි ඒකට ඉඩ ලබා නොදී ඒ වෙනුවට  ආණ්ඩුව පුළුල් කරනවා කියන අරුතෙන්, ජාතික ආණ්ඩුවක් බිහිකරනවා කියන අරුතින් මෙවන් පිරිසක් ඇතුල් කරගත්තෙ. මේ පිරිස ඇතුල් කර ගැනීමෙන් ජනාධිපතිවරයා බලාපොරොත්තු වෙන්නෙ කුමක්ද? කියන එක පිළිබඳව රටට පැහැදිලි කළ යුතුයි.

එවැනි විරෝධතාවයක් දක්වන බවක් අපට පෙනෙන්න නැහැ. සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරයෙ සොභිත නායක හාමුදුරුවොත්, පුරවැසි බලයත්, වමේ කෙන්ද්‍රයත් මේ තත්ත්වය යටතේ නිහඬයි කියල තමයි අපිට පෙන්නේ. ඊට විරෝධය පළ කිරීමට සත්‍යග‍්‍රහයක්, විරෝධතා ව්‍යාපාරයක් වැනි දෙයක් පෙනෙන්න නෑ. ඉඳහිට පුවත්පත් සාකච්ඡුාවක් තියනවා පමණයි.

වමේ කේන්ද්‍රය මුල්කරගෙන අපි ඉදිරිපත් කළ ලිපිවල අපි පැහැදිළිවම අවධාරණය කළා මේ කාරනය සම්බන්ධයෙන්. මේක බරපතල ප‍්‍රශ්නයක්.  අපි ඉදිරියෙදි බලාපොරොත්තු වෙනවා, ඔබ ප‍්‍රශ්න කළා වගේම ළ`ගදිම අපි මාධ්‍ය සාකච්ඡුාවක් තියලා වමේ කේන්ද්‍රයෙ අදහස පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට පසු යම් ක‍්‍රියා මාර්ගයකට යනවා. සිවිල් සංවිධාන විදිහට තිබුණ මාධ්‍ය සාකච්ඡුාවලදී වමේ කේන්ද්‍රය නියෝජනය කරමින් අදහස් දක්වමින් මේ පිළිබඳව මතු කෙරුවා.

ජනවාරි 8 වෙනිදා සම්මුතිය මේ වන විට බරපතල අණතුරකට පත්වී තියෙනවා. මේ සම්මුති ආණ්ඩුවයි, ජනවාරි 8 සම්මුතියයි අතර යම් පරස්පරයන් දකින්න තියෙනව. ඒ පරස්පරය රටට අසුභයි. ඒක රට හා ජනතාව බලාපොරොත්තුවූ තත්ත්වයක් නෙමෙයි. ජනතාව බලාපොරොත්තු වුනේ මහින්ද රාජපක්‍ෂ පාර්ශ්වය බැහැර කරලා තියන්න. ඔක්කෝම එකට එකතුවෙලා කන එක නෙමේ දේශපාලනය කරනවා කියන්නෙ. දේශපාලනයේ යම් මොහොතක නිශ්චිතව පිරිසක් බැහැර වෙනවා. තවත් අය ඇතුල් වෙනවා. (අන්තර්ග‍්‍රහණය කරනවා සහ බහිස්කරණය වෙනවා*. පිටමන් කරපු අයත් මේක ඇතුළට ගැනීම පිළිබඳව බරපතල කාරණයක් තියෙනව. ඒ අයගේ පැමිණීමත් සමග අපේ සමහර වටිනාකම් යටපත් වීමක් සිදුවෙනවා. අපිට දැන් එවැනි ගතිකයක් පෙනෙන්න තියෙනව. අපි සුදානම් නෑ ඒකට එක`ග වෙන්න. මේ වන විට කෙරෙන පරීක්‍ෂණයන්, නිරීක්‍ෂණයන් පිළිබඳව අපිට සෑහීමකට පත්වෙන්න බෑ. ඒවා පිළිබඳව දෙන තීරණ, ඒවා යට යන විදිහ ගැටළුවක්. ඇයි මෙවැනි තීරණ එන්නේ? ජනාධිපතිතුමාත්, අගමැතිතුමාත් මේවට පිළිතුරු දියයුතුයි. සම්මුතියක් හදා ගත්ත කියල නිහඬව බලා ඉන්න බැහැ.

ඔබ කියන විදිහට 106 දෙනෙක් වන මන්ත‍්‍රී සංඛ්‍යාවෙන් ආණ්ඩුව ගෙනියන්න පුළුවන්ද? එසේනම් ඇයි එසේ නොකළේ?

හින්දු ෙටෙම්ස් පුවත් පත සම`ග අග‍්‍රාමාත්‍ය වරයා සම`ග කළ සාකච්ඡුාවේදීත් ඔය ප‍්‍රශ්නයම අහල තිබුණා. ඇයි ඔබේ මන්ත‍්‍රී සංඛාවෙන් ආණ්ඩුවක් ගෙනියන්න බැරි කියල. එතකොට ඔහු කියල තිබුණ, කීපදෙනෙක් සම`ග සාකච්චා කරල අපේ සංඛ්‍යාවට එකතු කරගන්න තිබුණ කියල. ඔහු කියල තිබුණෙ ජනාධිපතිවරයාත් සම`ග එක`ගව කටයුතු කරන්න  ඕනැ. එහෙම නැතුව ඔහුව නොසලකා හැර කටයුතු කරන්න ඔහුගේ සූදානමක් නෑ කියල. ඒක එක හේතුවක් වෙන්න ඇති.

පාර්ලිමේන්තුවෙ 106 ක් ඉන්න මොහොතක ආණ්ඩුවක් ගෙනියන්න පුළුවන් කියල මම විශ්වාස කරනවා. චන්ද්‍රිකා මැතිණිය ජනාධිපති ධූරය හොබවද්දි තිබුණ එ.ජා.ප. ආණ්ඩුවට එක ආසනයක් පමණයි වැඩියෙන් තිබුණෙ. එතකොට ජනතා විමුක්ති පෙරමුණ කියලා තිබුණා සාධාරණ ක‍්‍රියාමාර්ගයකදි, සාධනීය පියවරවල් වලදි ආණ්ඩුව වැටෙන්න දෙන්නෙ නෑ, ආණ්ඩුවට සහයෝගය දක්වනවා කියල. අපි හිතන්නෙ නෑ ටී.එන්.ඒ. එකත් කඩාකප්පල්කාරී විදිහට හැසිරෙයි කියල. බලාපොරොත්තු වුනේ අළුත් ප‍්‍රතිසංස්කරන වලට යන්න. බැහැර කරපු අය අරගෙන ඒ අය මේකේ ඉන්නවා දකින්න යහ පාලනය බලාපොරොත්තු වූ කවුරුවත් කැමති නෑ. ජනතාවට සැකයක් තියෙනවා සාධණීය බහුතරයක් ලබාදීලත් ඇයි මේ ආණ්ඩුව ගෙනියන් අවස්තථාවක් කර නොගත්තෙ කියන එක. ඒ සම්බන්ධයෙන් හැම කෙනෙකුටම කළකිරීමක් තියෙනව. ඔබ මතු කළ කරුණ ගැන සමාජ ජාල හැම එකකම බරපතල විවේචන එල්ල වෙමින් තියෙනව. මේ හැමටම වගඋත්තර කරුවා වෙලා තියෙන්නේ ජනාධිපතිවරයා.

අපිට පෙනෙන්න තියෙන මැතිවරණ වේදිකා. පෝස්ටර්, කටවුට් වලට වැඩිය මේ සටන ගෙන ගියේ සමාජ ජාල හරහා. දැන් ඔවුන්ගෙන් දැඩි විවේචනයකට එලල වෙනවා මේ යන ක‍්‍රමය ගැන. එසේ නම් ආණ්ඩුව බිහි කරන්නට මුල් වුණා වගේම වැට්ටීමටත් එම සාධකබලපාන්න බැරිද?

සමාජ වෙබ් අඩවි, පුවත්පත් කාටුන් මගින් පේන්නේ ජනතාවගේ පැතිකඩ. ජනතාවගේ හෘද සාක්‍ෂිය. සමාජ වෙබ් අඩවි භාවිතා කරණ බහුතරය තරුණ කොටස්. එයාලා ස්වාධීනව ඉතා ප‍්‍රසස්ථ කාර්යයක් ඉටු කෙරුවා. කවුරුවත් සල්ලි දීලාවත්, මෙහෙයවලාවත් නෙමෙයිඑම සේවය කළේ. එයාලා හිටපු ආඥාදායක මහින්ද රාජපක්‍ෂව පන්නා දමන්න ස්වේච්ඡුාවෙන් එකතු වූ අය. ඔවුන් අද බරපතල විවේචනයක් එල්ල කරනවා. ඒක බැහැර කරන්න, සුළුවෙන් තක්සේරු කරන්න බැහැ. ඔවුන් බලාපොරොත්තු වුනේ අළුත් ප‍්‍රතිසංස්කරනයක්. ඒ ප‍්‍රතිසංස්කරන්න ඔවුන් යම් පක්‍ෂයකට බලයක් දුන්නා.

මේ සම්මුතිය ඇතුළෙ ඉන්නවා ජනවාරි 8 වෙනිදා සම්මුතිය ඉදිරියට ගෙනියන්න බැරි කණ්ඩායමක්. එහෙම අයත් එක්ක ආණ්ඩුවක් හැදීම ගැන ජනතාව අතර තියෙනනේ ගැටළුවක්. සමහර ප‍්‍රතිසංස්කරණ ගැන දැන් කතාවක් නෑ. නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳව ලොකු සංවාදයක් නෑ. නිමල් සිරිපාල මහත්තයා එනකොටම කියලා තිබුණා විධායක ජනාධිපති ක‍්‍රමය සම්පූර්ණයෙන්ම අහොසි කරන්න අකමැතියි කියල. එය කප්පාදු කරන්න තවදුරටත් ඉඩ දෙන්නෙ නෑ කියල කියනව. බලය බෙදීම සම්බන්ධයෙන් ඒ අයට තියෙන්නෙ ලඝු වුනු සරල යෝජනා. උතුරු නැගෙනහිර ජනතාව විශාල විශ්වායක් තබාගෙන මේ රජය බිහිකරන්න සහයෝගය දුන්නා. එයාල මේ ප‍්‍රතිසංස්කරණ ගැන බලාපොරොත්තු වනවා.

පරාජිත මහින්ද රාජපක්‍ෂගෙ සන්ධාන කණ්ඩායමේ හා ජයග‍්‍රහාහි එක්සත් ජාතික පෙරමුණු රජයේ පරතරය මන්ත‍්‍රී ආසන 11 ක් වැනි ප‍්‍රමාණයක්. මහින්ද හිටපු ජනාධිපතිතුමාට මේ පැත්තෙන් කණ්ඩායමක් අරන් ආණ්ඩුව පිහිටුවන්න පුළුවන් කමක් ඇතිවෙයි කියල හිතන්න පුළුවන්නේද මේ විදිහට නොකෙරුව නම්?

යම් අවධානම් තියෙන්න පුළුවන්. එහෙම නම් ඇයි මෙහෙම කරන්න වුනේ කියන එක විවෘතව ජනතාවට කියන්න  ඕනෙ. පහුගිය කාලය පුරාම ක‍්‍රියාත්මක වුනේ ජනතාව දෙන තීන්දුවෙ නෙමේ. තිරෙන් පිටුපස සිදුවෙන්නා වූ මහා පරිමාණයේ ගණුදෙනු වලින් තමයි ලංකාවෙ ආණ්ඩු හැදුනෙ. ආණ්ඩු වැටුනෙ. දේශපාල තීන්දු තීරණ ගත්තෙ. අවසානයේ තරුණයො හිතුවා ‘මෙගා ඞීල් පොලිටික්ස්’ මහා පරිමාණ මූල්‍ය ගණුදෙනු මත තියෙන දේශපාලනය අවසන් වෙයි කියල. අපිට අවිශ්වාසයක් ඇති වෙනවා අර චක‍්‍රයමද ආයෙ කැරකෙන්න කියල.
තමන්ගෙ පක්‍ෂය ශක්තිමත් කරගන්න. පක්‍ෂය තුළ තමන්ට බලය තහවුරු කරගන්න තමන්ට ආන්ඩුවක් ගෙනියන්න  ඕන නිසා යම් යම් එක`ගතාවයන් හදාගෙන පිළිගත් වටිනාකම් ඉක්මවා යමින් කටයුතු කරනවාද කියන එකගැන සැකයක් ඇති වෙනවා.

අපි මීට කලින් දැක්කලා තියෙනවා එහෙම යම් අනතුරක් මත දේශපාලන තීන්දු ගන්නවානම් ඔවුන් ජනතාව ඉදිරියට ඇවිත් කියනවා. අපි මෙවැනි දේශපාලන තීන්දුවක් ගන්න සූදානම් කියල. ඒක තමයි වඩාත් ප‍්‍රජාතන්ත‍්‍රවාදි ක‍්‍රමය. ඒක අපි දැක්කෙ නෑ මේ ආණ්ඩුව හැදීමේදී.
ආණ්ඩුව හදන්න මාසයක් විතර ගියා. තවමත් ඉවර නෑ වගේ. සමහර ඇමතිවරු කියනවා තමන්ගේ අමාත්‍යංශයේ විෂයන් මොනවද කියලා දන්නෑ. තවම වෙන්කරල නෑ කියල. ඇතැම් නියෝජ්‍ය ඇමතිවරු, රාජ්‍ය ඇමතිවරු කියනවා අපිට තියෙන බලතල දන්නෙ නෑ කියල. තනතුරේ වටිනාකම් පවා නැතිවෙලා. ඇයි මේ වගේ තත්ත්වයක් ඇති කළේ. මේ පිළිබඳව රටේ ප‍්‍රධානීන් දෙදෙනා ජනතාවට පැහැදිලි කිරීමක් කළ යුතුයි. ලිච්චවී රජදරුවන් වගේ පාළනය කරනවා කිව්වට, බුදුන් වහනසේ රහසින්වත් පවු නොකළ සේක කිව්වට ප‍්‍රමාණවත් නෑ.

මනෝජ් රූපසිංහ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *