විජය 31 වන අණුස්මරණ උත්සවය 16 වන දා

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

එකීය ශ්‍රී ලංකාවක්, ජාතීන් අතර සමගියෙන්යුත් සමානාත්මතා සමාජයක් වෙනුවෙන් පෙනී සිටි‍මින් ඒ වෙනුවෙන් මුලු ජීවිතයම කැප කළ සිනමාවේ ජනකාන්ත නළුවකු මෙන්ම ප්‍රතිභාපූර්ණ ගායකු හා මානව හිතවාදී දේශපාලඥයකු වූ විජය කුමාරතුංගයන් පැසිසිට් වාදී මිනීමරු කල්ලියක් විසින් ඝාතනය කර වසර 31ක් පිරීම නිමිත්තෙන් එතුමන් අණුස්මරණය කිරීමේ අණුස්මරණ උත්සව හා පිංකම් රැසක් දිවයින පුරා විවිධ සංවිධාන මගින් හා විවිධ පුද්ගලයන් මගින් සිදුකෙරේ.

ඒ අතරින් ප්‍රධාන අනුස්මරණ උත්සවය 2019 පෙබරවාරි 16 වන සෙනසුරාදා කොළඹ 7 නව නගර ශාලාවේ දී පැවැත්වේ. (මහවැලි කේන්ද්‍රයට යාබදව) එදිනට විජය ඇතුළු මියගිය විරුවන් උදෙසා පුෂ්පෝපාහරයක් ද විජය උපහාර ගීත ගායනා ද විජය සමරු දේශනයක් ද පැවැත්වෙන අතර විජය සමරු දේශනය පවත්වන් ලබන්නේ සෞඛ්‍ය හා පෝෂණ අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසිනි. මෙම උත්සවයේ මුලසුන හොබවනු ලබන්නේ හිටපු ජානාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය විසිනි.

සැමට ආරාධනා!

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *