ජනමාධ්‍ය කැබිනට් ඇමති කෙනෙක් නෑ – ජනාධිපතිට පවරගන්න දැන් ඉඩ නෑ

ජනමාධ්‍ය කැබිනට් ඇමති කෙනෙක් පත්කොට නැත්තේ කැබිනට් මණ්ඩලය සීමා කිරීමට බවත් එසේ වුවද එම ඇමති ධුරය පවරගනීමට ජනාධිපතිට බලයක් නැති බවත් තතු දත් ආරංචි මාර්ග කියයි . ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හදුන්ව දුන් 19 වන සංශෝධනය අනුව ජනාධිපතිට තබා ගත හැක්කේ ආරක්ෂක , පරිසර හා මහවැලි සංවර්ධන යන අමාත්‍යංශ පමණක් බවත් ආණ්ඩුවේ ආරංචි මාර්ග කියයි .

ජනාධිපතිතුමාට අවශ්‍ය නම් ඇතැම් ආයතන තමන් යටතේ ගැසට් කරගැනීමේ හැකියාව පමණක් ඇත .

ජනමාධ්‍ය අමාත්‍යංශයට අයත් කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කිරීම අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදුකරනු ඇති බවද කියති .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *