මල්වානේ නිවස ඉදිකරන්න බැසිල් රාජපක්ෂ මහතා ලක්ෂ 1000කට වඩා මුදලක් ලබා දුන්නා. ගෘහ නිර්මාණ ශිල්පි මුදිත උපාලි ජයකොඩි හෙළි කරයි.

දොම්පේ, මල්වානේ කැලණි ගඟට මායිම් වූ අක්කර 16ක ඉඩමක් මිලට ගෙන එහි සුවිසල් නිවෙසක්, නාන තටාකයක් ඉදිකර ගොවිපොළක් පවත්වාගෙන යමින් රාජ්ය මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් මූල්යට විශුද්ධිකරණ පනත යටතේ පවත්වායන නඩුව පසුගිය සතියේ විභාග වූ අවස්ථාවේ සාක්ෂිනකාර මුදිත උපාලි ජයකොඩි නමැති ගෘහ නිර්මාණ ශිල්පියා
විශේෂ හෙළිදරව්වක් කළේය.

විත්තිකරුවන් වූ හිටපු අමාත්ය. බැසිල් රාජපක්ෂග සහ තිරුකුමාරන් නඩේසන් යන දෙදෙනාට එරෙහිව නීතිපතිවරයා විසින් ගම්පහ මහාධිකරණයේ ගොනු කර ඇති මෙම නඩුවට නඩුවට බැසිල් හා නඩේසන් දෙදෙනාද එදා එක්විය.

රජයේ නියෝජ්යද සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා පැමිණිල්ල මෙහෙයවූ අතර මෙම නඩුවට අදාළ අක්කර 16 රූඩ් 01 පර්චස් 8ක් විශාල ඉඩමේ සහ ඉදිකර ඇති නිවෙසේ මෙන්ම නාන තටාකය ඇතුළු සියලුම දේපොළවල රජයේ තක්සේරුව රුපියල් විසිකෝටි අසූලක්ෂහයක් බව ප්රහකාශ විය. නඩු විභාගය ආරම්භ නියෝජ්ය සොලිසිටර් ජනරාල් වරයා සාක්ෂිෂකාර මුදිත උපාලි ජයකොඩි ගෘහ නිර්මාණ ශිල්පියාගෙන් ඇසූ ප්ර ශ්න හා පිළිතුරු පහත පරිදිය.

ර.නි.සො. ජනරාල්: මෙම නඩුවට අදාළ මල්වානේ ඉඩමේ නිවාස ඉදිකිරීම සඳහා මුල්ගල තැබුවේ කවදාද?

සාක්ෂිසකාර මුදිත උපාලි ජයකොඩි: 2013 වර්ෂයේ පෙබරවාරි 10

ර.නි.සො. ජනරාල්: පළමු විත්තිකාර බැසිල් රාජපක්ෂිගේ බිරිය එම නිවෙසේ මුල්ගල් තැබීම සඳහා සහභාගි වුණාද?

සාක්ෂිසකරු: ඔව්. පුෂ්පා රාජපක්ෂි මහත්මිය සහභාගි වුණා.

ර.නි.සො. ජනරාල්: නඩුවට අදාළ ඉඩමේ සහ නිවෙසේ ඡායාරූප පෙන්වනු ලැබුවහොත් හඳුනා ගත හැකිද? (ඡායාරූප 17ක් සහිත ඇල්බමයක් පෙන්වයි)

සාක්ෂිසකරු: හඳුනාගත හැකියි. මල්වාන වත්තට ඇතුළු වන ගේට්ටුව, පොල්වත්ත, විවිධ කෝණවලින් ලබාගත් නිවෙසේ ඡායාරූප, ශාරීරික ව්යා යාම කරන කාමරය, පිහිනුම් තටාකය, වත්තේ හරක් සිටින ආකාරය ලෙසට ඡායාරූප හඳුනා ගනී.

ර.නි.සො. ජනරාල්: මල්වාන ඉඩමට විදුලිය ලබා ගන්න කළ දායකත්වය මොකක්ද?

සාක්ෂි කරු: මම ඉඩමට අදාළ ඔප්පුවේ ඡායා පිටපතක් කොන්ත්රා්ත්කරු වූ උපුල් කුමාර රාමවික්රහමට භාර දුන්නා. විදුලිය ලබා ගැනීම සඳහා ඉල්ලුම්කරු ලෙස පෝරම පිරෙව්වේ කොන්ත්රා‍ත්කරු.

ර.නි.සො. ජනරාල්: ජ්යොසතිෂවේදී සුමනදාස අබේගුණවර්ධන යන අය හඳුනනවාද? හමුවී තිබෙනවාද?

සාක්ෂි කරු: හඳුනනවා. මාතර ඉඩමක නිවෙසක් ඉදිකරන කොට සහ ගම්පහ ඩී.ඒ.රාජපක්‍ෂ පදනමට අදාළ කාර්යාලයට මුල්ගල තබන දිනත්, මල්වානේ ඉඩමේ නිවෙසට මුල්ගල තියන දිනත් සුමනදාස මහතා හමුවී තිබෙනවා.

ර.නි.සො. ජනරාල්: මල්වාන ඉඩමේ නිවෙස හදන්න සැලසුම ඇන්දේ කවුද?
සාක්ෂි්කරු: මම සැලසුම නිර්මාණය කළා.

ර.නි.සො. ජනරාල්: නිවෙස ඉදිකිරීමේ සැලසුම නගර සභාවෙන් හෝ ප්රායදේශීය සභාවෙන් අනුමත කර ගත්තාද?

සාක්ෂි්කරු: සැලසුම ඇඳලා බැසිල් මහතාගේ කාර්යාලයට ගොස් එහි සිටි අයකුට සැලසුම ප්රානදේශීය සභාවෙන් අනුමත කර ගැනීමට භාර දුන්නා. සැලසුම භාරගත් අය මා හඳුනන්නේ නැහැ. පසුව ප්රාෙදේශීය සභාවෙන් එය අනුමත කර ඇති බවට මට දුරකථනයෙන් දැනුම් දුන්නා. මා සේවකයකු ප්රාෙදේශීය සභාවට යවා අනුමත කළ ප්ලෑන් එක ගෙන්වා ගත්තා.

ර.නි.සො. ජනරාල්: නිවෙස සෑදීම සඳහා කොන්ත්රාඑත් දුන්නාද?

සාක්ෂිදකරු: ඔව්. සමාගමක් ලෙස නිවෙස ඉදිකිරීමට, ලී ඇල්ලීමට, වැහි පිහිලි දැමීමට සහ පිහිනුම් තටාකය සඳහා කොන්ත්රා ත් ලබා දුන්නා. වැඩ කරපු අයට නැවතී සිටීමට වෙනම ස්ථානයක් නොතිබුණත් සමහර සේවකයන් නැවතී වැඩ කළා. 2015 වර්ෂයේ මැද කාලය වෙනකම් විවිධ ඉදිකිරීම් කළා.

ර.නි.සො. ජනරාල්: 2014 නොවැම්බර් මස වන විට මල්වාන නිවෙසේ කොපමණ ප්රේතිශතයක් පමණ ඉදිකර තිබුණාද? වැය වූ මුදල කොපමණද?

සක්ෂිරකරු: 80%ක් පමණ ඉදිකර තිබුණා. රුපියල් මිලියන 100ක්, 110ක් (ලක්ෂ 1000- 1100) පමණ වැය වුණා. බැසිල් මහතා එම මුදල් ලබා දුන්නා.

ර.නි.සො. ජනරාල්: මුල්ගල තැබීමෙන් පසුව පළමු විත්තිකාර බැසිල් රාජපක්ෂණගේ බිරිය නිවෙස ඉදිකරන ස්ථානයට ඔබත් සමඟ ගියාද?

සාක්ෂි කරු: මා සමඟ පුෂ්පා මහත්මිය ගියේ නැහැ. පුෂ්පා මහත්මිය දෙවරක් පමණ නිවෙස ඉදිකරන ස්ථානයට ගොස් කොන්ත්රාිත්කරුවන්ට උපදෙස් ලබාදී තිබුණා.

ර.නි.සො. ජනරාල්: මෙම නඩුවට අදාළ නිවෙස ඉදිකිරීම සම්බන්ධව පළමු විත්තිකාර බැසිල් රාජපක්ෂව සමඟ කාර්යාල පරිශ්ර්යට අමතරව වෙනත් තැනක සාකච්ඡා කර තිබුණාද?

සාක්ෂිලකරු: බැසිල් රාජපක්ෂ මහතාගේ ශ්රීබ ලංකා මහ බැංකුව පිටුපස ඇති නිවෙසේදී සාකච්ඡා කර තිබෙනවා. එම නිවෙස නිල නිවෙසක්ද කියන්න මම දන්නේ නැහැ. එම නිවෙසේදී පුෂ්පා රාජපක්ෂි මහත්මියවත් හමුවී තිබෙනවා. නිවෙස ඉදිකිරීම සම්බන්ධව මූලික සැකසුම් සෑදීමේදී බැසිල් මහතා උපදෙස් ලබා දුන්නා.

ර.නි.සො. ජනරාල්: නිවාස සෑදීම සඳහා අවශ්ය මුදල් ලැබුණේ කොයි ආකාරයෙන්ද?
සාක්ෂි්කරු: විටින් විට මට එක් එක් අයගෙන් මුදල් ලැබුණා. මා කාර්යාලයේ සිටින විට හෝ නිවෙසේ සිටින විට විවිධ පුද්ගලයන් මට මුදල් ගෙනත් දුන්නා. මට මුදල් ලබාදෙන අය මා හඳුනන්නේ නැහැ. මුදල් රැගෙන එන පුද්ගලයා මා හමුවීමට පැමිණීමට පෙර බැසිල් මහතා මට කෝල් කර කියනවා.

වැඩිදුරටත් සාක්ෂිද දුන් සාක්ෂිිකරු: දෙවැනි විත්තිකාර නඩේසන් මහතා ඉඩම මිලට ගත්ත අවස්ථාවේ පමණයි මා සමඟ සම්බන්ධ වුණේ. නිවෙස ඉදිකිරීම සම්බන්ධව නඩේසන් මහතා මා සමඟ සම්බන්ධ වුණේ නැහැ. 2015 ජනාධිපතිවරණයෙන් පසුව නඩේසන් මහතා මට කෝල් කළා. නඩේසන් මහතා මිලට ගත් ඉඩමේ නිවෙසක් ඉදිකරන බව නොදන්නා බව මට පවසා සිටියා. බැසිල් මහතා එම කාලයේ සිටියේ පිටරට. නඩේසන් මහතා නිතර නිතර මට කතා කරමින් එයාගේ ඉඩමේ නිවෙසක් හැදුවේ කොහොමද? සැලසුම් පාස් කරගත්තේ කොහොමද? කියා අසමින් මාව පීඩාවට පත් කළා. ඉඩම මිලට ගන්නා ලෙසට මට බල කළා. බැසිල් මහතාට සහ පුෂ්පා මහත්මියට හොඳට බැන්නා මා සමඟ. එයාට ඉඩමේ අයිතියෙන් අයින් වෙන්න ඕනෑ කිව්වා. බැසිල් හෝ ඔබ අයිතිය භාර ගන්න ඕනෑ කිව්වා. බැසිල් රට නිසා ඉඩමේ අයිතිය ඔබ භාර ගන්න ඕනෑ කිව්වා. නඩේසන් මහතාගේ ඉඩමට අයුතු ලෙස ඇතුළුවී නිවෙසක් ඉදිකිරීමට සම්බන්ධව මට නඩු දානවා කිව්වා. පසුව නඩේසන් මහතා මාව නීතිඥ මහතකු වෙත එක්කගෙන ගියා. ඒ 2015 වර්ෂයේ ජනවාරි මස 14, 15, 16 යන දිනයන්හිදී. මේ අතරතුර පළමු විත්තිකාර බැසිල් මහතා රට ඉඳන් කතා කළා.

පළමු විත්තිකාර හමුවෙන්න බැරි වුණා. එයා විදේශගතව සිටි නිසා. පසුව මල්වානේ ඉඩම මගේ සමාගම නමට ලිව්වා. නඩේසන් මහතා මුදල් එපා චෙක්පතක් මගෙන් ඉල්ලා සිටියා. මා ළඟ බැසිල් මහතා දුන්න සල්ලි තිබුණා. නඩේසන් මහතා සල්ලි ගන්න බැහැ කොම්පැනියේ චෙක්පතක් ඉල්ලා සිටි නිසා මගේ ස්ථිර ගිණුමෙන් ණයක් අරන් මිලියන 40ක චෙක්පතක් නඩේසන් මහතාට මම දුන්නා. බැසිල් මහතා මල්වානේ නිවෙසේ වැඩ ඉවර කරන්න මට ලබාදී තිබූ මුදල්වලින් මා බැංකු ණය පියවා ගත්තා යැයි පැවැසීය.

ර.නි.සො. ජනරාල්: ඔබ පූගොඩ මහෙස්ත්රා ත්තුමා හමුවේ මෙම නඩුවට අදාළ ප්රේකාශයක් ලබා දුන්නාද?

සාක්ෂිැකරු: ඔව්

ර.නි.සො. ජනරාල්: මහෙස්ත්රාමත්වරයා ඉදිරියේ ප්රවකාශයක් ලබාදුන් හේතුව කියන්න පුළුවන්ද?

සාක්ෂිකකරු: බැසිල් මහතාගේ නෝනාගේ නංගිට මාතරින් ඉඩමක් ගත්තා. මම ඒකට මුල්වෙලා කටයුතු කළේ. එම ඉඩමේ ප්රවශ්නයක් මත මාව අත්අඩංගුවට පත්වෙලා බන්ධනාගාර ගත වෙන්න වුණා. බන්ධනාගාරගතව සිටින විට මා තීරණය කළා අනුන්ගේ බැඳීම්වලින් ඉවත් වෙන්න. ඒ නිසයි මා පූගොඩ මහෙස්ත්රාටත්තුමා හමුවේ ප්රුකාශයක් ලබා දුන්නේ යැයි පැවැසීය. නැවත නඩු විභාගය ජූලි මස 09 සහ 12 වැනි දිනවලට නියම කෙරුණි.

බිනර දන්තුරේබණ්ඩාර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *