ඩුබායිහිදී අත්අඩංගුවට පත් ඇමති සම්බන්ධීකරණ ලේකම් කව්ද? – මංගල විමර්ශනයක් ඉල්ලයි

ඩුබාහි දී අත්අඩංගුවට පත් මාකඳුරේ මධුෂ් නමැත්තා හා ඔහු සමග සිටි පිරිස අතර මුදල් හා ජනමාධ්‍ය ඇමැති වන තමාගේ ලේකම්වරයකු සිටින බවටත්, ඔහුට තමන් විසින් රාජ්‍යතාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රයක් ලබාදී ඇති බවටත්, පළ වූ වාර්තා මුළුමනින්ම සාවද්‍ය හා පදනම් විරහිත බවත් ඒ සම්බන්දව ඉක්මන් විමර්ශනයක් සිදුකර, සත්‍යය හෙළිකරන ලෙස ඉල්ලා මංගල සමරවීර මහතා විසින් පොලිස්පතිවරයාගෙක් ලිඛිත ඉල්ලීමක් සිදු කර ඇත.

එසේම ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී තේනුක විදානගමගේ හා ශ්‍රීලනිප මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා යන අය විසින් මේ සිදුවීමට තමන් සම්බන්ධ වන පරිදි අපහාසාත්මක ලෙසින් සිදු කළ ප්‍රකාශ සම්බන්ධව විශේෂ පරීක්ෂණයක් කරන ලෙස ද ඇමැතිවරයා විසින් ඉල්ලා ඇත.

මෙවැනි අභූත ප්‍රකාශ හරහා 30 වසරකට වැඩි තම පාර්ලිමේන්තු ජීවිතයේ කීර්ති නාමයට හිතාමතා හානි පැමිණවීමටත්, එසේම මේ රටේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ සැබෑ පුද්ගලයින් බේරාගැනීමත් මෙවන් ප්‍රකාශවල සැබෑ අරමුණ බවද එම ලිපියේ දක්වා ඇත.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *