පහවසර ශිෂ්‍යත්වය අහෝසියි!

පහ වසර ශිෂ්‍යත්වය අහෝසි කිරීම පිළිබඳ තීරණයට තමා එකඟ වන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පසුගිය දා කොළඹ සුගතදාස ගෘහස්ථ කි‍්‍රඩාංගණයේ පැවති දරුවන් සුරකිමු, ජාතික වැඩසටහනේ කොළඹ දිස්ත්‍රික් සමුළුව අමතමින් සඳහන් කර තිබෙයි. පසුගිය වකවානුවේ ජනාධිපතිතුමා ළමයින්ට ළමා කාලය අහිමි වීම ගැන නෙයෙක් අදහස් ප්‍රකාශ කළත් එය එක් මාර්තෘකාවක් පමණක් වුවත් මෙවර ජනාධිපතිතුමා ප්‍රකාශ කළ පරිදි ඉදිරිකාලයේ දී එය ක්‍රියාත්මකවනු ඇතැයි අධ්‍යාපන ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක් විශ්වාසයෙන් හා සතුටු සිතින් ප්‍රකාශකරනු අසන්නට ලැබිණි.

05 වසර ශිෂ්‍යත්වය යනු දරුවාගේ අනාගතය තීරණය කරන ප‍්‍රධාන කඩඉමක් නොවන අතර එහිදී දරුවන්ට සිදුවන මානසික බලපෑම පිළිබඳ සියලූදෙනාගෙ අවධානය යොමු විය යුතු බව ද එහිදී ජනාධිපතිතුමා සඳහන් කර ඇත. අධ්‍යාපන ඇමති අකිල විරාජ් මීට කලකට පෙර මෙම යෝජනාව ඉදිරිපත් කළ අවස්ථාවේ සමාජය තුළ ඒ ගැන පුළුල් සංවාදයක් ඇති වී නැති විය.

එම තරගකාරී අධ්‍යාපන රටාව නිසා ළමා කාලය විනාශවීමේ අනිටු අත්දැකීමෙන් ළමුන් මුදාගන්නා තීරණයක් ලෙස ඇගයුමට ලක්වූ අතරම ගම්බද දක්ෂ දරුවන්ට ඉදිරියට ඒමේ අවස්ථාව අහිමි කිරීමක් බවට විවේචනද පළ විය.

එයට විකල්පයක් ලෙස වෙනත් 8 වසරේ විභාගයක් පැවැත්වීමේ අදහසක්ද පළවී තිබුණි.

මනෝජ්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *