සීපා ගිවිසුමෙන් වාසියක් මිස අවාසියක් නැත – මහාචාර්ය රොහාන් සමරජීව

ශීත කාමර මූලික වශයෙන් අපි ලංකාවේ වර්තමාන ආර්ථික තත්ත්වයෙන් පටන් ගනිමු.  අපි කාලයක් තිස්සේ  ප‍්‍රාථමික කෘෂිකාර්මික භෝග  අපනයනය කර ජීවත් වූ රටකි.  ඊට පසු අපි ඒවා ක‍්‍රමයෙන්  අගය වැඩි කර අපනයනය කළෙමු.  රබර් වලින් 75%ක් පමණ යන්නේ ටයර්, අත්වැසුම් යනාදිය හැටියට ය.  ඒ වුනාට අපිට පෙනෙනවා  අපේ අපනයන ප‍්‍රතිශතයක් හැටියට වගේම  අපනයන ප‍්‍රමාණය  අඩුවීම.

එතකොට අපි අද ජීවත් වෙන්නේ  සේවා ආර්ථිකය පිහිටෙනි.  සේවා ආර්ථිකය කියලා හඳුන්වන්නේ කෘෂිකාර්මික  හා කාර්මික නිෂ්පාදන නොවන කොටස ය.  එහි විශ්මය ජනක පරාසයක් තිබේ.  කවුරු හරි කඬේක භාණ්ඩ අලෙවි කරන එක  සේවාව කි. එතකොට අපි දැන් කථා කරන්නේ සේවා ආර්ථිකය ගැන ය.

අපේ ප‍්‍රධාන  ආදායම් මාර්ග ගත්තාම පළමුව එන්නේ ඇඟළුම්, තේ. රබර්,  සංචාරක සේවා.  මෘදුකාංග වැනි දේ ය.  ඇත්ත වශයෙන්ම මේ රටේ බර අදින්නේ  මැද පෙරදිගට ගිහිල්ලා ශ‍්‍රමය විකුණන අය ය.  ඒක සේවා වෙළ\මේ කොටසකි.  එතකොට  අපේ කෘෂිකාර්මික ඵලදායිත්වය තිබෙන්නේ පහළ මට්ටමක ය. අපේ බිම්  කුඩා කොටස් වලට කැඞී තිබේ.  ඒ නිසා යන්ත්‍රෝපකරණ භාවිතා කොට  පළදාව නැංවීම එතරම් පහසු නැත.  තේ ,සහල් වගේ දේවල් ගතහොත් අපිට කරට කර තරග කරන්නට නොහැක.  එසේ නොහැකි වන්නේ අපේ නිෂ්පාදන ඵලදායිතාවය දුර්වල හෙයිනි.  ඉතින් අපිට කරන්නට පුළුවන් වෙන්නේ අර අගය එකතු කළ හැකි නිෂ්පාදන පමණි.

කාර්මාන්ත කරණය සඳහා අපිට සෑහෙන දුරට බොට්ටුව අතහැරින.  83 මෙහෙට එන්නට තිබුණ ආයෝජන  මෙහාට පැමිණියේ නැත.  එතකොට අපි දැන් සිටින මැදි ආදායම් තත්ත්වයෙන් ගොඩඑන්නට නම් අපිට තිබෙන ප‍්‍රධානම දේ  තමයි. අපනයනය වැඩි කිරීම. අපනයන වැඩි කරනවා කියන්නේ ආනයනය අඩු කරනවා කියන එක නොවේ.  එහෙම නැත්නම් ආයාත ආදේශන කර්මාන්ත අරඹනවා නොවේ.  මෙතන තිබෙන්නේ අපනයන වැඩිකළ කිරීම ය.  අපනයන වැඩි කරන්නට නම් ආනයන වැඩිකරන්නට සිදුවේ.  හොඳ උදාහරණ දෙකක් ගතහොත්,  අපේ ඇගළුම් කර්මාන්තය  ආනයන මත පදනම් වු කර්මාන්තයකි.  ඔය රෙදි ද සිප් ද බොත්තම් ද යනාදි දේවල් ආනයනය කරති.   ගෙනල්ලා මෙහෙ මසා නිමකර  පිටරට යවති.  ඒවාට තමයි කියන්නේ සප්ලයි චේන් කියලා.  සැපයුම් ජාල ලෙසයි එය හඳුන්වන්නේ.

එතකොට ලංකාවේ ආර්ථික වර්ධනයක් ඇතිකර ගන්නට ඉදිරිමග  කේන්ද්‍රිය වන්නේ   ගෝලීය  සැපයුම් ජාලවලට සම්බන්ධ වන එක ය.  ගෝලීය සැපයුම් ජාලය කියන්නේ භාණ්ඩ හා සේවා හුවමාරුව දම්වැලක් නම් අප එහි එක් පුරුකකි.  උදාහරණයක් ලෙස  ජපානයට අයිති ජපානයේ නිෂ්පාදනය කරන මෝටර් රථ කර්මාන්ත ශාලා විශාල ප‍්‍රමාණයක් තමිල්නාඩුවේ තිබේ.  මොකක් හරි හේතුවකට කාර් හදන එක  ඉන්දියාවේ සංකේන්ද්‍රණය වුනේ  දකුණේ.  වෙන තැන්වලත් තිබෙන නමුත් වැඩියෙන් තිබෙන්නේ දකුණේ.  ඒක සැපයුම් දාමයක කොටසකි.  කාර් එකක් හදන ෆැක්ටරියේ  ටයර් හදන්නේ නැත.  ඒ අය ඒකට අයත් බල්බ්ස් හදන්නේ නැත.  ඒකට අවශ්‍ය මෘදුකාංග හදන්නේ නැත.  ඒවා වෙන තැනකින් ගනු ලබයි.  එතකොට අපිට අවස්ථාවක් තියෙනවා ඔය සැපයුම්  දාමයට සම්බන්ධ වෙන්නට.  අපේ විශාල ආශාවක් තිබෙනවා නේ සේවාවල නොසිට නිෂ්පාදන ආර්ථිකයකට යන්නට.  ඒකටත් අපිට අවශ්‍යයි මේ වෙළඳ සම්බන්ධතා ඇතිකර ගන්නට.

ඔතනින් තමයි අපගේ කථාන්තරය පටන් ගන්නේ.  ඒවා ඇතුලේ ඉස්සර වගේ  භාණ්ඩ නිෂ්පාදනය එක කොටුවක  සේවා වෙන කොටුවක කියලා බෙදී නැත.  දැන් අන්තර්ගත ව සම්බන්ධ වී තිබේ.  එසේ අන්තර්ගතව සම්බන්ධ වී තිබෙන විට යම්කිසි වෙළ\මක් තිබෙනවා.  ඒක දැන් නිල වශයෙන් කෙරෙනවා.  නොනිල වශයෙනුත් කෙරෙනවා.  දැන් ලංකාවේ  ඕනෑම සමාගමක අහලා බැළුවොත්  ඒ ගොල්ලන් බොහෝ දුරට ඒ අයගේ කටයුතු කිරීමට   උපදේශකයෝ ගෙන්වති.  ඒ උපදේශකයෝ ඇත්ත වශයෙන්ම  ඉන්නේ සේවා වෙළ\මේ.  මමත් සේවා වෙළ\මේ ඉන්න පුද්ගලයෙකි.  කියන්නේ අපි දැණුම විකුණනවා.  ඒකට අපිට ගෙවීම් ලැබෙනවා. එතකොට ඒ සේවා වෙළ\ම අලූත් ආර්ථිකයේ  කොටසක්. ලංකාවේ දැනට තිබෙනවා නොනිල වශයෙන්.  එතන තිබෙන්නේ අනිකුත් සියලූ දේ සමග කළවං වූ වෙළ\මකි.

කළවං නොවුන පරිශුද්ධ සේවා හැටියට සැළකිය හැකි සේවාවන්ද තිබේ. අර රාජගිරිය පසුකර යනවිට  විශාල එච්. එස් බී සී. බැංකුවේ බිල්ඩිමක් තිබේ.  ඒක බැංකුවක් නොවේ.  ඒක එච්. එස්. බි. සී.  බැංකු ජාලයේ  පිටුපස කාර්යාලයකි.   ඕනෑම බැංකුවක පාරිභෝගිකයින් සමග ගණුදෙනු කරන ඉදිරි පිට ආයතනයක් තිබේ.  මෙයට අමතරව පිටුපසු කාර්යාලයේ වැඩ කරන තව පිරිසක් සිටිති.  ඒ වගේ එච්. එස්. බි. සී. බැංකු ජාලයේ ඒ පිටුපස කොටස ගලවා මෙහාට ගෙනත් දමා තිබේ.  ඒක මේ විදුලි සංදේශ සමග සම්බන්ධව  අර වෙනත් රටවල ඉදිරි  කාර්යාලයට එය සම්බන්ධ කර ඇත.  එතකොට මේ කරන සේවා වෙනුවෙන් ඒ රට වලින් මේවාට  ගෙවීම් කරයි.  එතකොට මේ අයට ගිහිල්ලා සෞදි අරාබියේ,  ගල්ෆ් රටවල වැඩ කරන්නට ඉස්සර තිබුණි.  ඒ වෙනුවට අද මෙහෙ සිට වැඩ කරති.  ඒ කියන්නේ තමන්ගේ දරු පවුල් සමග සිටිති.   ලංකාවේ සිට ලංකාවේ සල්ලි වියදම් කරගෙන  ඒ ගොල්ලන් මෙහෙ ඉන්න අතර ඒ අය ඇත්තටම වැඩ කරන්නේ  පිට රටට. දැන් මෙතන පැය 24ම වැඩ කරති.  මොකද ඒ රටවල කාලයට අනුව  තමයි මෛහෙ වැඩ කරන්නේ.  ඔය පරිශුද්ධ සේවා අපනයන කටයුත්තකි.

මෙතන ඊ ළගට අපි  අහන්නේ  ඇයි මේවාට වෙළඳ ගිවිසුම් කියලා.  ඒකට දෙන උත්තරයේ කොටස් දෙකක් තිබේ.
එකක් තමයි ලංකාවට ආයෝජන අවශ්‍ය ය.  අපේ තක්සේරුව ලංකාවට අවුරුද්දකට  ඇමෙරිකානු ඩොලර්  බිලියනයක  විදේශ ආයෝජන අවශ්‍ය ය..  ගිය ආණ්ඩුව කාලයේ ඒකට එන්නට නොහැකි විය. ඒක නැතිව අපිට  සියයට 8- 10 වර්ධන වේගයක් ලබාගන්නට බැහැ.  එතකොට ආයෝජන ලංකාවට ගෙනෙන්නට  අපිට අවශ්‍යයි අවධානම අඩු, අවිනිශචිතබව අඩු වාතාවරණයක් ඒකට අවශ්‍යයි.  නෛතික රාමුවක් අවශ්‍යයි.  ඒ නෛතික රාමුව  අපිට පුළුවන් අපේ නීති වලින් දෙන්නට.

අපේ නිතිවල අපැහැදිළි තා තිබෙනවා.  ඒවා හදන්නට පුළුවන.  නමුත් ඊට වැඩිය  විදේශ ආයෝජකයෝ කැමතියි  ආණ්ඩුව සහ තමන්ගේ ආණ්ඩුව  පොදු එකගතාවයක් මත ඇතිකළ ගිවිසුමක් මත නෛතික රාමුවක් සපයනවාට. එ  මොකද ඒක ඒක පාර්ශවීයව ආණ්ඩුවකට වෙනස් කළ නොහැක.  අර සැපයුම් ජාලය තුළ  ආයෝජකයෝ මෙහෙ එනවා වගේම අපේ ආයෝජකයෝ එහේ යන්නට ද ඉඩ තිබේ. උදාහරණයක් ලෙ වර්චූසා කියලා සමාගමක් ලංකාවේ තිබේ. ඒක සෑහෙන ප‍්‍රසිද්ධ සමාගමකි.  එතන 1000ක පමණ පිරිසක් සේවය කරති.  මේ මෘදුකාංග ක්ෂේත‍්‍රයේ කර්මාන්තයකි.  ඒ අයගේ කාර්යාල තිබෙනවා බැංගලෝර්වල,  ඇමෙරිකාවේ.  ඒක එක සැපයුම් ජාලයකි.  ඒ අයගේ මෘදුකාංග ඉංජිනේරුවරු එහාට මෙහාට කරන්නට  ඒ අයට නම්‍ය තත්ත්වයක්  තිබිය යුතු ය.  මේ ලංකාවේ ආයෝජකයෝ.  ඒ වගේම අනික් රටවල ආයෝජකයොත්,  ඒ අයගේ විධායක මට්ටමේ අය එහාට මෙහාට කරන්නට  පුළුවන් කම තිබිය යුතුයි. එයින් අදහස් කරන්නේ සුවිශේෂ දක්ෂතාවයන් තිබෙන වෘත්තිකයින්ට එසේ යෑමට නිදහස තිබිය ුතු බව ය.  ඒ අයිතිය ලබා දෙන්නේ නෛතික රාමුවක් තුළ ය.

මේ දේ කරගන්නට  දැන් ගිහිල්ලා අපිට යාප්පුවෙන්නට සිදුවී තිබේ.  එහේම තමයි වීසා එකක් ගන්නට පුළුවන් වෙන්නේ.   අර ගිවිසුම යටතේ අපිට අයිතිවාසිකමක් තිබෙන බව කියන්නට  පුළුවන.  ඒ වගේ නෛතික රාමුවක් තමයි ඔය වෙළඳ ගිවිසුම් වලින් සපයනු ලබන්නේ.  මෙහිදි කෙනෙක් හොඳම නෛතික රාමුව කුමක් ද යන්න අසන්නට පුළුවන.  හොඳම නෛතික රාමුව තමයි ලෝක වෙළඳ සංවිධානය  සපයන ලෝකයේ  සියළුම රටවල් එකගවී ඇති නෛතික රාමුව. එක දැනටමත් තිබේ.

අපේ විදුලි සංදේශ ක්ෂේත‍්‍රයේ දියුණුව ගැන කථා කරන අය  ඒ අත්සන් කළ ගිවිසුම් වලින් එයට දායකත්වයක් තිබූ බව දන්නේ නැත. විදුලි සංදේශ ක්ෂේත‍්‍රය දියුණු කරන්නට, ඒ ආයෝජන ලබා ගන්නට  ඒ ගිවිසුමෙන් අදව්වක් ලැබුණු බව ඔවුන් දන්නේ නැත. එහි සිටි කෙනෙක් ලෙෂ  මට ඒ ගැන අනිවාර්යෙන්ම කියන්නට පුළුවන.  ඒත් දැන් ඩෝහා රවුන්ඞ් එක කියන ලෝකයේ සියලූම දෙනා එක් වී  ඒක තව ලිහිල් කරණය කිරීම නැත්නම් නෛතික රාමුව දියුණු කිරීමට උත්සහායක් දරයි. එය මේ මොහොතේ  සම්පුර්ණයෙන් ඇනහිට තිබේ.  ඒක ඉදිරියට යන්නේ නැත.  යුරෝපයේ කෘෂිකාර්මික සහනාධාර,  අයින් කරගන්නට ඒ අය කැමති නැති නිසයි එසේ සිදුවී තිබෙන්නේ.  ඒ නිසා හොඳම නෛතික රාමුව ප‍්‍රායෝගිකව ලබා ගන්නට හැකියාවක් නැත.

දෙවෙනි එක නෛතික රාමුව  ප‍්‍රාදේශිය නැත්නම් කලාපීය  වෙළඳ ගිවිසුම් ය.  ඒක කරගන්නට විදියක් නැහැ  සාක් එක දුවන්නේ නැති අශ්වයෙක් බවට පත් වී ඇති නිසා.  එතකොට තුන්වෙනි විකල්පය ලෙස  ද්වී පාර්ශවීය වෙළඳ ගිවිසුම් තමයි තිබෙන්නේ.  අපි තමයි ඉන්දියාවත් සමග පළමුවෙනි වරට, එය අපිටත් පළවෙනි ඉන්දියාවටත් පළවෙනි ද්වී පාර්ශවීය  වෙළඳ ගිවිසුමක් අත්සන් කළේ. 1998. එය ක‍්‍රියාත්මක වුයේ 2000දී ය.  ඒකේ ආවරණය කළේ භාණ්ඩ පමනි.  ඉන්දියාව සේවා අංශය ගැන විශේෂ උනන්දුවක් ඇත.  ඒ අය සේවා වලට හොඳ බව ලෝකයේ පිළිගැනීමක් ඇත.  චීනයට භාණ්ඩ පිිළිබඳ පිළිගැනීමක් තිබේ.  ඉන්දියාව භාණ්ඩ සහ දේවා දෙකම පිළිබඳ ඒ පිළිගැනීම ඇත.

ඉන්දියා පසුව සිංගපූර්ව සමග විස්තීරණ  ආර්ථික සහයෝගිතා  ගිවිසුමක්  අත්සන් කළේ ය.  දෙවෙනි අවස්ථාවේ  ලංකාවට ආවේ. අපි කුඩා වූවාට  අපේ ඇති සම්බන්ධතා මත මෙන් ම අපි ප‍්‍රථමයෙන්ම  වෙළඳ ගිවිසුමක් අත්සන් කළ අය හැටියට  අපිත් එක්ක මේ ගිවිසුම අත්සන් කරන්ණට ඒඅ ය කැමති විය.. ඒකේ අධ්‍යන කටයුතු කමිටුවේ මා ද සිටියෙමි.  එහි පරිච්ෙඡ්ද 3ක් සඳහා  මම වගකීම ගත්තා.  එකක් තමයි සේවා වෙළඳම පිළිබඳ පරිච්ෙඡ්දය.  භාණ්ඩ වෙළඳම පිළිබඳ පරිච්ෙඡ්දයේ විශේෂ දෙයක් නැත.  එය පරණ නිදහස් වෙළඳ ගිවිසුමේ වගන්තිමයි තිබෙන්නේ. ඒකේ තිබන අඩුපාඩු හදලා දියුණු කළ දේවල් පමණයි එතන තිබෙන්නේ. ආයෝජන පරිච්ෙඡ්දයෙත් අපේ බී.  ඕ. අයි. එකෙනේ දෙන ආයෝජන පහසුකම් පමනයි ඇ්තේ. ඒකේ විශේෂ අරුමයක් නැත.

මත භේදාත්මක කොටස වී තිබෙන්නේ  මේ සේවා ආර්ථිකය සම්බන්ධ කොටස ය.  ඒක මගේ විෂය වේ.  එවිට  අපි අත්සන් කරන්නේ නැතිවූවාම ඉන්දියාව වෙනත් අය සමග අත්සන් නොකර ඉන්නේ නැත. මේ වන විට සිංගපූර්ව. කොරියාව වැනි ආසියානු රටවල් පමණක් නොව යුරෝපයේ රටවල් පේලියට අත්සන්කර තිබේ. අපි විතරයි මේ ක‍්‍රියාදාමයට නැත්තේ. මෙවැනි ගිවිසුම් ලොකයේ අද හැමතැනම අත්සන් කෙරේ.  ඒ කියන්නේ ශාන්තිකර  සහයෝගිතාවය කියලා  ගිවිසුම්ක් අත්සන් කරන්නට සූදානම් කර තිබේ නමුත් ඒකට කිසියම් බාධා ඇතිවී තිබෙන බවයි පෙනෙන්නේ.  අත්ලන්තික් සාගරය හරහා තව ගිවිසුමක් අත්සන් කරන්නට  සූදානම් ය.  මේ සියල්ලේම පුරෝගාමියා  වන්නේ ඇමෙරිකාව සහ කැනඩාවය.  ඊට අමතරව මෙක්සිකෝව ඇතුල් වෙලා උතුරු ඇමෙරිකානු නිදහස් වෙළඳ ගිවිසුම කියා  නැෆ්ටා නමින් ගිවිසුමක් අත්සන් කර ඇත.

අපි දැන් කරන්නට සූදානම් වන්නේ මේ නෛතික රාමුව ලබා දෙන්නට ය.  මේකෙන් මේ පැත්තෙන් ඉන්දියාවට යන අයට වාසි තිබෙන අතරම  එහෙන් එන අයටත් ඒ වගේම වාසියක් නැතිනම් නෛතික රාමුවක් තිබේ. එහි එම අයිතිවාසිකම් පැහැදිළිව සහන් වී තිබෙන අර ප‍්‍රශ්නයක් ඇතිවුවහොත්  නිරාකරණය කරගන්නට ක‍්‍රමවේදයක් ද සැපයේ..  කලින් එසේ යම් දුර්වලතාවයක් තිබුණි.

එතකොට කෙනෙක් අහන්නට පුළුවන් මොනවා උනත් මේක  දැවැන්ත ආර්ථිකයක් සහ දැවැන්ත රටක්.  අපි පොඩි රටක් . අසමානයන් අතර ගිවිසුම් අත්සන් කළ විට  අපිට අවාසියක් ඇති නොවන්නේ ද යන්න.  එ්ක පිළිගන්න නිසා තමයි අපි කිව්වේ කලාපීය ගිසිසුම් අත්සන් කරන්නේ .නැතිව ආසන්නයේ තියෙන ලොකුම වෙළඳ පොල සමග ද්වී පාර්ශවියව අත්සන් කරන්නේ.  ආයෝජන, වෙළ\ම යන සියළු දේපැත්තෙන් ඒ අය තමයි  කොන්ද්‍රීය වෙළඳපොල වෙලා තිබෙන්නේ. එහි අකර්මණය ගොඩක් දේවල් තිබේ.

උදාහරණයක් ලෙස මේ දවස් වල චීනය  ඉන්දියාව සමග අපේ ගිවිසුම ගැන විමසමින් සිටියි.  හේතුව ඉන්දියාව සමග අපි ගිවිසුමක් ඇතිකරගත් පසු චීන්නු මෙහි පැමිණ :ෆැක්ටරි පටන්ගෙන  ඒ ගිවිසුම තුලින් ඒ අය ද වාසි ලබා ගනිති.  ඇත්ත වශයෙන්ම අපි අත්සන් කළ යුත්තේ ඉන්දියාව සමග පමණක් නොව අපේ ප‍්‍රධාන  වෙළඳ සහ ආයෝජන  ලැබෙන රටවල් සියල්ලම සමග ගිවිසුම් අත්සන් කළ යුතුය .  එක්සත් ජාතික පක්ෂයේ මැත්වරණ ප‍්‍රකාශනයේ ඒක පැහැදිළිව ඇත.  ඒ අය අර සැපයුම්දාමය  තේරුම් ගෙන තිබේ.  ඒකේ දැක්ම නිවැරදි .
අර අසමමිතික බව  ඉන්දියාවේ හිටපු අගමැතිවරයෙකු වන ඉන්ද්‍ර කුමාර් ගුජ්රාල ද අපේ අසල් වැසියන් සමග අසමමිතික සබඳතාවයක් ඇති බව පවසා තිබේ. ඒ අනුව ඉන්දියාව කරන දේ සමව අපිට කරන්නට කියා ඒ අය කියන්නේ නැත. ඒ අය කියන්නේ වැඩි පුර කොටස් ඔබලාට ආරක්ෂා කරගතහැකි බවයි.

අපේ භාණ්ඩ ගිවිසුමෙත්  සියළුම ක්ෂේත‍්‍රයන් ඇතුලත්කර නැත. අපි හුගාක් දේවල් අයින්කර ඇත.  මෝටර් රථ වලට අපි විශාල තීරු බදු  ගහන නිසා අපි කිව්වා ඒවා ඇතුල් කරන්නට බැරි බව නමුත් ඒ අය එයට එකග විය.  ඒව තියෙන්නේ ගිවිසුමෙන් පිට. සමහරු කියනවා ඉන්දියානු ආනයන වැඩි වුනා කියලා.  ඒ උනේ ගිවිසුම නිසා නොව  ගිවිසුමෙන් පිට ආදේශනයක් සිදුවිය. ඉස්සර වැඩි මිලක් ගෙවා ජපානයෙන් ගෙනා කාර් වෙනුවට ඒ වගේ ම හොද ඉන්දියානු වාහන අඩු මිලට ගැනීමට හැකි විම ය. එය ලංකාවේ පාරිභෝගිකයාට වාසියකි

ඒ නිසා අපි හොඳට කේවල් කර මේ ගිවිසුම් අත්සන් කළ යුතු ය.  ඒවා දක්ෂ මිනිසුන් යවලා කලයුතු දේවල් ය.  මේ සේවා ගිවිසුම් හරිම සංකීර්ණය.  පළවෙනි සේවා ගිවිසුම 80 ගනන්වල ඇමෙරිකාව කැනඩාව සහ මැක්සිකෝව අත්සන් කළේ ය.  ඊට පසු ඩබ්. ටී.  ඕ. එකෙන් එකක් අත්සන් කළා.  ඒවාගේ පටුපස ඇමුණුම් කියා වර්ගයක් ඇත.  ඒ ඒ කර්මාන්තයට  අදාල දේවල් මෙනවාද කියලා තීරණය කරන්නට.

ලංකාවේ තිබෙනවා නැව් හදන කර්මාන්තයක් බොහෝ අය දන්නේ නැත.  ජපාන් ආයෝජනයක් ඇති ක්ලම්බු ඩොක්යාඞ් එක  ඒ අය කුඩා නැව් හදලා  ඒවා පිටරටට යවනු ලබයි.  එය ඉන්දියාවට ද නැව් විකුණන සමාගමකි.  ඒ අය විශේෂ ඉල්ලීමක් කරලා තියෙනවා ඒ අ යට වෙනත් රට වලින් සේවකයෝ ගැනීමට  අවශ්‍ය බව.  ඒඅ යට ඉහළ මට්ටමේ  නාවික වාස්තු විද්‍යාඥයින් අවශ්‍යව ඇත. ඒ  සේවක හිගය පියවා ගැනීමට ඒ අය විසින්ම මේ ඉල්ලූම කෙරී ඇත. මේ අනුව පැහැදිළි වෙනවා සෑම කම්කරුවෙකුම පිටරටින් නොගෙන්වන බව මෙවැනි හුවමාරු මගින් මෙහි මානව ප‍්‍රාග්ධනය වර්ධනය වීමට ද එය හේතු වේ. මේ ආකාරයට ලෝකයට විවෘත නොවී ¥පත් මනසිකත්වයෙන් මිදෙන්නේ නැතිව රටක් සංවර්ධනය කළ නොහැක.

සාකච්චා  සටහන – මහින්ද රත්නායක

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *