සිරිසේන-මහින්ද කුමන්ත්‍රණ ආණ්ඩු සමයේ වීරවංශ සමෘද්ධි සංවර්ධන නිලධාරීන් 4500ක් රවට්ටලා

සිරිසේන-මහින්ද කුමන්ත්‍රණ ආණ්ඩු සමයේ නොවැම්බර් 30 වනදා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී ලබාදුන් සමෘද්ධි සංවර්ධන නිලධාරී පත්වීම් නීති විරෝධී බව අනාවරණය වෙයි. සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සදහන් කරයි.

කුමන්ත්‍රණ ආණ්ඩුවේ අමාත්‍යවරයා වූ විමල් වීරවංශගේ මැදිහත්වීමෙන් සිරිසේන ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් මෙම පත්වීම් බෙදාදීම සිදුවූ අතර ඒ පත්වීම් නීති විරෝධී බව තහවුරු කරමින් සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ සංගමය නිකුත්කල නිවේදනය පහත දැක්වෙයි.

“සමෘද්ධි සංවර්ධන නිලධාරීන් හට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් ලබා දුන් ස්ථීර පත් වීමේ ලිපිය නෛතික භාවයකින් තොර පත්වීමේ ලිපයක් බව ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශයේ ලේකම් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ හිටපු ලේකම් ගාමිණී සෙනෙවිරත්න මහතා විසින් පෙරේදා (13) දින වෘත්තීය සමිති සමඟ සිය අමාත්‍යාංශයේ දී පැවති සාකච්ඡාවේදී ප්‍රකාශ කරන ලදී.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *