විද්‍යාත්මක පරීක්ෂණයකින් තොරව කිරිපිටි ගැන කරන ප්‍රකාශ පිළිගන්න බෑ – ශ්‍රී ලංකා රසායනික විද්‍යා ආයතනය

විද්‍යාත්මක පරීක්ෂණයකින්  තොරව ඇතැම් පිරිස් කිරිපිටි සම්බන්ධයෙන් කරන ප්‍රකාශ ශ්‍රී ලංකා රසායනික විද්‍යා ආයතන ප්‍රතික්ෂේප කරන බව එම ආයතනයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය කීර්ති අත්තනායක මහතා පැවැසීය.කිරිපිටි සම්බන්ධයෙන් විද්‍යාත්මක පරීක්ෂණයක් කිරීමට මෙරට තිබෙන බලයලත් ආයතන තුන වන්නේ රජයේ රස පරීක්ෂක, කාර්මික තාක්ෂණ ආයතනය සහ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතන පමණක් බවද එම ආයතනවලින් කිරිපිටි සම්බන්ධයෙන් අහිතකර වාර්තාවක් නිකුත් වී නැතැයිද ඔහු කීය.රසායනික පරීක්ෂාවක් කරන සියලුම පර්යේෂකයින් රසායනික විද්‍යා ආයතනයේ සාමාජිකත්වය දරන්නන් වන අතර මෙවැනි පරීක්ෂණයක් පිළිබඳව විද්‍යාත්මක පදනම ඉදිරිපත් කළ හැකි ශ්‍රී ලංකාවේ එකම ආයතනය ශ්‍රී  රසායනික විද්‍යා ආයතනය වන බවද ඔහු පැවැසීය.

මෙම රාජ්‍ය ආයතන නිකුත් කරන වාර්තා  කිසිඳු විද්‍යාත්මක පදනමකින් අභියෝගයට ලක්නොකර හුදු වෙනත් කරුණු මත පදනම්ව අභියෝගයට ලක් කිරීම සදාචාරාත්මක නැති බවද ආචාර්ය අත්තනායක මහතා පැවැසීය.

(රංජන් කස්තුරි – ලංකාදීප )

Leave a Reply

Your email address will not be published. Required fields are marked *