ජාත්‍යන්තර මැදිහත්වීමක ඉඩකඩ මානව හිමිකම් කොමසාරිස් වාර්තාවෙන් වසා දමලා

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිලිබදව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා පසුගිය බදාදා නිකුත්කළ වාර්තාව මගින් මෙරට සිදුවී ඇති මානව හිමිකම් කඩකිරීම් පිලිබදව  බොහෝ කරුණු හෙළිදරවු කර ඇති අතරම මෙරටට විදේශීය මැදිහත්වීමක් කිරීමට ජාත්‍යන්තර නීතිය යටතේ තිබෙන ඉඩකඩ අසුරා  දමා ඇති බව විද්වත් නිරීක්ෂකයෝ කියති . ශ්‍රී ලංකාව තුළ වාර්ගික සමුලඝාතන සිදුවී ඇතැයි ඇතැම් දෙමළ අන්තවාදීන් කළ චෝදනාව මුළුමනින්ම ප්‍රතික්ෂේප කීරීම මගින් එම තත්ත්වය උද්ගතව ඇත .

රටක ස්වාධිපත්‍යය නොතකා අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීමට ජාත්‍යන්තර ප්‍රජාවට අවස්ථාව ලැබෙන ප්‍රධාන කාරණයක් වන්නේ එම රටතුල වාර්ගික  සමුලඝාතන ක්‍රියා සිදුවන බව ඔප්පුවීමයි . එවැන්නක්  නැවත්වීමට ජාත්‍යන්තර මැදිහත්වීමක් කීරීම යුක්ති සහගත බව ජාත්‍යන්තර නීතියේ පිළිගැනීමකි . ශ්‍රී ලංකාවේ වාර්ගික සමුලඝාතනයක් සිදුවන බවට අන්තවාදී පිරිසක් ප්‍රචාරයක් ගෙනගියේ එම චෝදනාව තහවුරු කීරීම මගින් ජාත්‍යන්තර මැදිහත්වීමක් කැදවා ගැනීමේ අරමුණ ඇතිවය . එබදු මැදිහත්වීමක් අවශ්‍ය බව ඔවුහු ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළහ . එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ පරීක්ෂණය මගින් වාර්ගික සමුලඝාතන චෝදනාව නිෂ්ප්‍රභා කිරීමත් සමග ජාත්‍යන්තර මැදිහත්වීමකට ඇති ඉඩකඩ ඇහිරෙන තත්ත්වයක් තහවුරු වී ඇත .

සියයට දහසයක්ව තිබූ ශ්‍රී ලාංකික දෙමළ ජනයාගේ ප්‍රතිශතය සියයට දොළහ දක්වා අඩු වී ඇති බවත් එය වාර්ගික සමුලඝාතන ක්‍රියාවලියක ප්‍රතිපලයක් බවටත් චෝදනා නගා  තිබිණි . එසේ වුවද යුද්ධය නිසාත් , වෙනත් රටවලට සංක්‍රමණය වීම නිසාත් මෙම තත්ත්වය ඇතිවිය හැකිය . කලකට පෙර මෙරට සියයට පහක් තරම්ව සිටි බර්ගර් ප්‍රජාව සියයට දශම ගණනකට අඩුවුයේ එබදු වෙනත් ක්‍රියාවලියක ප්‍රතිපල නිසා බව කියති .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *