“කොච්” වෙනුවෙන් ගැහීම සාර්ථකයි – ශ්‍රී ලංකාව ටෙස්ට් තරගාවලිය ජයගනී

දකුණු අප්‍රිකාවට එරෙහිව පෝර්ට් එළිසබෙත්හිදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදීත් කඩුලු 8 ක දැවැන්ත ජයක් ලබාගත් ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් තරගාවලියේදී 2-0 ක ජයක් ලබාගත්තේය. ජයග්‍රහණය සඳහා ලකුණු 197 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 2 ක් පමණක් දැවී ඉලක්කය පසුකර ගියේය.

ඩර්බන්හිදී පැවැති පළමු ටෙස්ට් තරගයේදීත් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 1 ක අති විශිෂ්ට ජයක් ලබාගත්තේ අවසන් කඩුල්ල වෙනුවෙන් ලකුණු 78 ක වාර්තාගත සම්බන්ධතාවක් ගොඩනඟමිනි.ආසියාතික කණ්ඩායමක් දකුණු අප්‍රිකාවේදී ටෙස්ට් තරගාවලියක් ජයගත් පළමු අවස්ථාව ලෙසින් මෙම තරගාවලි ජයග්‍රහණය ඉතිහාසයට එක්වෙයි.

දකුණු අප්‍රිකාව සමග පළමු තරගය ජයගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් කිවේ තමන් තරග කළේ කණ්ඩායමේ “කොච් ” හෙවත් පුහුණුකරු වෙනුවෙන් බවයි . ශ්‍රී ලංකා කණ්ඩායමේ වත්මන් පුහුණුකරු චන්දික හතුරුසින්හයි . බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම ජයග්‍රාහී මාවතට ගෙනා ඔහු මෙරටට  ගෙන්වා ගන්න ලද්දේ හොදටම වැටි තිබු ශ්‍රී ලංකා ක්‍රිකට් පිල ගොඩ දමන්නටය . එසේ වුවද ඔහුට මෙන්ම ක්‍රීඩකයන්ටද බරපතළ ප්‍රශ්න වලට මුහුණ දීමට සිදුව ඇති බව කියති .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *