ප‍්‍රතිපත්ත මාලාවල් හැදීමටත් වඩා ඒ වෙනුවෙන් අවංකව කි‍්‍රයාකිරීමට කැපවිය යුතුයි – කැලණිය විශ්වවිද්‍යාලයේ හිටපු මහාචාර්ය එස්.ජේ. යෝගරාජා

අපේ මව්බිම ගොඩනඟන්න නම් පළමුවෙන්ම ආකල්පමය විප්ලවයක් ඇති කරන්න ඕනෑ. එහෙම නැතිව කිසිම දෙයක් කරන්න බැහැ. අපේ රටේ ඉංජිනේරුවරුන්, වෛද්‍යවරුන්, මහාචාර්යවරුන් වගේ අය ගැන කීවාම ඉහළ රැුකියාවල් කරන ලොකු අය බව පිළිගෙන තිබෙනවා. හැබැයි නගරය පිරිසිදු කරන අය පහත් රැුකියා කරන අය හැටියට පිළිගන්නවා. ඔය වගේ ආකල්ප තිබෙන කම් රට ගොඩනඟන්න බැහැ. ආකල්ප විප්ලවයක් අවශ්‍ය වන්නේ ඒ නිසයි.

මේ ආකල්පමය විප්ලවයක් කරන්න නම් පුංචි කාලේ ඉඳලම පටන් ගන්න ඕනෑ. ඒ නිසා පවුල් සංවර්ධන අමාත්‍යාංශයක් ඇති කරන්න ඕනෑ බව මගේ දෙවන යෝජනාවයි.

තුන්වෙනි යෝජනාව අපි හැමෝම සිංහල, දෙමළ, ඉංගී‍්‍රසි භාෂා තුනම ඉගෙන ගත යුතු බවයි. ඒ වෙනුවෙන් අවශ්‍ය ගුරුවරු සම්පූර්ණ කරදීම රජයේ වගකීමක්. ගුරුවරු නැතිව දරුවන්ට ඉගෙන ගැනීම අනිවාර්ය කරලා හරියන්නේ නැහැ.

හතර වෙනුවට අපිට දැන් ඉන්නේ පක්ෂ නායකයෝ, ඒ ඒ ජාතීන්ට නායකයෝ මිසක් ජාතික නායකයෝ නැහැ. නමුත් අපි ඔක්කෝම එකතු වෙලා ජාතික නායකයෝ බිහිකර ගැනීමට මහන්සි වෙන්න ඕනෑ. පස්වෙනුව අපි අධ්‍යාත්මික මිනිස්සු බිහි කරන්න ඕනෑ. ගොඩක් අය හිතාගෙන ඉන්නේ ආගමික වත්පිළිවෙත් ඉටුකිරීම ආධ්‍යාත්මික දෙයක් කියලයි. අධ්‍යාත්මිකත්වය කියන්නේ ඒව නොවෙයි.

ආධ්‍යාත්මිකත්වය බිහි වෙන්න නම්, කරුණු 6ක් වැදගත්.

  • පළවෙනි එක ආදරය කිරීම.
  • දෙවනුව සමාජයීය වශයෙන් කටයුතු කිරීමේ හැකියාව.
  • සරල චාම් ජීවිතය,
  • සමානාත්මතාවය,
  • යුක්තිය සාධාරණත්වය ඉටුකිරීම සහ
  • හය වෙනුව, ජීවිතය බෙදා ගැනීමයි.

අවබෝධය මත මේ කරුණු හය සම්පූර්ණ කර ගැනීමෙන් ආධ්‍යාත්මිකත්වය ගොඩනගා ගන්න පුළුවන්. රට ගොඩනැගීම සඳහා මා ඉදිරිපත් කරන හයවෙනි කාරණය, පුද්ගල අනන්‍යනතා ඇතුළු මිනිසුන්ගේ සමාජීය අනන්‍යතා පිළිගත හැකි පරිසරයක් නිර්මාණය කිරීම. හත්වෙනුව වංචා-¥ෂණය නැති සමාජයක් බිහිකිරීම. අටවෙනුව මත්පැන්, මත්ද්‍රව්‍යවලින් තොර පරිසරයක් ඇති කිරීම. නවවෙනුව වස-විෂ නැති ආහාර ද්‍රව්‍ය සුලභ පරිසරයක් ඇති කිරීම, එහෙම නැත්නම් අනාගතත පරම්පරාව ලෙඞ්ඩුවෙන එක විතරයි වෙන්නේ. අවසන් කාරණය ජාතික අධ්‍යාපන ප‍්‍රතිපත්තයක් ඇති කිරීමයි. යාපනයට, මුලතිව්වලට ගිය අපිට ඒ ප‍්‍රදේශවල ජනතාව කිව්වේ ශ‍්‍රී ලාංකිකයෝ හැටියට ජීවත් වෙන්න පුළුවන් පරිසරයක හදා දෙන්න කියලයි. අවසන් වශයෙන් මට කියන්න තියෙන්නේ ප‍්‍රතිපත්ත මාලාවල් හැදීමටත් වඩා ඒ වෙනුවෙන් අවංකව කි‍්‍රයාකිරීමට කැපවිය යුතු බවයි. අනිකාගේ අවංකභාවය බලාපොරොත්තු වෙන්න ඉස්සෙල්ලා තමන් අවංක විය යුතුයි.

බිනර

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *