නීතිපතිගේ කෙරුවාව මෙන්න – සමන් රත්නප්‍රිය – සම කැදවුම්කරු – පුරවැසි බලය

නීතිපති ේදපාර්තමේන්තුවෙන් ජනමාධ්‍ය නිවේදනයක් නිකුත් කරල තිබුණා යම් යම් කරණා පැහැදිලි කිරීම සඳහා. ඒ වගේම පුවත්පතකට ප‍්‍රකාශ කර තිබුණා, මෙම සිද්ධිය පිළිබඳව අපගේ ප‍්‍රකාශ හා නීතිපති දෙපාර්තමේන්තුවේ ක‍්‍රියා මාර්ග පිළිබඳව. ඒ ප‍්‍රකාශ තුළින් අපිට දුන්න උත්තර පිළිබඳව අපිට ප‍්‍රශ්න රාශියක් පැන නැගෙනවා. අපි අද දවසේ කරන්නේ ඒ ගැටළුවලට අපගේ අදහස් පැහැදිලි කිරීමක්.

පුරවැසි බලය සම කැඳවුම්කරු සමන් රත්නප‍්‍රිය මහතා එසේ ප‍්‍රකාශකළේ පසුගියදා කොළඹ සමාජ හා සාමයික කේන්ද්‍රයේ පැවති විශේෂ මාධ්‍යහමුවක් අමතමිනි.

නීතිපති දෙපාර්තමේන්තුවේ හැසිරීම පිළිබඳව අපිට දිගටම ප‍්‍රශ්නයක් තියෙනව. පහුගිය ඉතියාසයේ නීතිපති දෙපාර්තමේන්තුවේ හැසිරීම බරපතල ලෙස සමාජයට අවැඩදායක විදිහටයි පසුගිය කාලය පුරාම සිද්ධ වුනේ. නීතියේ ආධිපත්‍යය තහවුරු කරන්න පුළුවන් මට්ටමක නෙමෙයි ඒ ගොල්ලන්ගෙ කි‍්‍රයාකාරීත්වය තිබුණෙ. ඒ නිසා දේශපාලන බලපෑම් උඩ ක‍්‍රියාත්මක වූ නීතිපති දෙපාර්තමේන්තුවක් පැවතීම යන කාරණාව නිසා නීතියේ ආධිපත්‍ය වල්වැදුණා. එක ඉතා පැහැදිලි කාරණයක්.

නීතිය ක‍්‍රියාත්මක වුනේ ‘අරලියගහ මන්දිරයේ’ ඉඳන්. සමහර වෙලාවට විනිශ්චකාරවරු පත්වෙන්නේ, නඩු තීන්දු ලියන්නේ, බලපෑම් කරන්නේ සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නිර්දේශ, නඩු දානවද නැද්ද? ඉල්ලා අස්කරගන්නවද? යන කරුණු ඉතිහාසයේ සිද්ධවුනේ ‘අරලියගහ මන්දිරේ’ දේශපාලන උවමනාව පෙරදැරි කරගෙන. එවැන් අධිකරණ සම්ප‍්‍රදායක් රටට අවශ්‍ය වෙන්නෙ නෑ. ජනවාරි 8 වෙනිදගෙන් පස්සෙ අපි බලාපොරොත්තු වුනේ, මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කරගන්න , යහපාලනය ස්ථාපිත කරගන්න, ඒකට අත්‍යවශ්‍යම අංගයක් විදිහට තියෙන නීතියේ ආධිපත්‍ය තහවුරු කරගන්න. නීතියේ ආධිපත්‍ය තහවුරු කරගන්න බැරිනම්, නීතිය ගැන මිනිසුන් විශ්වාස කරන්නේ නැත්නම්, අපිට යහහපාලනයක් ගැන කතා කරන්න අමාරු වෙනවා. ඒ අදහසේ ඉඳගෙන තමයි අපි සත්භාවයෙන් මේ නීතිපති දෙපාර්තමේන්තුව ගැන කතා කරන්නේ.

අපි මැතිවරණ දෙකටම පෙර පැහැදිලිවම කියපු කාරණයක් තමයි මේ රටේ වැරදි කරපු අයට දඬුවම් දියයුතුයි කියන එක. හොරකම් කරපු අයට දඬුවම් දියයුතුයි කියන එන. අපේ ඉතිහාසයේ අත්දැකීම තමයි, දේශපාලඥයො සහ දේශපාලඥයොත් සම`ග එකට එකතුවෙලා හිටපු නිලධාරීන් මිලියන ගණන් වලින් රාජ්‍ය සතු මුදල් මංකොල්ල කෑවා. ඒවා එළිදරව් කරගත යුතුයි. ඒ වගේම ඒ අයට දඬුවම් දිය යුතුයි. දඬුවම් දෙන්න කියල කියන්නෙ අපි පුද්ගලිකව පලිගැනීමේ චේතනාවෙන් නෙමයි, රට යහම`ගට හරවා ගැනීම සඳහා. එහෙම දඬුවම් නොදුනනොත්, පත්වෙච්ච අලූත් අයත් ඒ වැඬේ ඒ විදිහටම කරනවා. ඒ ගොල්ලන්ට ලැබෙන ආදර්ශය තමයි ‘මේගොල්ල මෙහෙම කරල ප‍්‍රශ්නයක් වුනේ නැත්නම්, අපි කොහොම කරාම මොකද?’’ මේ පාළනයත් ¥ෂිත වීමේ ආදර්ශයක් සපයනවා මේ පරීක්‍ෂණ හරියාකාරව නොකෙරුණොත්. ඒ අදහස නිසා  තමයි අපි කියන්නේ මේ පරීක්‍ෂණ හරියාකාරව කළ යුතුයි, අපි දේශපාලන වේදිකාවල කතාකරද්දි කිව්වෙත් එහෙමයි. දැන් කියන්නෙත් ඒක නිසාමයි.

අපි නීතිපති දෙපාර්තමේන්තුව ගැන ප‍්‍රශ්න ගණනාවක් මතු කළා. ඒ මතුකළා මූලික සිද්ධිවාචික තුනක් ගැන. එකක් තමයි ඇවන්ගාඞ් ගණුදෙනුවට අදාල නීතිපතිවරා දුන්න නිර්දේශය. දෙවෙනි එක තමයි කුමරන් පද්මනාදන් ගැන නීතිපති දෙපාර්තමේන්තුවෙන් නිකුත් කෙරුණු නිර්දේශ සහ පැහැදිලි කිරීම. තුන්වෙනි කාරණාව තමයි නීතිපති දෙපාර්තමේන්තුවට විශේෂ අපරාධ මූල්‍ය ඒකකය සහ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්‍ෂණ අවසන් කරලා ලබා දීල තියෙන ලිපිගොණු සම්බන්ධව නීතිපති දෙපාර්තමේන්තුවේ මන්දගාමී ක‍්‍රියාකලාපය.

මේ කාරණා තුන ගැන ම අපිට ප‍්‍රශ්න තියෙනව. ඇවන්ගාඞ් ගනුදෙනුවට මූලික වෙන්නෙ රාජ්‍ය සතු ආයුධ වෙනත් සමාගම් දෙකකට පවරලා, ඒ සමාගම් වලට බිස්නස් කරන්න ඉඩ හැරලා, රාජ්‍ය සතු ආයුධ වලින් ඒ කරන බිස්නස් එකේදී ලැබෙන ආධායම තනිකරම රාජ්‍යයෙන් පිට සමාගම් දෙකකට හා පුද්ගලයින්ට ලබාගන්න අවස්ථාව ලබාදීම. මේන බරපතල කාරණයක්. රාජ්‍ය සතු ආදායම තමයි අහිමි වෙන්නෙ. දවසකට ලාබය වශයෙන් මිලියන 15 ක්. සමහර සංඛ්‍යාලේඛන වල ඊටත් වැඩියි. මාසෙකට ප‍්‍රමාණය හිතාගන්න පුළුවන්.
රාජ්‍ය සතු ආයුද නීත්‍යානුකූල නොවන විදිහට වෙනත් සමාගම් අතට පත්කිරීම, විදේශ ආයුද අනවසරයෙන් මිලදී ගැනීම. ඒම මිලදී ගත්ත ආයුද රටත තුළට අනවසරයෙන් ගෙන ඒම. මේ කාරණා තමයි මූලික වශයෙන් ඇවන්ගාඞ් ගනුදෙනුවත් එක්ක සාකච්ඡුා වෙන්නෙ.

2011 වෙනකම් මේ විදිහට විදේශ නැව්වලට ආරක්‍ෂාව සපයන ව්‍යාපාරය කරගෙන ආවේ ශ‍්‍රී ලංකා නාවික හමුදාව. විශේෂයෙන්ම මුහුදු මංකොල්ල කරුවන්ගෙන් නැව් ආරක්‍ෂා කරගන්න. සෝමාලියාව වගේ පැතිවල ඒ වගේ මංකොල්ලකෑම් සිද්ධ වෙනව. ඒ ආරක්‍ෂාව සැපයීම නාවික හමුදාව ව්‍යාපාරයක් විදිහට කරගෙන එනකොට නැව් වලින් ලැබෙන ආදායම නාවික හමුදාව හරහා එන්නෙ රාජ්‍ය භාණ්ඩාගාරයට. රජයේ ඒකාබද්ධ අරමුදලට. මේ ආදායම දැකලා. මේක හොඳ බිස්නස් එකක් බව දැකලා. රජයේ මහත්තුරු ටිකක් අවසර දෙනවා රත්නාලංකා සහ ඇවන්ගාඞ් කියලා සමාගම් දෙකක් නිර්මාණය කරලා ඒ සමාගම් දෙක හරහා මේ ව්‍යාපාරය කරගෙන යන්න. රාජ්‍ය සතු ව්‍යාපාරයක් පෞද්ගලික අංශයට පවරනවා.

මහින්ද රාජපක්‍ෂ මහත්තයා දිගටම කියපු දෙයක් තමයි රාජ්‍ය ආයතන පෞද්ගලිකකරණ කරන්නෙ නෑ කියන එක. ඒක සෞඛ්‍යයට අධ්‍යාපනයට සීමා වෙන එකක් නෙමෙයි. රාජ්‍ය සතු ව්‍යාපාරයක් ඇවන්ගාඞ්, රත්නාලංකා කියලා සමාගම් දෙකක් නිර්මාණය කරලා ඒවට පවරනවා. ඒක පවරන්න මූලිකවම බල කරන්නෙ ගෝඨාභය රාජපක්‍ෂ මහත්මයා. ආරක්‍ෂක ලේකම් විදිහට. ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයාගෙ අනුමැතිය දෙන්නෙ ආරක්‍ෂක අමාත්‍යංශයේ අතිරේක ලේකම් වරිය. එසේ අනුමැතිය දුන්න අය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට සාක්කි දෙනවා.

ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයා එසේ සමාගම් නිර්මාණය කරන්න වැඩ කරල, ඒ හදපු සමාගමේ ප‍්‍රධාන අයිතිකරුවෙක් බවටත් පත්වෙනව. රත්නාලංකා සමාගමේ ප‍්‍රධාන අයිතිකරුවන් දෙන්නයි. එක්කෙනෙක් මොහාන් පීරිස් මහත්තයා. අනෙක් එක්කෙනා ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයා. තවත් කීපදෙනෙක් ඉන්නවා.  සමාගම් හදන්න අනුමැතිය දීලා ඒ සමාගම්වල අයිතිකරුවන් වෙනව. තව ඇවන්ගාඞ් කියලා තවත් සමාගමක් නිර්මාණය කරගන්නවා. ඒකෙ ඉන්නේ හිටපු මේජර් ජනරාල්ලා. එක්කෙනෙක් පාලිත ප‍්‍රනාන්දු. අනිත් එක්කෙනා නිශ්ශංක සේනාධිපති. ඔවුන් මේ සමාගම් නිර්මාණය කරගන්නවා මේ ව්‍යාපාරය කරගෙන යන්න. මේ නිසා රාජ්‍ය සතු ආධායම විශාල වශයෙන් අහිමි වෙනවා.

පළමු වතාවෙ ගිවිසුමක් අත්සන් කරනවා. ඒ ගිවිසුමට අනුව මේ ආදායමෙන් 28% ක් නාවික හමුදාවට ලබාදිය යුතුයි. ඉතුරු ඒවා සමාගම් වලට. ඊළ`ගට සාකච්ඡුා නොකරම ගිවිසුම අලූත් කරනවා, 17% ක් පමණයි නාවික හමුදාවට ලබා දිය යුත්තේ කියල. එතකොට 83% ක් පෞද්ගලික සමාගම්වලට ලාභය විදිහට බැරවෙනවා. රාජ්‍යට හිමිවිය යුතු ආදායමක්, රාජ්‍යයට ලැබෙමින් තිබූ ආදායමක් රාජ්‍යයට අහිමි කරල තියෙනව. හිටපු ආරක්‍ෂක ලේකම් වරයා සහ ඔහුගේ කණ්ඩායමට. ඉතා පැහැදිලි චෝදනාවක් එල්ල වෙනවා

මේ සිද්ධිය විමර්ශනය කරපුවාම, අපරාධ පරීක්‍ෂණ දෙපාර්ත මේන්තුව වාර්තාවක් ඉදිරිපත් කරනවා නීතිපති දෙපාර්තමේන්තුවට. නීතිපති දෙපාර්තමේන්තුවෙ අධ්‍යක්‍ෂක වරයා මේ ලිපිගොනු අධ්‍යයන කරලා තමන්ගෙ වාර්තාවක් ඉදිරිපත් කරනවා නීතිපති වරයට. ඒ ඉදිරිපත් කරන වාර්තාවේ ඉතා පැහැදිලිවම කියනවා, රාජ්‍ය සතු අදායමක් අහිමිවෙලා ඇති බව. දෙවෙනි එක නීති විරෝධි විදිහට විදේශ ගිනි අවි ලංකාවට ගෙනල්ලා තියෙනව. ඒවා නීත්‍යානුකූල නොවන විදිහට පරිහරණය කරල තියෙනව. ඒ සියලූ චෝදනා කියනවා. ඒ චෝදනා ඉදිරිපත් කරල කියනව, පස් දෙනෙකුට විරුද්ධව මේ කාරණය සම්බන්ධව අධිකරණ ක‍්‍රියාමාර්ග ගන්න කියලා. අංක 1. නිශ්ශංක සේනාධිපති. අංක 2. මංජුල කුමාර යාපා – අධ්‍යක්‍ෂ ඇවන්ගාඞ්. අංක 3 ගෝඨාභය රාජපක්‍ෂ. ලේකම් – ආරක්‍ෂක අමාත්‍යංශය. අංක 4. ඞී.එම්.එස්. ජයරත්න. අතිරේඛ ලේකම් ආරක්‍ෂක අමාත්‍යාංශය. අංක 5 පාලිත ප‍්‍රනාන්දු ඇවන්ගාඞ් කාර්යමණ්ඩලයෙ සේවය කරන කෙනෙක්. හිටපු මේජර් ජෙනරල වරයෙක්. මේ පස්දෙනාට විරුද්ධව අධිකරණ ක‍්‍රියාමාර්ග ගන්න කියල, ඉතා පැහැදිලිවම අපරාධ අංශයෙ කටයුතු කරන නීතිපති දෙපාර්තමේන්තුවෙ නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරල්වරයෙක් ලිඛිත වාර්තාවක් දෙනව.

නීතිපති දෙපාර්තමේන්තුවෙ නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරල්වරු ඉන්නේ 9 දෙනයි. ලංකා වේ අපරාධ වැඩි නිසා, ඒ ක්‍ෂේත‍්‍රය පළල් නිසා, ඒ 9 දෙනාගෙන හතර දෙනෙක් ඉන්නෙ අපරාධ අංශය භාරව. එක්කෙනෙක් ඉන්නවා සිවිල් අංශය භාරව. තව 4 දෙනෙක වෙනත් වෙනත් අංශ භාරව ඉන්නවා. මේ අපරාධ අංශ භාරව ඉන්න මහත්වරුන්  තමයි වසන්ත බණ්ඩාර, ජයන්ත ජයසූරිය, කපිල වෛද්‍යරත්න, සරත් ජයමාන්න යන පිරිස. මේ අය හසල අත්දැකීම් තියෙන අය. මේ අය තමයි අපරාධ නඩු සම්බන්ධව විමර්ශන කර තමන්ගේ නිර්දේශ ඉදිරිපත් කරන්නේ නීතිපති වරයාට. නීතිපති වරයාගේ කටයුත්ත වෙන්නෙ, මේ අය ඉදිරිපත් කළ නිර්දේශ මත පිහිටා කටයුතු කිරීම. නැතුව තමන්ට කැමති තීරණ ගන්න එක නෙමයි. නීතිපති දෙපාර්තමේන්තුවෙ පිළිගත් ඉතිහාස ක‍්‍රියාවලිය සිද්ධ වෙන්නෙ එහෙමයි.

නීතිපති දෙපාර්තමේන්තුවට විමර්ශනය කිරීමේ අයිතියක් නෑ. විමර්ශනය කරනනේ පොලීසිය. අපරාධ පරීක්‍ෂණ දෙපාර්ත මේන්තුව. රහස් පොලීසිය ඇතුළු තව ආයතන. මේ ලිපි ගොනුවට ආදාල වාර්තාවක් දුන්නම නීතිපතිවරයාට, නීතිපති වරයා අනිත් 3 දෙනාගෙන් අහනවා මේ ගැන මොකද කියන්නෙ කියල. ඒ අය පැහැදිලිවම කියනවා මේ චෝදනා බැලූ බැල්මට ඔප්පු වෙනවා. මේ අයට විරුද්ධව අධිකරණ ක‍්‍රියාමාර්ග ගන්න කියල. එතකොට නීතිපතිවරයා කරන්නෙ, ඒක පිළිගන්නෙ නැතුව, සිවිල් කටයුතු බාර නියෝජ්‍ය සොල්ස්ටර් ජෙනරල් වරයෙකුට කතා කරලා, එයාගෙ අදහසත් අරගෙන දෙනවා තීන්දුවක් ‘මේ ඇවන්ගාඞ් ගනුදෙනුව සම්බන්ධව ක‍්‍රියාත්ම කරන්නට පදනමක් නැත’ කියල. ඒක අධිකරණයට දැනුම් දෙනව. මේක අපිට පිළිගන්න පුළුවන් පදනමක් නෙමෙයි.

බැලූ බැල්මට මේක වංචාවක් කියන එක ඉතා පැහැදිලියි. රාජ්‍ය සතු දේපල අවභාවිත කිරීම වංචාවක්. විදේශ සතු ආයුධ ලංකාවට ගෙන ඒම වංචාවක්. දසක තුනක යුද්ධයේදී අල්ලා ගත්ත ආයුධත් මේ අය පරිහරණය කෙරුවා කියල සැකයක් ඇති වෙලා තියෙනව. මේ ගොල්ලන්ට විරුද්ධව කරපු විමර්ශනයේ දී හමුබවෙලා තියෙනවා ගිනි අවි 3154 ක්. ජීව උණ්ඩ 747059 ක්. මේ ගොල්ලන්ට මේ ව්‍යාපාරය පවරනකොට නාවික හමුදාව මේ ගොල්ලන්ට දීල තියෙන්නෙ ගිනි අවි 893 ක් සහ උණ්ඩ 120000 ක් විතරයි. ඒවා වැඩි වුනේ කොහොමද? කොහෙන්ද ගෙනාවේ? මේවා ලියාපදිංචිද? කියන ප‍්‍රශ්න තියෙනව. ඒ නිසා මෙය ප‍්‍රශ්න කළ යුතු, විමර්ශනය කළ යුතු තත්ත්වයක්.

ඒ වගේම මේසේ ගිනි අවි රාජ්‍ය ආරක්‍ෂක හමුවන්ගෙන් තොරව තිබීම රාජ්‍ය ආරක්‍ෂවට තර්ජනයක්. අපි වගේ සිවිල් පුරවැසියන්ට ප‍්‍රශ්නයක්. සමහර වෙලාවට අපිට විරුද්ධවත් පත්තුවෙන්න පුළුවන්. සියලූ අය නිහඬ කරන්න ගිනි අවි පාවිච්චි කරන සමාජයක මේක බරපතල ප‍්‍රශ්නයක්. මේ අවි ආයුධ රාජ්‍ය සතුකර ගත යුතුයි. මේ සමාගම් විසුරුවා හැරිය යුතුයි. රත්නාලංකා කියල සමාගමක්, ඇවන්ගාඞ් කියල සමාගමක් තවදුරටත් අවශ්‍ය වෙන්නේ නෑ. මේවා කාළකන්ණි විදිහට දේශපාලන බලය තියාගන්න හදපු සමාගම්. ඒ ව්‍යාපාරය කරගෙන යන්න නාවික හමුදාවටයි, හමුදාවටයි පවරන්න පුළුවන්. විදේශ රටවල හමුදාවන් තමයි මේ ව්‍යාපාරය කරගෙන යන්නෙ. මේක ආරක්‍ෂාව සම්බන්ධ ව්‍යාපාරයක්.  ඒ නිසා නීතිපති දෙපාර්තමේන්තුව මේ කරුණ සම්බන්ධයෙන් ගත් තීරණ පිළිගන්න බෑ.

මනෝජ් රූපසිංහ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *