වසර හතරකින් විදුලි දුම්රිය

විදුලි බලයෙන් දුම්රිය ධාවනය ඉදිරි වසර හතර ඇතුලත ආරම්භ වනු ඇති බව විදුලි ක්ෂේත්‍රයේ විශේෂඥයකු වන ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා කියයි . ඒ මහතා ප්‍රකාශ කරන පරිදි දුම්රිය විදුලිකරණය සදහා වන කැබිනට් පත්‍රිකාව පසුගිය ජුලි මාසයේ අනුමතවී ඇත . එහි සක්‍යතා අධ්‍යයනය ලබන වසරේ ඇරබීමට නියමිතය .ඒ සදහා ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර ලැබෙන බව ද කියති .

මුල් අදියරේදී පානදුර සහ වේයන්ගොඩ අතර කිලෝ මීටර් 156ක කොටසේ විදුලි දුම්රිය ධාවනය අරම්ඹ කිරීමට නියමිතය . දිනපතා දුම්රිය මගීන්ගෙන් සියයට 44 ක් ගමන් කරන්නේ මෙම කොටසේහිය . ව්‍යාපෘතිය සදහා යන මුළු වියදම ඩොලර් මිලියන 29.4 කි .

විදුලියෙන් දුම්රිය ධාවනය නිසා ඉන්ධන වියදම අඩකින් අඩුවන අතර ගමන් බිමන් වේගවත් වීමද සිදුවනු ඇත .එමෙන්ම මගීන්ට උසස් තත්වයේ සේවාවක් සැපයීමද එමගින් සිදුකල හැකිය .

මේ අතර තවත් වාර්තාවකින් කියන්නේ කොටුව හා මීගමුව අතර විදුලි දුම්රිය සේවයක් ආරම්භ කිරීමට රජය මැලේසියානු සමාගමක් සමග ගිවිසුම් අත්සන් කොට ඇති බවයි . එයද මේ සමගම ක්‍රියාවට නැගෙනු ඇතැයි කියති .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *