උතුරේ මිනිස්සු හිතනවා ආවා කල්ලිය ආමි එකත් සම්බන්ධයක් තියෙනව කියල – අපේ අයිතිවාසිකම් දෙනවා නම් අපි සිංහල ඉගෙන ගන්නවා – සී.වී. විග්නේෂ්වරන්

අධිකරණයට අපහාස කළේයැයි උතුරු පළාත් මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් මහතා ඇතුලු තිදෙනෙකුට විරුද්ධව ගොනු කර ඇති චෝදනාව විභාගයට නොගන්නා ලෙස ඒ මහතා විසින් අධිකරණයෙන් කරනු ලැබූ ඉල්ලීම අද අභියාචනා අධිකරණය මගින් ප්‍රතික්ෂේප කරනු ලැබීය. එම පැමිණිල්ල ඉදිරියේ දී විභාගයට ගැනීමට අභියාචනා විනිසුරු ජනක් ද සිල්වා සහ කුමුදුනී වික්‍රමසිංහ යන මහත්ම මහත්මීන් විසින් තීරණය කළේය.

සී.වී. විග්නේෂ්වරන්, අනන්ද ශෂීධරන්, කේ. ශිවනේශ්වරන් යන අයට විරුද්ධව අධිකරණ කටයුතු ඉදිරියට පවත්වාගෙන යාම තීරණය කළ බව ප්‍රකාශයට පත් කළේය. විනිසුරු කුමුදුනී වික්‍රමසිංහ මහත්මිය මෙම නඩු කටයුත්තුතෙන් ඉවත්වීමට තීරණය කර ඇති බවත්, පෙබරවාරි 15 වන දින නඩුව යළි කැඳවා විභාගයට ගැනීමට දිනයක් නියම කරන බවත් දන්වා සිටිනු ලැබීය.

එහිදී මාධ්‍යවේදීන් විග්නේෂ්වරන් මහතාගෙන් ප්‍රශ්න විමසනු ලැබූ අතර ඒ මහතා දුන් පිළිතුරු මෙසේය.

ආවා කල්ලියේ නායකයා හැටියට හැඳින්වෙන අරන් සිද්ධාර්ථන් විශේෂ ප්‍රකාශයක් කරලා තියෙනව ටී.එන්.ඒ. එකෙන් සහ උතුරේ දැනට ඉන්න දේශපාලඥයන්ගෙන් කිසිම සහනයක් ජනතාවට නැහැ කියල.

එයා කවුද කියලා ඉස්සරවෙලාම හඳුනාගත යුතුයි. එයාගෙ අයිඩින්ටි කාඩ් එක බැලුවද දන්නෙ නෑ. එයා සිංහල කියලා කතාකරන හැටි බලනකොට අපිට ටිකක් සැකයක් තියෙනව. එයා දේශපාලනය කරනවනම් පක්ෂයට බැඳිලා කතාකරන්න කියන්න. එතකොට අපි ඒකට උත්තර දෙනවා.

ආවා කණ්ඩායම සම්බන්ධයෙන් උබතුමාලගේ මතය කුමක්ද?

උතුරේ මිනිස්සු වැඩියෙන් හිතනවා ආවා කල්ලිය ආමි එකත් සම්බන්ධයක් තියෙනව කියල. මිනිස්සුන්ගෙ දැනීම් හැටියට ආමි එකත් එක්ක සම්බන්ධයි කියලයි හිතන්නෙ. එහෙම කියල අපි කොහොමද ඒක ඔප්පු කරන්නෙ?

උතුරේ ජනතාව සිංහල ඉගෙන ගන්නවාට උතුරෙ ඉන්න  දේශපාලඥයො කැමති නැහැල්ලු.

දෙමළ මිනිස්සුන්ගෙ අයිතිවාසිකම දුන්නොත් හෑම දෙනාම හොඳට සිංහල ඉගෙන ගන්නවානෙ. හතලිස් අටේ ඉඳලා පණස් හය වෙනකම් හොඳට සිංහල ඉගෙන ගත්තානෙ. මම පණස් පහේ ඉඳලා කොළඹ රාජකීය විද්‍යාලයෙ සිංහල ඉගෙන ගත්තා. පනස් හයේ දී සිංහල භාෂාව පමණයි කියනකොට මම සිංහල භාෂාව ඉගෙන ගන්නෙ නැහැ කියල කිව්වා. අපේ අයිතිය අපිට දුන්නොත් අපි සිංහල ඉගෙන ගන්නවා. අපිට ඒකෙ කිසිම ප්‍රශ්නයක් නැහැ.

උතුරේ ජනාතාව අතර කුල ප්‍රශ්නය තදින්ම තියනවා කියල අදහසක් තියෙනව. ඒක අත්තද?

ඇයි දකුණෙ නැද්ද? මම කොළඹ ඉපදුන එක්කෙනා මම දන්නවා.

මනෝජ්

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *